saravita-anim2

2025 ජුනි මස 23 වන සඳුදා

2025 ජුනි මස 23 වන සඳුදා

Latest News - timelapse 1989 hours ago

LATEST

ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්

calendar_today 2024 මාර් 24 - 15:28 remove_red_eye - 1412  

දිවයිනේ 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දරුවන්ට

අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස්මත්ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දෙමටගොඩ බේස්ලයින් පාර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

අපරාධ මර්ධනය කිරීමේ අරමුණින් ගිනි අවි සහ ඒවා ළඟ තබාගන්නන් අත් අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරු ලබාදෙන්නන්ට අප්‍රේල් 20 දක්වා ක්‍රියාත්මක වන පරිදි වටිනා මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත.

Read More

ඉදිරියේ දී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක් ද යන්න තීන්දුව වර්තමාන ජනාධිපතිවරයා සතු බවත් ජනාධිපතිවරයාට වාසිදායකයැයි කියන ඡන්දයත් පැවැත්වීමට හැකි බවද මෙම ප්‍රශ්නයට පිළිතුර දිය යුත්තේ වර්තමාන ජනපතිවරයා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව හා නුවරඑළිය දිස්ත්‍රික්කවත් හෙට දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව පවසයි.

Read More

රුසියාවේ මොස්කව් නුවර රඟහලකට එල්ල වූ අයි.එස්.අයි.එස්. ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් සිටි සාප්පු මධ්‍යස්ථායේදී සිවිල් වැසියන්ගේ ජීවිත හානි හා තුවාල සිදු කරමින් සිදු වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

රුසියාවේ මොස්කව් නගරයේ රංග ශාලාවකට කඩා වැඳුණු ත්‍රස්ත කල්ලියක් විසින් අද (23) අලුයම වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

Read More

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත්, දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ‌ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කරන විට තරගයේ ‌වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Read More

මම දන්නවා කවුද කළේ කියලා. අධිකරණය යම් කිසි ඉල්ලීමක් කළොත් නැත්නම් නියෝගයක් කළොත් ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න. මම දන්නවා මේ පාස්කු ප්‍රහාරය කවුද කළේ කියලා. අනිත කාරණය තමයි ප්‍රධාන වශයෙන්ම එය රහසිගතව තබා ගැනීම විනිසුරුවරුන්ගෙත් වගකීමක් වෙනවා

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස දෙකකට ආසන්න කාලයක් පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් (22) දින පස්වරුවේ කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත විය.

Read More

දණ්ඩනීති සංග්‍රහයේ 19 පරිච්ඡේදයට ගෙන ඒමට නියමිත සංශෝධන වහා අත්හිටුවන්න - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලයි.

Read More

හෙට දිනයේදී (2024 .03 .23) දිවයිනේ බොහෝ ප්‍රදේශ සඳහා වැසි ලැබෙනු අතැයි කාලගුණ විද්‍ය දෙපාර්ථමේනතුව දැනුම්දී සිටියි.

Read More

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් අතර, එයට සමගාමීව සංවිධානාත්මක අපරාධ කරුවන් මර්ධනය කිරීම සඳහා විෂේශ මෙහෙයුමක් 2024.03.19 දින සිට පොලීසිය විසින් ක්‍රියාත්මක කොට ඇත.

Read More

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය.

Read More

දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන මගින් ලිංගික සේවනයේ යෙදිය හැකි ගැහැණු දරුවන්ගේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට හා පිරිමි වරදකරුවෙකුගේ වයස අවුරුදු 22 අඩුනම් දඩුවම් ලිහිලි කිරීම පිළිබද යෝජනාවක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශය අධිකරණ අමැතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද අවධාරණය කළේය.

Read More

විදේශගතව සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ අමල් සාමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන ’’රත්මලාන රෝසා ’’නමැත්තා’’ ලක්ෂ 10 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් ක්‍රියාවට නංවන්නැයි යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන විස්තිර්ණ මූල්‍ය පහසුකමට අදාළව දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දකුණු කොරියාවේ ඉන්චියොන් ( Incheon ) වෙත මානව සම්පත් සංවර්ධන සේවයට ඉකුත් 03/19 දින රාත්‍රී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් යොමු කිරීමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු , එම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා එම ගුවන් ගමන ප්‍රමාද කිරීමකට ලක් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිදු වු බව එම ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය මගින් 03/21 දින පස්වරුවේ නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වේ .

Read More

එමගින් අනාගතයේදී කිසිදු අවස්ථාවක ඊට නවාංග ඇතුළු කර පෙරහර විකෘති කිරීමට නොහැකි වනු ඇති බවද ඒ මහතා පැවසීය .

Read More

වෙනස්කම් සහ එකඟ නොවීම් ඔස්සේ ඕස්ට්‍රේලියානු-චීන සබඳතා නිර්වචනය නොකළ යුතු බවත්, දෙරටම හැකිතාක් දුරට පොදු අවශ්‍යතා ගවේෂණය කළ යුතු බවත් ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මහතා කියාසිටී. කැන්බරා නුවර සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වං යී මහතා සමග ඊයේ (20) පැවති හමුවේ දී ඔහු මේ බව කියාසිටියේය.

Read More

කතානායක මහින්ද යාපා අබේවර්ධනමහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ඡන්ද වීමසීමේදී

Read More

පාතාලය මර්ධනය කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විශේෂ කණ්ඩායම් ආරම්භක දෙදින තුළ පාතාල සාමාජිකයන් 17 කු ඇතුළු 27 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය

Read More

ක්‍රීඩා දක්ෂතා සහිත ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලද ක්‍රීඩා පාසල් 22 ක් පසුගිය පස් වසර තුළ ක්‍රියාත්මක වී නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

සැකකරු තවත් පුද්ගලයෙකුට හෙරොයින් මත්කුඩු තොගයක් ලබාදීමට යාමේදී මතුගම සොල්දරකඩේ ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම් සදහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More

මේ වසර අවසානය වන විට ගුවන් මගීන් මිලියන 10ක පමණ පිරිසක් ගුවන්තොටුපළ භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.