19 වැනිදායින් පසුව වෛද්‍ය වර්ජනයක්
ගැටලු 06ක් මුල්කර ගනිමින් මේ මස 19 වැනිදායින් පසු ඕනෑම මොහොතක වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අදාළ ගැටලු විසඳීමට බලධාරීන්ට ලබාදුන් කාලය අවසන් බවත්, ගැටලු විසඳීමට බලධාරීන් උනන්දු නොවන නිසා අද (15දා) පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එසේම වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම නීතිගත නොකිරීම බාල ඖෂධ ලබාදීම නවතා දැමීමට කටයුතු නොකිරීම හා ඖෂධ හිඟයට විසඳුම් ලබා නොදීම ඇතුළු ගැටලු මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වැඩිදුරටත් පැවසීය.

popular news
-
Saththaya Friday, 16 August 2019 07:26 AM
බාල ඖෂධ ටිකවත් ගන්න නැහැනේ , ඒවා පුද්ගලික කඩේට ගෙනිහින් . අවම සුදුසුකම තියෙන්නේ කාටද ? සුදුසු කම් තියෙනවනම් , අඩුගානේ ලෙඩෙක්ගේ පහසුව තකා ඉස්පිරිතාලේ පිරිසිදු කමවත් ගැන බලන්න දන්නවද ? ICU එකට ඇතුළු වෙන්න තියෙන කබාය ඇන්දහම යන කෙනත් ලෙඩ හැදිලා මැරෙනවා . එච්චරම ප්‍රමිතියක් තියෙනවා මේ කට්ටියට . ළමා රෝග දොස්තරලා රෝගීන් බලන්න එන්නේ පැයක් විතර පරක්කු වෙලා . දින ගණනක් වයස තියෙන දරුවන්ටත් විසබීජ පැතිරෙනවා . හරි ෂෝක් ප්‍රමිතිය . ප්‍රමිතිය ගැන ලියන්න මෙතෙන ඉඩ මදි .
Reply : 0 0
Don Friday, 16 August 2019 08:51 AM
GMOA එකට ඉතින් වර්ජනම තමයි. ඉන්න ඕව ටක් ගාල විසදන්න ගෝට එනවා. ඒ ගොල්ලන්ගේ කාලේ තමයි SAITM ගැට ගහල තිබුනේ, දොස්තරලා නොයෙක් විධියේ සෙල්ලම් කරන්න පටන් ගත්තේ. mafia පටන් ගත්තේ.
Reply : 0 0
mama Friday, 16 August 2019 11:10 AM
අනේ මේ අයගේ මිනිසුන්ට තියෙන ආදරේ
Reply : 0 0
Mervyn Halpe Saturday, 17 August 2019 05:57 PM
නුසුදුසු පුද්ගලයන් දොස්තරල වෙලා, වෙදකම වෙනුවට වර්ජන කරනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

