saravita-anim2

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 9382 hours ago

LATEST

නව ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමුවෙයි

calendar_today 2020 මැයි 29 - 17:00 remove_red_eye - 273  

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 28) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජාතික බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99කගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබේ.

Read More

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවට පැමිණි සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමයේ සභාපති නෝනිස් පියතුමා ඇතුළු නියෝජිත පිරිස දිගුකාලීනව මාදැල් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් මුහුණ දී ඇති ගැටලු පිළිබදව සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීල් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද පැයකට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත්තේය.

Read More

ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත් අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන 09 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More

දුම්රිය ධාවනයේ දි වරින්වර සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධව මහජනතාවගෙන් නිරන්තරයෙන් තමන්ට දුරකථනය ඔස්සේ මෙන්ම ලිපි මගින් ද පැමිණිලි ලැබෙන නිසා දුම්රිය ප්‍රමාදවීම් හා ඒවාට හේතුවන කරුණු සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රියෙන් දෙපාර්තමේන්තුවට දැනුම් දි තිබිණි.

Read More

අන්තර්ජාල පහසුකම් සහිත හෝ රහිත ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඩයලොග් ආසියාටා සමාගම එක්ව සිටී.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින දහවල් ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියලු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ.

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ඉන්දියාවට යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 170 ක් , යළි ඉන්දියාව වෙත රැගෙන යෑම සදහා , ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ජපානය සති දෙකකින් විශාලතම එක්දින ආසාදිත වර්ධනයක් වාර්තා කරමින් දෙවැනි රැල්ලක් පිළිබඳ බිය යළිත් ජනිත කර තිබේ.

Read More

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

Read More

ඉතාලියේ පසුගිය මැයි (4) දා ලොක්ඩවුන් තත්ත්වය ලිහිල් කිරිමෙන් අනතුරුව ඊයේ (28) දක්වා දින 24 ක කාලය තුල කොවිඩ් රෝගීන් හදුනාගැනිමේ පරික්ෂණ 1,663,625 ක් සිදුකර නව ආසාදිතයන් 19,794 ක් සොයාගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ රැකියා අවස්ථා නොමැතිවීම හා ආර්ථිකයන් පහත වැටීම මීට මූලිකවම හේතු වී ඇති බවයි.

Read More

අම්ෆන් සුළි කුණාටුවට හසුව ඉන්දුනීසියාවට ගසාගෙන ගොස් අතරමංව සිටි ආර්.එම්.එස් එක ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් හත්දෙනෙකු දින දහඅටකට පසුව අද (29 )උදේ ඔවුන් මුහුදු ගිය අම්බලන්ගොඩ ධීවර වරායට පැමිණියහ.

Read More

හෙට (30) පැය 18ක කාලයක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

අද දිනයේදී පෙත්සම් සළකා බලන්නේ 9 වැනි දිනයටය. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සළකා බලයි.

Read More

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය කොළඹ සිට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයකින් ගම්පොළ ක්‍රිඩාංගණය වෙත අද (29) දින උදැසන 7.45 ට රැගෙන එනු ලැබිය.

Read More

ආපදා කළමනාකරණ මධයස්ථානයේ මගපෙන්වීම යටතේ සියලු පාර්ශව කාර ආයතන වල සහභාගීත්වයෙන් එලැඹෙන නිරිත දිග මෝසම් වර්ෂාවෙන් ඇතිවිය හැකි ගංවරතුර අවදානම අවම කරගැනීම සදහා ආපදා පුර්ව සුදානම් වැඩසටහන් නිරිත දිග මෝසම් වර්ෂාවේ බල පෑමට ලක් වන දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කරමින් පවතී.

Read More

ඔක්තෝම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට තිබූ පන්දු වාර 20/20 ලෝක කුසලාන ක්‍රිකටි තරඟාවලිය කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් කල් දැමීමට මෙතෙක් තීරණය කර නොමැති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් විසින් වගා කරන සහල්, එළවලු හා පලතුරු ඇතුලු භෝග වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබුනි.

Read More

’’අප දන්නා පරිදි, ඔබ දන්නා පරිදි, මේ වෛරසයට සැබවින්ම සම්ප්‍රේෂණය වීමට සුළු හෝ අවස්ථාවක් ඇති විට එය ඉතා ඉක්මණින් වර්ධනය විය හැකියි.’’

Read More

මාර්තු මස 20 වන දින සිට අද(28) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,662ක් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ දිනක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කෙරිණි.

Read More

ඉතිරි රෝගීන් 26 දෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය වියට්නාම යුද්ධයේදී තමන්ට අහිමි වූ ඇමෙරිකානු ජීවිත මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් අහිමි කරගෙන.

Read More

’’බ්‍රසීලයේ ඉතා ඉහළ කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් සිටිනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්’’ තම ඇසේ වූ පොල් පරාලය නොදැක ඇමෙරිකානු නායකයා කියයි.

Read More

නව කොරෝනා වෛරසයෙන් බේරීමට අඩි 6 සමාජ දුරස්ථභාවය ප්‍රමාණවත් නොවන බවට විශේෂඥයන් පිරිසක් කළ යෝජනාව ගැන WHO ප්‍රතිචාර දක්වයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.