14 දා ස්ථාවර රජයකට මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුයි - කරු
පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැළසිය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.
අද පස්වරුවේ පැවැති පක්ෂ නායක හමුවේදී කථානායක කරු ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී රජයේ ස්ථාවරය වී ඇත්තේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයාගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දවසේ වැඩකටයුතු අවසන්කර එදිනට සභාව කල්තැබිය යුතු බවයි.
අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් දැරා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එදිනට නියමිත වැඩකටයුතුවලට අමතරව ස්ථාවර රජයක් පිළිබඳව බහුතරයේ මතය පාර්ලිමේන්තුව තුළ විමසා බැලිය යුතු බවයි.
දෙපාර්ශවයටම සවන්දුන් කථානායකවරයා ස්වකීය ස්ථාවරය ප්‍රකාශයට පත්කරමින් ඉහත අදහස් දක්වා තිබේ.

popular news
-
Champa Wednesday, 07 November 2018 07:49 PM
පැහැදිලිවම පෙන්නේ බහුතර මතය නැතුව ප්රජාතන්ත්ර විරෝධී ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී අත්තනෝමතික ඒකාධිපති පාලනයකට යනවා කියන එක. යන්න දෙන්න ඔහොම. මහජන චන්දෙකට එන්න එපාය කවද හරි. එදාට තේරෙයි.ඊළඟ මොන චන්දෙ ආවත් අනිත් පැත්තේ සන්ධානයක් උඩින්ම දිනනවා. ඒ විතර්ක නෙමෙයි ජනවාරි 2019 ජනාධිපතිවරනෙක්ට ගියොත් සහ ඒකාධිපති මෛත්‍රීව මහින්ද දැම්මොත්, රනිල් අනිත් පැත්තෙන් ඉල්ලුවොත් උඩින්ම දිනන්නේ රනිල්. ඊට පස්සේ රනිල් මෛත්‍රී කරපු විදිහටම මහින්දව අගමැති කමෙන් අයින් කරලා එයාගේ මිනිහෙක් දානව. ලෝකේ කිසි රටක් මේ විදිහට පාර්ලිමේන්තුවේ බලය අල්ලාගෙන නැහැ. මේකෙන් වෙන්නේ වෙන රටවල් ලංකාව පිළිගන්නේ නැති තත්වෙට යන එක. ලංකාවේ අපනයන ප්‍රතික්ෂේප කරන එක. ඉල්ලා ගෙන කන්නයි යන්නේ. මහින්ද 2015 පැරදුනාට වඩා ලොකු ගානකින් ඒකාධිපත්ය් මෛත්‍රී පරදිනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

