16 දා පාර්ලිමේන්තුවට ආවේ පාර්ලිමේන්තු පොලීසියෙන් නෙමෙයි - විමල්
කථානායක කරු ජයසූරිය මහතා සමග 16 දා පාර්ලිමේන්තුවට පැමිණියේ පාර්ලිමේන්තු පොලීසියෙන් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය පවත් ඔහු ප්‍රකාශ කළේය.
“16දා පාර්ලිමේන්තුවට ආවේ පාර්ලිමේන්තු පොලීසියෙන් නොවෙයි. බාහිර පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන්ල්ලා පොලිස් නිල ඇඳුම අන්දවලා තිබෙනවා. කථානායකවරයා තම බලය අසීමාන්තිකව ඉක්මවා කටයුතු කරනවා. අපි මේ පිළිබඳව පරීක්ෂණක් ඉල්ලා සිටිනවා. එදා පැමිණි පොලිස් නිලධාරීන්ගේ අංකයක් පවා තිබුණේ නෑ.”

popular news
-
rocky Tuesday, 27 November 2018 07:06 PM
meya amu kala gini thiyana bhayaanaka kata waachaalayek!
Reply : 0 0
chathuri Tuesday, 27 November 2018 07:43 PM
එදා. අවේ. පොලිසියෙන්. නෙමේ පාස් පොට් කන්තෝරුවෙන් හොර. ලියකියවිලි හදාගෙන. රට. පනින. ,රටකරන. නුගතුන් අල්ලන්න. රනිල්ට. වදින්න. කලින්. බේරා ගත්තට. නුගත් කම. වැඩි නිසා. නේ. වාචාල. කමට. කියවන්නේ. පතෝලය කියපු එක. දැන්. සිරිසේනගේ. ඔඩොක්කුවේ. තව. තික. දවසයි. ඔය. ආදරේ මැතිවරණයේදී. ආසනයට වත්. නගින්න. දෙන. එකක්. නැහැ
Reply : 0 0
Don Tuesday, 27 November 2018 07:47 PM
එහෙනම් පුතෝ එහෙමෙහෙ යන්නේ, වාචාල කතාකරන්නේ නැතුව හොඳින් ඉඳපන් නැත්නම් උඹව කම්බස් කරාවි.පොලිස් මහත්තුරු නම් එහෙම ඒවා කරන්නේ නෑ.
Reply : 0 0
Dayan Tuesday, 27 November 2018 09:27 PM
මෙයාට පිස්සු.
Reply : 0 0
Champa Wednesday, 28 November 2018 04:36 AM
ඔය අංක නැතුව එන එක ගැන පැහැදිලි කරලා තිබුන පාර්ලිමේන්තු පොලීසියෙන්. කලින් වතාවක දිනේෂ් ගුණවර්ධන අයින් කරන්න පාර්ලිමේන්තු පොලිසිය ඇවිල්ල හිටපු පින්තූරෙකුත් දාල තිබුන ඒ news එකේ. ඒ ගොල්ලෝ ලඟත් අංක තහඩු තිබුනේ නැහැ. එහෙම කරන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් නම් කරලා පොලිසියට එයාව උස්සන් යන්න වුනොත් සහ මන්ත්‍රීවරයා දඟලන්න හැදුවොත් අංක තහඩු වෙලා පැටලිලා තුවාල වෙන්න පුළුවන් නිසා කියල පැහැදිලි කරලා තිබුන. එදා ආපු පොලිසියේ නිලධාරීන්ගේ ඉස්සරහ හිටපු අය අංක තහඩු නැතුව හිටය. මැද්දට වෙන්න මම දැක්ක අනිත් අය අංක තහඩු ඇඳන් හිටිය. අනේ විමල් ඔයාගේ තර්ක මේ තරම් ලාමක වුනේ කොහොමද? කථානායකතුමා පිටින් මිනිස්සු ගෙනල්ල පොලිස් ඇඳුම් අන්දවන් ආව?????? මුළු ලංකාවම දැක්ක වැඩේ. පුටු වලින් ගහත්දිත්, මිරිස් කුඩු ගහත්දිත් පොලිසිය ඒවාත් ඉවසගෙන කථානායකතුමාට ආරක්ෂාව දීපු එක ප්‍රසංශනීයයි. හරි නම් කථානායකතුමාගේ ජීවිතේ බේරුවට ඒ හැම පොලිස් නිලධාරියෙක්ටම උසස් වීමක් දෙන්න ඕනේ. එහෙම නොවුන නම් ලංකාවේ නමට මොන තරම් විශාල කැළලක් වෙන්න තිබ්බද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

