19 හොඳ දේ අරගෙන 20 ගෙන එම රටේ අවශ්‍යතාවක්
ජනාධිපති බලතල සීමා කිරීම නිසා ඇතිවූ ගැටලු පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පැහැදිලිව දක්නට ලැබුණු බවත් ජනපති කියන දේ අගමැති නොකිරීමත් අගමැති කියන දේ ජනපති නොකිරීම නිසාත් පසුගිය ආණ්ඩු සමයේ රටට වූ විනාශය යළිත් අපි ළං කර නොගත යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පැවසුහ .
අනුනාහිමියෝ එසේ පවසා සිටියේ නිපුණතා සංවර්ධන ,ව්‍යාපෘති අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය අද (08) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය .
එහිදී අනුනායක හිමියෝ මෙසේද පැවසීය .
රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපතිවරයාට සීමා පැනවීම් වලින් තොරව තීන්දු තීරණ ගැනීමට බලයක් ශක්තියක් තිබිය යුතුයි . විධායක ජනාධිපතිධූරයට කෙනකු පත්වන්නේ රටේ සමස්ත ජනතාවගේ කැමැත්ත විමසමින් පවත්වන මැතිවරණයකින් පසුවයි. එසේ පත්වන ජනාධිපතිවරයාට රට වෙනුවෙන් තීන්දුවක් තීරණයක් ගැනීමට නොහැකි තත්වයක් දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මාණය කොට තිබුණා
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති යහපත් අංක රැකගනිමින් නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම රටේ අවශ්‍යතාවයක් බවත් දැනට පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවටත් පෙර පැවති කේවල ඡන්ද ක්‍රමය යළිත් හඳුන්වා දිය යුතු බවත් උන්වහන්සේ පැවසීය.
සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් දිස්ත්‍රික්කය පුරා ගොස් ඡන්දය ලබා ගෙන පාර්ලිමේන්තු ගිය පසු ජනතාව අමතක කර කොළඹට වී සිටින බවත් කොට්ඨාස ක්‍රමය යටතේ කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයකු පත්වන ක්‍රමයක් ක්‍රියාත්මක කළහොත් එම ක්‍රමයට නැවතීමේ තිත ලැබෙන බවත් විමලධම්ම නාහිමියෝ එහිදී වැඩිදුරටත් පැවසුහ.

popular news
-
Demuni Uduwara Tuesday, 08 September 2020 06:27 PM
Any nayaka hamuduruwane, did you go through proposed 20A? It's a personal agenda.
Reply : 0 0
Weera Tuesday, 08 September 2020 09:28 PM
Mun wage harak ammapa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

