saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 1899 hours ago

LATEST

විදෙස්ගමන් වල සියලු තොරතුරු දමා හරීන්ගෙන් අනුරට ලිපියක්

calendar_today 2024 ජුලි 25 - 19:56 remove_red_eye - 839  

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාරගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය හෙළි කරන ලෙස සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු ලබාදී තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා නියමය පලකරන දිනය,නාම යෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ චන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම්දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට( 26) දින ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.

Read More

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් මාස 08ක පමණ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ රඳවා සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (25) නියම කළාය.

Read More

“දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීමට ජනපති ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දූෂණ විරෝධි පනත පූර්ණ වශයෙන් බලාත්මක කෙරේ. 2025 – 2029 සඳහා ජාතික දූෂණ විරෝධි සැලැස්මක්. විගණකාධිපති බලතල තවත් ඉහළට. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ බලතලත් වැඩි වෙයි. රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කෙරේ

Read More

වැලිකන්ද කන්දකාඩු යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කල සාමාන්‍ය සෙබළෙකු 25 වෙනිදා පෙරවරුවේ එම කඳවුරේ ගොඩනැගිල්ලක් තුළ ගෙල වැළලාගෙන මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

“නීතිඥයන්ට පාතාලයෙන් කෝටි ගණන් මුදල්.පාතාලය ජය ගනී,නීතිඥයින් පාතාලයේ කොන්ත්‍රාත්තුව ඉටු කරයි.අහිංසක අපට කාගේ පිහිටක්ද ? මාතර අපි ඔබ සමගයි” යන වැකි එම පෝස්ටර් වල සදහන් කර තිබුණි.

Read More

ආගමන හා විගමන දෙපාර්​තමේන්තු​වේ අංක: JC 23, පිටරවුම් පාර, වවුනියාව, යන ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය 2024 අගෝස්තු මස 16 වන සිකුරාදා දින ගාමිණි විදුහල ඉදිරිපිට, මන්නාරම පාර, වවුනියාව යන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට නියමිතය.

Read More

ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට නම් කළ සංචිතයේ සිටි නුවන් තුෂාර ආබාධයක් හේතුවෙන් එම තරගාවලියට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනෙකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සම්බන්ධයෙන් ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26දා) දින් සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ලංකා සතොස හරහා අලෙවිකරණ භාණ්ඩ වර්ග 9ක මිල අඩු කිරිම කටයුතු කර තිබේ. මෙම අඩුකළ මිල ගණන් අද සිට ක්‍රියාත්මක වෙයි.

Read More

පොලිස්පතිවරයා ඉවත් කිරීමෙන් වැඩිපුරම සතුටු වුනේ පාතාලය... වතු කම්කරු පඩි වැඩිවීම සම්බන්ධයෙන් කතා නොකර පොලිස්පති ඉවත් කිරීමට පක්ෂව කතා කිරීමෙන් විපක්ෂයේ සැබෑ උවමනාව පැහැදිලියි..

Read More

ත්‍රිකුණාමලය,කෝණේස්වරන් මුහුදේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ගිය නාවික හමුදා මුර යාත්‍රාවක සිටි නාවික භටයකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව ඊයේ (24) පැමිණිල්ලක් කළ බව ත්‍රිකුණාමල වරාය පොලීසිය කියයි.

Read More

කැනඩා කොන්කෝඩියා සරසවියෙ ගණීත අංශයේ දර්ශණපති පශ්චාත් උපාධිය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුවිය දරුණු පිළිකාවකින් බැට කමින් සිටියදී මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතින් පවසයි.

Read More

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (24දා) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා 07/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

Read More

එළැඹෙන ජනපතිවරණය සඳහා තමන්ද අපේක්ෂකයෙක් ලෙස එක්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සිය X ගිනුමෙන් නිල නිවේදනයක් කරමින් ඔහු මේ බව පවසයි.

Read More

2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ වියදම් ලෙස රු.655,096,226ක් මැතිවරණ කොමිසන් සභාව විසින් වැය කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ජූලි මස 22 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

මේ වසරට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන රුපියල් බිලියන විස්සක මුදලින් තවමත් වියදම් කර තිබෙන්නේ රුපියල් බිලියන හයක මුදලක් පමණක් බවත් මේ වන විට ඖෂධ තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක හිඟයක් නිර්මාණය වෙමින් තිබෙන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ඉකුත් දා පැවති අ.පො.සසාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වන නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ගුරු විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ට ඇති වී තිබෙන ගැටලුවලට ලබන මස 02වන දින වන විට විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට කටයුතු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

වත්මන් කෘෂි නවීකරණ වැඩපිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනීමට නොහැකියි – කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර

Read More

ඒ වෙනුවෙන් වූ ආර්ථික පරිවර්තනය ඉදිරි වසර 10 තුළ ක්‍රියාවට නංවනවා. නව තාක්ෂණයට ගැලපෙන ආකාරයට අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් – ජනපති ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වන සංවත්සර උත්සවයේ දී පවසයි.

Read More

උප්පැන්න සහතිකයේ නම වෙනස් කරදීමට සහ නිවාස සංවර්ධන අධිකාරියේ පෝරමයක් පුරවාදීමට රුපියල් 50,000ක් වටිනා මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා පසුව රුපියල් 40,000කඅල්ලසක් ලබා ගත්තේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 15 මාදම්පිටිය ග්‍රාම නිලධාරීවරයා ලබන 06වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24දා) නියම කළේය.

Read More

සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම සදහා පියා විසින් පානදුර නගරයට ඇරලවා ගිය තරුණයකු දුම්රියක ගැටී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ නීතිමය තත්ත්වය පිළිබඳව තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී තම මතය ප්‍රකාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

තේ සහ රබර් වතුකම්කරුවන්ගේ දෛනික අවම වැටුප 1,700ක් බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

Read More

ගුවන්තොටුපොල ආශ්‍රිතව පිහිටුවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ හිටපු අමාත්‍යවරුන් පිරිසක් එම ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.