දිස්ත්‍රික්ක විස්සකට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසට ජලය ලබාදීම සඳහා බවුසර් හයසීයක් යොදවා තිබෙන බවත්, මේ සඳහා ජල ටැංකි පහළොස් දහසක් මේ වන විට ස්ථාපිත කර තිබෙන බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් මිලියන හැටක මුදලක් මුදාහැර තිබෙන බවත්, ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා අවශ්‍යවන සියලුම මුදල් කඩිනමින් මුදාහැරීම සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින්නේ නම් 117 දුරකථන අංකයට කතාකොට ඒ බව දැනුම් දෙන ලෙසද ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඉල්ලා සිටියේය.
