saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 2135 hours ago

LATEST

චීන ආර්ථික වර්ධන පුරෝකථනය යළිත් ඉහළට

calendar_today 2024 මැයි 31 - 20:37 remove_red_eye - 221  

2024 හා 2025 වසරවල චීන ආර්ථික වර්ධන අනුපාත පිළිවෙළින් 5% ක් හා 4.5% ක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. පසුගිය අප්‍රේල් මාසයේ නිකුත් කෙරුණු ලෝක ආර්ථික අපේක්ෂා පිළිබඳ වාර්තාව හා සසඳන විට එය 0.4% ක වර්ධනයකි.

තවද මෙම නිලධාරි වරයාගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ වෙනත් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් මෙසේද පවසා ඇත. “මේජර් මුතාලිෆ් මහතා (2005) මැයි මාසයට ප්‍රථම මරා දමන බවට ද කොටි සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට තිබුණු අවස්ථාවලදී පවා ඔහු බියට පත් නොවී තම රාජකාරිය අකුරටම ඉටු කළ නියම රණවිරුවෙකි.”

Read More

තෙල්දෙණිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව දිගන, අඹකොටේ හා පොල් අක්කර තිහ ගම්මානවලට මායිම්ව පිහිටි වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබූ මෙම මල සිරුරු දෙක ප්‍රදේශවාසින්ට හමුවී ඇති අතර එම සිරුරු හඳුනාගැනීමට නොහැකි තරම් නරක්වී ඇත.

Read More

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතුයි එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා. ඉදිරි වසර 05 තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ව්‍යාප්ත කිරීම අරමුණයි. රටේ ආර්ථිකය රැක ගැනීමට නම් අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය විය යුතුයි. එදා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු කළ වැරැද්ද නැවත සිදු කරන්න එපා- ජනපති.

Read More

අපොස ‍උසස් පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ. https://www.doenets.lk/examresults යන සබඳිය ‍ඔස්සේ එම ප්‍රතිඵල ලබා ගැන‍‍ිමට අවස්ථාව තිබේ.

Read More

කොළොන්නාව පිරිපහදුව වෙත තෙල් ප්‍රවාහනය කෙරෙන දුම්රිය මාර්ගය බත්තරමුල්ල නගරය සමඟ සම්බන්ධ කොට දුම්රිය මගී ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්කිරීම ද සිදුකෙරෙයි. ප්‍රධාන පරිපාලන ආයතන රැසක් පිහිටා ඇති බත්තරමුල්ල නගරයට කඩිනමින් ළගා වීමේ හැකියාව ලැබෙන අතර කොළඹ තදබදයට ද මේ හරහා විසදුම් ලැබේ.

Read More

ඉකුත් 25දින පිටකොටුව බැස්ටියන් මාවත බස්නැවතුම්පලේ බස් රථයක් තුලදී විදේශීය ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමින් යුත් දේපල සහිත ගමන් බෑගයක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පිට කොටුව පොලිස් ස්ථානයට ලැබූ පැමිනිල්ලක් මත විමර්ශත ආරම්භ කර තිබිණි.

Read More

පූර්ණ ස්වාධීනත්වය හිමි පලස්තීන රාජ්‍යයක් ස්ථාපනය කිරීමට සහාය දෙන බව අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයට එක්වෙමින් චීන ජනපති කියයි.

Read More

’දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ යන තේමාව යටතේ එක්සත් ජනරජ පෙරමුණේ වාර්ෂික ජනරජ ජාතික මහා සමුළුව හෙට(01දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මෙරට ඛනිජ කර්මාන්තය ආශ්‍රිතව ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය භාවිතයේ මාෆියාවක් පවතින බවත්, ඒ අනුව එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව ඇති බවත් සමස්ත ලංකා ඛනිජ සම්පත් ව්‍යවසායකයන්ගේ සම්මේලනය අවධාරණය කළේය.

Read More

ආර්ථික කමිටු දෙක අතර විවාදය සහ නායකයන් දෙදෙනා අතර විවාදය පැවැත්වීමට දින එකවර තීරණය කරන ලෙස ජාතික ජන බලවේගයට යෝජනා කරන බවත්, ඒ අනුව සමගි ජන බලවේගය මෙම විවාද දෙකටම සූදානම් බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

දිවයිනේ සැලකිය යුතු පාසල් ප්‍රමාණයක දෛනිකව දරුවන් පාසල් පැමිණීම අඩු වීම වාර්තා වන බවත්, මේ නිසා රජය මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය විසඳුම් ලබා දිය යුතු බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන 31 හැවිරිදි ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා , කොළඹ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඩුබායි සිට අත් අඩංගුවට ගෙන 05/31 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

Read More

ශ්‍රී ලංකා තරුණයන් සිවු දෙනා ඉන්දියාවට යැවූ පුද්ගලයා, ISIS දිවුරුම දුන් දෙදෙනෙක්, ISIS ලාංඡනය සහිත කොඩිය රු.2000කට සෑදූ පුද්ගලයා හා මුදල් හුවමාරු කළ දෙදෙනෙක් ඒ අතර

Read More

සෙවනගල, සීනි කර්මාන්ත ශාලාවට නුදුරින් උක් වගාවක් ආවරණයට ගනිමින් ඉතා සූක්‍ෂමව දිගුකාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබු ගංජා පැල තවාන් 10ක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු අනුව උඩවලව විශේෂ කාර්ය බලකා සාමාජිකයින් එක්ව සිදු කරන ලද මෙම වැටලීමේදී උස අඩි 2-5ත් අතර ගංජා පැල 9100ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රිලංකාවේ බුද්ධි අංශ අයි එස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකරකම් පිළිබඳව විපරමින් සිටින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (30දා) දීඝවාපි පුදබිමේදී පැවසීය.

Read More

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර දෙකකින් දිර්ඝ කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය පිළිබඳ එළඹෙන සඳුදා(03දා) ප්‍රකාශයක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

Read More

මෙවර පොසොන් උත්සවයට මිහින්තලේ පන්සලට උදව් නොකරන මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකිවයුත්තන් සහ ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රකාශ කර ඇතත් මිහිඳු මහ රහතන් වහන්සේ සමරන ඒ උදාර පින්කමගිය වසරටත් වඩා මේ වසරේදී සාර්ථකව සිදු කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබියදීත් ඒ මහතා එම ධුරයේ කටයුතු කිරීමෙන් අධිකරණයට අපහාසයක් කළ බව සඳහන් කරමින් මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ජූලි 10 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු පැහැදිලි කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට නියම කරමින් අභියාචනාධිකරණය අද (30දා) නොතීසි නිකුත් කළේය.

Read More

ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යයන කටයුතුවලට වඩා විෂය අධ්‍යාපන බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වල වැඩි වශයෙන් නිරත කරවිය යුතු බවත් එහි දී ක්‍රිකට් ක්‍රීඩාව වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් දරුවන් තුළ සමබර පෞරුෂයක් ගොඩනැගෙන අතර එමගින් තුලනාත්මක හැකියාවන් සහිත දරුවකු බිහි කරගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ චම්පිකා එක්ස්පෝර්ට් විදේශ රැකියා ආයතනයේ හිමිකරු හා එහි කළමනාකරු ජූනි මස 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඊට අදාළ නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (5/30) යළි කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකරන ලදී.

Read More

“කිසිදු මැතිවරණයකට අපේ භයක් නෑ, බොහෝම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ පැවැත්විය යුතු නියමිත දිනයට නියමිත මැතිවරණ එලෙසින්ම පවත්වන බවට සහතිකයක් අතිගරු ජනාධිපතිතුමන් විසින් රටට ලබා දීලා තියෙනවා” යැයි ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

කැළණිවැලි තේ වතු සමාගමට අයත් සියළුම තේ වතු වල නිෂ්පාදනය කරනු ලබන නිමි තේ කොළ තේ වෙන්දේසිය සදහා රැගෙන යාමට ඉඩ ලබා නොදෙන ලෙස ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

දිවයින පුරා පවතින දැඩි අයහපත් කාලගුණයත් සමග එලවළු වගාවන් විනාශ විම හේතුවෙන් ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලබාදිමට නොහැකි විම මත එලවළු මිල සීඝ්‍රෙයන් ඉහල ගොස් ඇති බවත්, පවතින තත්ත්වය මත එලවළු හිගයක් ඇතිවිමේ අවධානමක් ඇති බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නිලධාරින් පැවසිය.

Read More

මහජනතාව කිසිසේත් කලබල නොවිය යුතුයි. ලංකා ඉතිහාසයේ ලැබෙන ඓතිහාසික ජනවරමක් බවට මෙවර රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබෙන බව ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ මතක තබා ගත යුතුයි. දේශපාලන පක්ෂවලට හසුවූ මහජනතාව එතැනින් දැන් ඉවත් වෙමින් තිබෙනවා. ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් සිටිනවා. මේ ගැන රටේ සමස්ථ මහජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතුයි කියා මා මතක් කර සිටිනවා.

Read More

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජූනි 4 ... ‘අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජූනි 5... ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූනි 6...

Read More

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානා හිමියන්ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අඩු ආදායම් ලාබි පවුල් 500 ක් සඳහා වියළි ආහාර මල්ලක් ලබාදීමේ වැඩසටහනක් අද (30දින) මල්වතු මහා විහාරයේදී පැවැත්විණි.

Read More

චීන රජයේ ආධාර මත උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වු පරිපූර්ණ ඇස්තමේන්තු යුවාන් මිලියන 229 ක මුදල වෙනුවෙන් මුල්‍ය ගිවිසුමට අත්සන් තැබීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක Tang Yandi යන මහත්වරුන් අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි.

Read More

මාතලේ නගරයේ මංදණ්ඩාවෙල ප්‍රදේශයේ ආපන ශාලාවක් පරීක්ෂා කිරීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එම වෙළෙඳ සැලේ හිමිකරු විසින් රාජකාරියට බාධා කොට පහරදීමෙන් නිලධාරියා තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව මාතලේ පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.