saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 11646 hours ago

LATEST

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ

calendar_today 2019 ජන 16 - 22:45 remove_red_eye - 585  

ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ රාජගිරිය ඔබේසේකරපුර, අරුණෝදය මාවත, සුබෝධි විහාරයේ පැවති පාසල් නිල ඇදුම් සහ පාසල් උපකරණ ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

පෙට්ට්‍රල් ලීටර් 6500 සහිත ඉන්ධන බවුසරයක් ගල්කුලම ඉන්ධන පිරවුම් හලේ භූගත ටැංකි සදහා ඉන්ධන පොම්පකරමින් සිටියදී හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම බවුසරය හා ඉන්ධන පිරවුම් හල මුළුමනින්ම දැවී විනාශයට පත්වූ අතර සිදුවීමට ගිය මහා විනාශයක් වලක්වා ගැනීමට අනුරාධපුර මහනගර සභා නාගරික ගිනි නිවන ඒකකයේ නිලධාරින් අද (16දා) සමත් වූහ.

Read More

මැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් හොඳම තීන්දුවක් වශයෙන් ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්කිරීම හැඳින්විය හැකි බව යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමල හිමි පවසයි.

Read More

දිවුල් පර්යේෂණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව දිවුල් ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබෙන බවත්, මේ අනුව ලංකාව තුළ පවතින දිවුල් ප්‍ර‘භේද ප්‍රමාණය එකසිය හැත්තෑ හයක් (176) දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික කෘෂි තොතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට (17දා) උදෑසන 9.00 ට ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ආණමඩුව කොට්ටුකච්චිය කටුව අතුරු මාර්ගයක් හරහා ( 16 ) දින අළුයම රැකියාව සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට වනඅලියකු එල්ල කර ප්‍රහාරයකින් බේරි ඇත්තේ හාස්කමකින් බව පුත්තලම අලි පාලන ඒකකය පවසයි.

Read More

ආරක්ෂක අංශ සමාජිකයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් යුධ සමයේදී අනුරාධපුර පිහිටි ගුවන් හමුදා මූලික කදවුරට ගුවනින් හා ගොඩබිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධවූ එල්.ටී.ටී.ඊ.ත්ර ස්ත සංවිධානයේ හිටපු කොටි සාමාජිකයන් දෙදෙනෙකු, චෝදනා දෙකට වරද පිළිගැනීමෙන් අනුව දෙදෙනාට වෙන් වෙන් වශයෙන් වසර දහයක සිරදඩුවමක් උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (16දා) නියම කළේය.

Read More

අමිත් මධුරංග නැත්ත වෙනුවට ඇත්ත කෘතිය සම්බන්ධව කොළඹ වාණිජ මහාධිකරණය ලබාදන් තින්දුවට එරෙහිව ඉහළ අධිකරණයට යන බව ජාතික නිදහස් පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (16දා) පැවසීය.

Read More

වට්ටක්කා මිල විශාල ලෙස පහළ යෑම නිසා අසරණභාවයට පත්නොවී ජනතාව සුරක්ෂිත කර ගැනීම සඳහා කිලෝවක් රුපියල් 30ක මුදලකට වට්ටක්කා මිලදී ගැනීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ වෛද්‍ය පීඨය විවෘත කිරීම දේශපාලනඥයින් සම්බන්ධට කර ගැනීමට විරෝධය පළකරමින් එම විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (16) දහවල් පැයක කාලයක් බළන්ගොඩ පඹහින්නේ පිහිටි විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

Read More

පිලිපීනයේ පස් දින නිල සංචාරයක් සඳහා එක්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා අතර අතර හමුව එරට මැලකැනැන් මන්දිරයේදි සිදුව තිබේ.

Read More

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.

Read More

නාමල් කුමාර මහතා විසින් හෙළි කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සිදුවිම පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවිම සිදුකර තිබේ.

Read More

ලොව ලාබාලතම සංචාරකයා ලෙසින් නම් දරා සිටින ස්පාඤ්ඤ ජාතික ඔස්කාර් හෙරෝරෝ රෙකුවානා මහතා ඊයේ (15) ශ්‍රි ලංකා සංචාරයක් සඳහා පැමිණියේය .

Read More

ඒකල ගුවන් නගරය, තාක්ෂණ නගරය හෝමාගම, පරිපාලන නගරය බත්තරමුල්ලේ, ප්‍රවර්ධන නගරය කෙරවලපිටිය ප්‍රදේශයේ, බේරේ වැව අවට වාණිජ නගරයත් එක්ක අපි බලාපොරොත්තුවෙනවා කොල්ලුපිටියෙ සිට දෙහිවල දක්වා තවත් වෙරළ නගරයක් ඉදිකරන්න.

Read More

උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යධුරය ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන වශයෙන් වෙනස් වන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.

Read More

මට එහෙම ඔළුවේ අමාරුවක් නෑ. සංගක්කාරටත් එහෙම අසනීපයක් නෑ. සංගක්කාර මහත්තයා ක්‍රිකට් ගහයි. එයා එන එකක් නෑ ජනාධපතිලව පත් කරන්න ලංකාවේ.

Read More

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ හටගත් ගංවතුර ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කිරීමක් පසුගියදා රත්නපුර දිස්ත්රිනක් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චි දිස්ත්‍රික්කයේ කන්ඩාවලයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් (ඉඩම් මැනීම, උසස් තාක්ෂණික රථවාහන කළමණාකරණය, පළාත් මාර්ග සංවර්ධනය) වෙනුවෙන් ඇමෙරිකාවේ සහස්‍ර අභියෝගතා සංස්ථාව විසින් ලබාදිමට නියමිතව තිබූ මුදල් ප්‍රධානය ඉතාමත් ඉක්මනින්ම නැවත ලබාගැනීට හැකිවෙනු ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

Read More

කොළඹ වරාය නගරය ඉදිකිරිම සඳහා මුහුද ගොඩ කිරිමේ කටයුතු අද (16දා) නිල වශයෙන් අවසන් විය. චීනය විසින් මෙහි ගොඩ කිරිම් කටයුතු සිදුකරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමර් සංගක්කාර, මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යන හෝටල් ජාලයක් වන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් හෝටලයේ ශාඛාවක් පිලිපීනයේ මැනිලා නුවර විවෘත කර තිබේ.

Read More

ලියාපදිංචි නොකළ වෛද්‍ය මධ්‍යස්ථාකයක් තුළ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්පෙති හා කරල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

මන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුළුල් කිරීමෙන් පසුව සිදු කරන ලද කැනීම් වලදී අද (16) වනවිට සිරුරු 300 ක් හමු වී ඇති බවට කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිවුදින නිල පිලිපීන සංචාරය ආරම්භ කරමින් මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ රාත්‍රියේ එරටට ළගා විය.

Read More

2018 වසර තුළදී අලුතින් වාහන 480,799ක් ලියාපදිංචි කර තිබේ.මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රටතුළ වාහන 7,727,921ක් ලියාපදිංචි වී ඇත.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් සහාය දැක්වීමට ජාත්‍යන්ර මූල්‍ය අරමුදල සූදානම්,

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් හා පැවැති සාකච්ඡා සාර්ථක බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි

Read More

දුම්රිය ස්ථානයක ඉදිරිපිට සිටි අනතුරකට පත් සුනඛයෙකු දැක, තරුණ විදේශීය යුවලක්, ඔවුන් යෑමට පැමිණි ගමන පමා කොට එම සත්ත්වයා සත්ත්ව රෝහලක් වෙත රැගෙන යන තෙක් පැය හතකුත්, විනාඩි විස්සක කාලයක් එහි රැඳී සිටීමේ සිදුවීමක් ඊයේ (15දා) වාර්තා විය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්වුවද, ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් මෙතෙක් තම නිල නිවාස හා වාහන රජයට භාරදී නොමැති බව ’අද’ පුවත්පතට වාර්තාවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.