saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2264 hours ago

LATEST

ආණ්ඩුව සමග ගිවිසුමකට ඒන්නැයි සජබට හා ජාජබට ජනපතිගෙන් ඇරයුම්

calendar_today 2024 මැයි 01 - 19:47 remove_red_eye - 432  

ජනතාව පිළිබඳව සිතා එක්ව වැඩ කිරීමට ආණ්ඩුව සමඟ ගිවිසුමකට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජන බලවේගයට හා සමගි ජන බලවේගයට ආරාධනා කළේය.

2019 කෝ ඉන් පෙර වෙනත් පක්ෂවලට ඡන්දය ලබා දුන් පිරිස් ජාතික ජන බලවේගය සමග එකතු වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

පක්ෂ හයක නියෝජිතයන් මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය

Read More

මෙවර මැයි දින සැමරුම වෙනුවෙන් ජාතික ජනබලවේගය ඇතුලු දේශපාලන පක්ෂ හා සංගම් එක්ව උතුරු පලාතේ ස්ථන කිහිපයක මැයි දිනය සමරනු ලැබීය.

Read More

නාමල් උයන ජාතියට දායාද කර වසර 33ක් සපිරීම නිමිති කරගෙන මෙම වැඩසටහන පැවැත්විණි. විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප,ලංකාදීප,අද,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර් හා විජය යන පුවත්පත්ද ඇගයීමට ලක්කෙරිණි.

Read More

ගාලු මෝදර පිටියේදී පිරිසකගේ පහර කෑමට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු රෝහල් ගත කළ බව කොටුව පොලිසිය කියයි.

Read More

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප (30) දින රාත්‍රියේ සිට රු 1700 දක්වා ඉහල දැමු බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.

Read More

නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවත් ඔහුට පක්ෂයේ සහාය ලබාදෙන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇත

Read More

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වතුකරයේ ජනතාවගේ ගැටළු තමා කිසිවිටෙකත් අමතක කර නොමැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

පොලිසිය පැමිණීමට පෙර එහි සිටි ආදි සිසුවකු තම බිරිඳ සමග පැමිණ තිබූ වෑන් රථය පණ ගන්වා පලායාමට සැරසී තිබේ. එහිදි ඔවුන්ගේ ගමන වැළැක්වීමට ඉදිරියට පැමිණි හෝටල් සේවකයෙකු හප්පා අනතුරකට ලක් කිරීම නිසා එම පුද්ගලයා බරපතළ තුවාල ලබා තිබේ.

Read More

2022 වසරේ අගෝස්තු මාසයෙන් පසුව වෙළඳ භාණ්ඩ අපනයෙන් උපයා ගත් වැඩිම ආදායම 2024 මාර්තු මාසයේදි වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

සියලුම ඉන්ධන මිල ගණන් ඊයේ (30දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරනු ලැබිණි.

Read More

පාස්කු ප්‍රහාරය ගැන කතා කරමින් තමා එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය දමන ලෙස ඉල්ලීම් කළේ යැයි පසුගියදා පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඇතැම් මන්ත්‍රීවරුන් විවිධාකාරයේ චෝදනා නඟමින් සිදු කළ ප්‍රකාශ ගැන කණගාටු වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව අද 01දා සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

Read More

ලෝක කම්කරු දිනය මූලික කර ගනිමින් ප්‍රධාන දේශපාලන පක්ෂ තම බල උරගා බැලීම සඳහා කොළඹ නගරය තුළ හා කොළඹින් පිටත ප්‍රදේශවල මැයි දින රැළි හා පෙළපාළි රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 100ට වැඩි පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබා දෙන ලෙස තමාට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

සියලුම ඉන්ධන වර්ග වල මිල ගණන් අඩු කිරිමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මේ අනුව ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.

Read More

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය.

Read More

හෙට පැවැත්වෙන මැයි රැළි සඳහා බස් රථ නිකුත් කරන්නේ මුදල් ගෙව්වොත් පමණක් බවත්, කිසිම ආයතනයකට හෝ සංවිධානයකට මුදල් ගෙවීමකින් තොරව බස්රථ නිකුත් නොකරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් තමා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇතැයිද හෙතෙම පැවසීය.

Read More

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පැවසීය.

Read More

සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විටිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්ද

Read More

ඉන්දුනීසියාව සමග වරණීය වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. එම වරණීය වෙළඳ ගිවිසුමට එළැඹීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා 2023/07/10 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

Read More

නිධානයක් හාරා ලබා ගත් මිල කළ නොහැකි අති දුර්ලභ වර්ගයේ ගජ මුතු 05 රුපියල් මිලියන 72 කට අලෙවි කිරීම ට සූදානම් වු පුද්ගලයන් 4 දෙනකු අත් අඩංගුවට ගත් බව ජාඇල පොලීසිය පවසයි.

Read More

මැයි දින රැළි හා පෙළපාලි ආවරණය කිරිමට ඩ්‍රෝන යානා භාවිත කරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබා ගත යුතු බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

ශ්‍රි ලංකාවේ ජනපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරිමේ අභිප්‍රාය අනුව මාර්තු මාසයේදි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා හිතකරත්ව සියයට 2කින් ඉහළ ගොස් තිබේ.

Read More

ඩුබායි රටට වී සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු එවන ලද කියන රුපියල් කෝටි දහ නවයකට ආසන්න වටිනාකමින් යුත් අයිස්, හෑෂ් හා හෙරොයින් කිලෝ 30 කට වැඩි පුමාණයක් සමග බියගම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් තරුණයාගේ තොරතුරු මත පැජරෝ රථයක් හා ස්කුටි වර්ගයේ යතුරු පැදි තුනක් බියගම පොලිසිය මගින් ඊයේ ( 29 වැනිදා ) පස්වරුවේ සොයා ගෙන ඇත..

Read More

මීට වසර 11කට පෙර රතුපස්වල ප්‍රදේශයේදී පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය 04/30 දින උදෑසන පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ .

Read More

අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.