saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2484 hours ago

LATEST

පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් කමාන්ඩෝ සෙබලා රඳවාගෙන ප්‍රශ්න කරයි

calendar_today 2024 මාර් 04 - 19:29 remove_red_eye - 364  

මැදවච්චිය නගරයේදී අත් අඩංගුවට ගත් අධි බලැති පුපුරණත් ද්‍රව්‍ය තොගයක් බසයක රැගෙන යමින් සිටි කමාන්ඩෝ සෙබලාගෙන් පොලිසිය තුළ රදවා ප්‍රශ්න කිරීමට, මැදවච්චිය මහේත්‍රාත් අධිකරණය අද (03දා) දින මැදවච්චිය පොලිසියට අවසර ලබා දී ඇත.

සොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු නීතීවීරෝධී ආකාරයෙන් රඳවා තබාගෙන කෲර ලෙස පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණීය දණ්ඩණය අද (04) නියම කළේය.

Read More

රුපියල් කෝටි 20 ක් පමණ වටිනා කිලෝ ග්‍රෑම් 09 ක් බර ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපොළ සේවකයෙකු 03/04 දින පෙරවරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

2024 පෙබරවාරි මසට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රි ලංකා පිතිකරු පැතුම් නිශ්ශංක නිර්දේශ වී තිබේ.

Read More

රාජ්‍ය අංශයේ ආයතනයන්හි නිරන්තරයෙන් ඇති විය හැකි ආරවුල් වැලැක්වීමේ හා නිරාකරණය කිරීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

භික්ෂුවකට නොගැලපෙන ආකාරයට හැසිරෙන පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශවයෙන් නෙරපා හරින ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ගෙන් ඉල්ලීමක් සිදු කළහ.

Read More

වාරකන් සමය නිමාවිමෙන් පසු නිලාවේලි පරෙවි දුපත් ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයන් සදහා යලි විවෘත කිරිම ඊයේ (03දා) නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා අතින් නිල වශයෙන් සිදුවිය.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් බව කියන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

ප්‍රාදේශීය සංවර්ධන වෙනුවෙන් රුපියල් මිලියන 20,000ක මුදලක් ග්‍රාමීය ජනතාව වෙනුවෙන් මෙම වසර තුළදී ආයෝජනය කිරීමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

මේ දිනවල පවතින දැඩි සූර්ය රශ්මිය තවදුරටත් දැඩිව පවතින බවත් දිස්ත්‍රික්ක 4කට පමණක් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පෙන්වා දෙයි.

Read More

ආසියාවේ විශාලතම විල්ලු පද්ධතිය ලෙස සැලකෙන පොළොන්නරුව හදපාන්විල විල්ලූ ආශ්‍රිතව අක්කර සීයකින් යුත් භූමි ප්‍රමාණයක්, ප්‍රභූන් සිව් දෙනකුට ලබාදීමට සැලසුම් සකස් කරමින් සිටින බව ජල ගැලීම් ජාතික වනෝද්‍යානය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ආපසු ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබූ මිලි මීටර් 5.56 සජීවී පතුරමක් කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත 03/04 දින අලුයම භාර දී තිබේ .

Read More

මේ වසරේ ජනවාරි මාසය තුළ ශ්‍රි ලංකාවට විදේශ විනිමය ගලා ඒම් තුළ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබේ. ඒ අනුව සංචාරක ව්‍යාපාරය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 342ක ආදායමක් උපයා ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි මාසය හා සැසදීමේදී සියයට 122ක වර්ධනයකි.

Read More

ඉන්ධන මිල සුත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීම අනුව පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවත් එය අද දිනයේ දී සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Read More

රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් පවතින අස්ථාවක කිසිඳු පාර්ශවයකට නොදන්න මහ බැංකුවේ සේවයකයන් සිය වැටුප සියයට 70කින් පමණ වැඩි කිරීමට ගත් තීරණය නිසා මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා අද පැවැත්විමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මහ බැංකුවේ ඉහළ නිලධාරින් කැඳවා ඇතැයි වාර්තා වෙයි.

Read More

විදුලි ගාස්තු අඩු කිරීමට අදාළව විදුලිබලමණ්ඩල බලධාරීන් නිවැරදි ලෙස දත්ත ලබා නොදීම නිසා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ තීන්දුවක් ගැනීමට මහජන උපයෝගිතා කොමිසමට තවමත් නොහැකි වී තිබෙනබව එම කොමිසමේ සේවකයෝ සඳහන්කරති

Read More

සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කථානායකවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (04දා) පාර්ලිමේන්තුවට භාර දෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා 08ක් 2023 වර්ෂයේ පෙබරවාරි මස සිට ක්‍රියාවිරහිතව භාවිතයෙන් ඉවත් කොට තිබුණද, එම ගුවන්යානා සඳහා බදු කුලී ලෙස රුපියල් මිලියන 5,646.76ක මුදලක් ගුවන් සමාගම විසින් ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් මාර්තු 01වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබූ යාපනයේ සුතෙන්ද්‍රරාජා මෙවත් සාන්තන් නමැත්තා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී පසුගියදා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ දේහය සිය උපන්බිම වන යාපනයට රැගෙන එනු ලැබීය.

Read More

අ.පො.ස.සාමාන්‍ය පෙළ ,5 ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග දින නියමවීමත් සමග අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2024 වර්ෂයේ පාසල් වාර සටහන සංශෝධනය කර තිබේ.

Read More

කොළඹ 6 හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්ම්ල් මහතාගේ පුතෙකුඅත්අඩංගුවට ගැනීම සඳහා යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලීමත් සමගම සැකකරු පලා ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

Read More

භික්ෂු ශාසනයෙන් නෙරපා හැර ඇතිමීවනපලානේ සිරිධම්මාලංකාරනමින් පෙනී සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කරමින් උතුම් බුදු දහමට නිගා කරමින් ශාසන විනාශකාරී කටයුත්තක නියැලී සිටින සිරිසේන සපුතන්ත්‍රි නැමැත්තාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛයිනිකායික මහා නා හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක්.

Read More

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරමින් ජාතික වැඩසටහනක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ.

Read More

බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ හෙට (04) රහස් පාපොච්චාරණයක් කිරීමට නියමිතය.

Read More

අඩුම කාලයක් තුල පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර්තු 01දා සමත් වුහ.

Read More

ආර්ථිකය කඩා වැටුණ පසු ලෝකයේ කිසිම රටක් බලාපොරොත්තු වුණාට වඩා වේගයෙන් අපේ රටේ ආර්ථිකය නැවත ගොඩ ගත්තා.... මෙය ඉදිරියට ගෙන යාමට නම් ජනතා කැමැත්ත ලැබිය යුතුයි... සංවර්ධනයට රජය මුදල් වෙන් කර ඇත්තේ ගත් ණය වලින් හෝ මුදල් මුද්‍රණය කිරීමෙන් තොරවයි... සියළුම මුදල් රජයේ ප්‍රතිපාදනයි... නිදහසින් පසු 75 වසර තුළ රටේ භෞතික සංවර්ධනයේ සුවිශාල සංවර්ධනයක්.... එහි ගෞරවය පාලකයන්ට මෙන්ම සියලුම දේශපාලනඥයන්ටත් ලැබිය යුතුයි...

Read More

පොහොට්ටුව අපේක්ෂකයක් දානවනම් ඔහු රනිල්ට වඩා දක්ෂයෙක් විය යුතුයි.. බැසිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් උනොත් උදව් කරනවා... මේක නාමල්ගේ වෙලාව නෙමෙයි.. පොහොට්ටුව හැර වෙන පක්ෂයකින් ඉල්ලන්නේ නෑ....

Read More

බත් පැකට්ටුවක මිල රු. 25 කින්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රු. 50 කින්, තේ කෝප්පයක මිල රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට එම සංගමය කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.