19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර ඡන්දයෙන් සම්මතවීම ශ්‍රී ලාංකීය ජනතාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක් බවත්, එම ජයග්‍රහණය සඳහා වසර 37ක කාලයක් ගත වූ බවත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (28දා) පැවසීය.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ මහා සංඝරත්නය ප්රමුඛ සියලුම ආගමික නායකයන් වෙතත්, සියලු සක්‍රීය පුරවැසියන් වෙතත්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන වෙතත් මෙම ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියලු මන්ත්‍රීවරුන් සහ දේශපාලන පක්ෂ වෙතත් සිය ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපතිවරයා පැවසීය.
ජනාධිපතිවරණ අවස්ථා පහකදීම ඒ සඳහා තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් විධායක ජනාධිපති ධුරය ඉවත් කරන බවට පොරොන්දු වුවත් එය ප්‍රා‘යෝගිකව ක්‍රියාත්මක කරනු ලැබුවේ මේ අවස්ථාවේදී බවත් ඔහු පැවසීය.
වර්තමාන පුරවැසියන් මෙන්ම අනාගත උපදින දරුවන්ටද මෙහි ප්රතිලාභ හිමිවන බව ජනපතිවරයා වැඩිදුරටත් තම නිවේදනයෙන් සඳහන් කරයි.