සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිති කරගෙන අප්‍රේල් 13 හා 14 දෙදින තුළ ඥාතීන්ට සිරකරුවන් හමුවීමේ අවස්ථාව සලකා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
එම දින දෙකේ පෙරවරු 8.30 සිට සවස 4.00 දක්වා සිරකරුවන් මුණගැසීමටයා හැකි බවත්, අවශ්‍ය නම් කැමති ආහාරයක් ගෙන ඒමටද අවසර ලබා දී තිබෙන බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.
ඒ අනුව දිවයිනේ සෑම බන්ධනාගාරයකම සිටින සිරකරුවන් නැරඹීමට සිය ඥාතීන්ට අවස්ථාව සලසා ඇතැයිද කොමසාරිස්වරයා සඳහන් කළේය.
සාමාන්‍ය දිනකදී සිරකරුවන් සමග විනාඩි 10ක් පමණ කතාබහ කිරීමට ඥතීන්ට අවස්ථාව ලැබුණද, අවුරුදු දින දෙකේදී විනාඩි 30ක කාලයක් ලබාදීමටද තීරණය කළ බව පල්ලේගම මහතා පවසා සිටියේය.
මේ අතර ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 26 වැනිදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ අවුරුදු උත්සවයක් සංවිධානය කර ඇති බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ බන්ධනාගාර කොමසාරිස් දෙපාර්තමේන්තුව එක්ව එය සංවිධානය කරන බවද හෙතෙම පවසා සිටියේය.