saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1610 hours ago

LATEST

ඡන්දය දෙන්න සියලුම රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට නිවාඩු දෙන්න

calendar_today 2024 සැප් 19 - 21:47 remove_red_eye - 529  

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව රත්නායක මහතා පැවසුවේය.

ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබූ නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල අද (19දා) මධ්‍යම රාත්‍රී වන විට ඉවත් කර තිබිය යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Read More

අද (19දා) සහ ඊයේ (18දා) රාත්‍රී කාලයේදී සිදුවූ වෙඩි තැබීම් සිද්ධීන් හතර සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සම්බන්ධතා මත හා පෞද්ගලිකව ඔවුන් අතර ඇති වූ ගැටුම් මත සිදුවූ බව නිරීක්ෂණය වන්නේ යැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. මෙම සිද්ධීන් දේශපාලන පසුබිමක් හෝ දේශපාලන ක්‍රියාකාරකම් මත සිදු නොවූ බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

Read More

පුත්තලම තිල්අඩිය ප්‍රදේශයෙ වෙළද සැලක තිබියදි 19 දින උදෑසන හමුවු නිළ ජන්ද පත්‍රිකා 147 සංඛාව පිලිබදව ඉහල තැපැල් නිළධාරීන්ගේ උපදෙස් මත පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ්..අමිර් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක්. 2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි.

Read More

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

Read More

බාල බෙහෙත් ජාවාරමේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට අයත් කොළඹ ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයක පිහිටි සුඛෝපභෝගී නිවාස දෙකක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (19) නියම කළේය.

Read More

ජනාධිපතිවරණය පැවැත්වෙන දින (21දා) සහ ඊට පසු දින (22දා) දිවයින පුරා මත්පැන්හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් ඊයේ (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

Read More

හම්බන්තොට මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී සේවයට වාර්තා නොකිරීම නිසා සේවය අතහැර ගියා සේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ආගිය අතක් නැති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වීරවිල පොලීසිය සඳහන් කරයි.

Read More

නිමාවට පත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර යේ ප්‍රශ්න තුනක් කලින් පිටවි ඇතැයි කියන සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කල බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. එසේම මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවද වෙනමම පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

රස්නායකපුර පොලිස් වසමේ නම්මුවාව ප්‍රදේශයේදී ව්‍යාපාරික ස්ථානයක් තුල වෙඩි තැබීමකින් 19 දා අලුයම එහි ව්‍යාපාරිකයා මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි .

Read More

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉකුත් මස 17 දා සිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කෙරුණු අද දින දක්වා නීති විරෝධී ලෙස ප්‍රදර්ශනය කෙරුණු පෝස්ටර් 668,676 ක් පොලීසිය මගින් ඉවත් කර එවැනි තවත් පෝස්ටර් 219,203 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් 19 වෙනිද පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසයි.

Read More

දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකුට යතුරු පැදියකින් සම්පූර්ණ හිස්වැසුම් පැලද පැමිණි පුද්ගලයින් දෙදෙනකු ඉකුත් 18.රාත්‍රි 10.45 ත් 11.00 අතර කාලයේ වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන විස්තීරණ ණය පහසුකමට අදාළ ඊළඟ වාරිකය වෙනුවෙන් මුදල් ලබාදීමට අදාල සමාලෝන කටයුතු වෙනුවෙන් තවත් සති දෙකකින් එම අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණීමට නියමිත බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද(19දා) තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

Read More

බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අද (19) හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (18) නියම කළේය.

Read More

සැප්තැම්බර් 21 දා පැවැත්විමට නියමිත ජනපතිවරණයේ රාජකාරී වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට හෙට (20දා) නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ජනධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයන්ගෙන් 97% කට වැඩි ප්‍රමාණයකට බෙදා දී අවසන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

Read More

බස් රථ සේවකයන් ඡන්දය සලකුණු කිරීම සඳහා සැලකිය යුතු පිරිසක් 21 වැනි දින නිවාඩු ලබා ගැනීමට නියමිතව තිබෙන බවත්, මේ නිසා එදින බස් රථ ගමනා ගමනයට බාධා සිදුවිය හැකි බවත් ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

Read More

මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63000කට අධික ප්‍රමාණයක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 2500ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් 12000ක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

Read More

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතාට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් සහ අක්කර 05ක් විශාල ඉඩම් දෙකක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (18දා) නියම කළේය.

Read More

මීට වසර දෙකකට පෙර ජනතාව භාරදුන් වගකීම නිසි ලෙස ඉටු කළා “පුළුවන් ශ්‍රී ලංකා” කියා එදා කිව්වේ ආර්ථික අභියෝගයට මුහුණ දීමටයි : අද “පුළුවන් ශ්‍රී ලංකා” කියා කියන්නේ රට දියුණු කිරීමටයි රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් තෝරා ගැනීමේ වගකීම ජනතාව සතුයි සජිත්ට හා අනුරට රට දියුණු කිරීමේ සැලසුම් තිබුණා නම් මීට වසර දෙකකට පෙර රට භාර නොගත්තේ ඇයි? රටේ ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බව ප්‍රසිද්ධියේ පැවසුවේ සජිත් සමඟ සිටින කණ්ඩායමයි

Read More

මෙරට ජනතාව සියවස් ගණනක් අපේක්ෂා කළ දේශපාලන පරිවර්තනය 21වැනිදා සිදුවන බවත්, එය මෙරට දේශපාලනයේ යුග පෙරළියක් බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ශ්‍රී ලංකාව පොහොසත් රටක් කිරීමේ වැඩපිළිවෙල ජාතික ජනබලවේගය සතු බව ද ඔහු කීවේය.

Read More

නව ආර්ථිකයක් ඇති කරමින් විදේශ විනිමය සිඟා නොකා අභිමානවත් රටක් ලෙස තුන්සිංහලය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18දා) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය,කළුතර,ගාල්ල,හෝමාගම සහ මැද කොළඹ පැවති “රනිල්ට පුළුවන්” අවසන් ජන රැලි අමතමිනි.

Read More

අපි වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් ජයග්‍රහණය කරනවා.බලයට පත්වුණු හැටියේම මම කරන දේ තමයි කතරගම පුදබිමේ මේ ආණ්ඩුව ආරම්භකරපු බාර් එක වහල දමන එක යැයි සමඟි ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිහින් ජනතාව තීරණය ගත යුතු බව සර්ව ජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පක්ෂය ලබාදීමට රුපියල් කෝටි 03ක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි රිමාන්ඩ් බාරයේ රඳවා සිටි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා කොන්දේසි සහිත ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18) නියෝග කළේය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 302ක් රැස්කරගෙන සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.