රටේම විදුලි බිඳ වැටීමට හේතුව වුණේ ඉංජිනේරු වඳුරෙක්? - සී.අයි.ඩී.යට පැමිණිල්ලක්
දිවයින පුරා පසුගිය ඉරිදා (09) වැනිදා විදුලි බිඳ වැටීමට පැලවත්තේ පිහිට පද්දති පාලන මධ්‍යස්තානයේ සිටි ඉංජිනේරුවන් 03දෙනා එම අවස්ථාවේ සේවයේ නොසිටීම හේතුවෙන් බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13දා) විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එහිදී එම සංගමයේ ජාතික ලේකම් සංජීය ධම්මික මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.
“මේක කරලා තියෙන්නේ කකුල් හතරේ වඳුරෙක් නෙවෙයි. ඉංජිනේරු වඳුරෝ කරපු වැඩක්. අපිට තොරතුරු ලැබුණා මේ සිද්ධිය වුණු මොහොතේ ශිෆ්ට් එකට වැඩ කරන ඉංජිනේරුවෝ 03 දෙනෙක් ඉන්න ඕනී පැලවත්තේ මධ්‍යස්ථානය තුළ. මේ වෙලාවේ ඉංජිනේරුවන් 03 දෙනාම ඉදලා නෑ කියලා අපිට තොරතුරක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවා. මේක ජාතික අපරාධයක්. අපි තොරතුරු දුන්නා. මේකේ සී.සී.ටී.වී දර්ශන තියෙනවා. ඒ නිසා ඉංජිනේරු වඳුරා හොයලා වහාම දඬුවම් දෙන්න. ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
