saravita-anim2

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 8821 hours ago

LATEST

අකුරණ ජනතාවට නබිතුමාගේ දේශන අනුව කටයුතු කරන ලෙස ඉල්ලයි

calendar_today 2020 අප්‍රේ 05 - 17:32 remove_red_eye - 2208  

නබිතුමා ගේ දේශනයට අනුව යම් ප්‍රදේශයක වසංගතයක් තිබේ තිබේ නම් එම ප්‍රදේශයට නොයන ලෙසත් , එම ප්‍රදේශයෙන් එළියට නොඑන ලෙසත් සඳහන්වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.

’’මේ දිනවල ඉදිරියට පැමිණෙන වන සැබෑ වීරයන් දෙස බලන්න: ඔවුන් ප්‍රසිද්ධ, ධනවත් හා සාර්ථක පුද්ගලයන් නොවේ. ඒ වෙනුවට ඔවුන් අන් අයට සේවය කිරීම සඳහා තමන්ව කැපකරන අයයි”

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 170ක් දක්වා වර්ධනය වි තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 4ක් වාර්තා වී තිබේ.

Read More

“වසංගතය ආරම්භ වූ මුල් අවධියේදී බොහෝ රටවල් තම දෑත් අප වෙත දිගු කළ බව අපි අමතක නොකරමු,”

Read More

මීට අමතරව ත්‍රීරෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශිය මාධවේදීන් වැනි ඇඳිරි නීතිය නිසා සිය ජීවිකාව කර ගත නොහැකි සියළු පාර්ශවවලට මෙම දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස 23 දා සිට ඊයේ 04 දිනය දක්වා දින 41 ක කාලය තුල කෝවිඩ් 19 රෝගය ආසාදනය වි වෛද්‍යවරුන් 80 දෙනෙක් හා හෙද හෙදියන් 25 දෙනෙක් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්නායු රෝගින් සඳහා ප්‍රතිකාර කරනු ලබන 37 වාට්ටුවට කිසිවෙකුට ඇතුළු වීමට හෝ පිටවීමට තහනම් කරමින් තාවකාලිකව වසා දමා ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව එම වාට්ටුවේ රැඳී සිටින රෝගීන් වාට්ටුව තුළම රඳවාගෙන තිබෙයි. ඔවුන්ට වාට්ටුවෙන් පිටතට යෑමටත්, බාහිර පාර්ශ්වයකට වාට්ටුව තුළට යෑමටත් අවස්ථාව නොලැබේ.

Read More

තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීයකු අද(05) හදුනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

Read More

කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අප්‍රේල් මස 06 වැනි දින එනම් සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.

Read More

වත්මන් රජයේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ගෙවතු වගා සංග්‍රාමයට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සහ හිටපු නායක මේජර් දිනේෂ් චන්දිමාල් එක්වූහ. ඒ අද (04දා) දිනයේ ඔවුන්ගේ නිවෙස්වල පැළ රෝපණය කරමිනි.

Read More

නිලන්ති - 071-8098700/දිනූෂ - 071 4431624/චන්න - 071 8194214/උත්පල - 071 8807921/ අස්මින් - 076 1002005 (දමිල භාෂාව) යන දුරකතන අංක හරහා හෝ ළඟම ඇති තැපැල් කාර්යාලය හරහා මේ පිළිබඳව විමසීම් කළ හැකිය.

Read More

දකුණු කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දි නිරෝධායන ක්‍රියාවලිය අවසන්කොට ඉකුත් 23 වැනිදින නිවසට පැමිණි අයෙකුට මෙසේ කොරෝනා ආසාදනය වී තිබේ.

Read More

නව කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආදායම සියයට 50කින් පමණ පහළ යා හැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

අද පස්වරු 1.12 වන විට පවතින තත්ත්වය /රෝගීන් - 166 මරණ - 5 / සුවය ලැබූ -29 / වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන - 259

Read More

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම/සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට උදේ 6.00ට ලිහිල් කෙරෙන අතර, එදිනම දහවල් 2.00 පනවයි, නැවත ඉවත් කරන දිනය ඉදිරියේදී දැනුම් දෙයි

Read More

හෙට (06දා) සිට එළැඹෙන සිකුරාදා (10දා) දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්සත් ජාතික පක්‍ෂ හිටපු මන්ත්‍රී කණ්ඩායමක් හෙට (06) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමු වීමට නියමිතය.

Read More

එම රෝග ලක්ෂණ පවතින්නේ නම් 1390 දුරකථන අංකය වහාම අමතන ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටියි. එම අංකය ඇමතීමෙන් පසු රෝග ලක්ෂණ විමසීමෙන් අනතුරුව අවශ්‍යම නම් රෝහලකට යොමුකිරීමේ කටයුතු හා 1990සුවසැරිය ගිලන් රථ සේවා ලබා දීම ආදිය සිදු කරනු ලබන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කරයි.

Read More

covid 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටක් වශයෙන් දරන පරිශ්‍රමය පළුදු කිරීමෙන් වැළකීම සියලු දෙනාගේ වගකීම බව අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Read More

ගම්පහ දිස්ත‍්‍රීක් රෝහලෙන් කරන ලද ඉල්ලිමකට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය, ගම්පහ රෝහලේ කොවිඩි 19 වැළදි ඇතැයි සැක කරන රෝගින් හට ප‍්‍රතිකාර කිරිම සදහා බාහිර රෝගි ඒකකයක් ඉදිකිරිම ආරම්භ කරන ලදි.

Read More

බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවැසීය.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ .

Read More

අකුරණ ප්‍රදේශයෙන් හමු නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සමඟ වවිධ ආකාරයෙන් සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 144 දෙනෙකු අද (05) වනදා අලුයම පූනානි නීරෝධායක මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

ඇදිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළදුන්ගේ ඇදිරි නීති බලපත්‍ර අහෝසි කර එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (04) පොලීසියට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

Read More

අරියාලෙයි ප්‍රදේශයේ දේව මෙහෙයට පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින අතර ඉන් 200 කට ආසන්න පිරිසක්ම නිරෝධායනය නොවී සැඟව සිටිනා බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

Read More

තමාව හෙට දිනයේදි ලංකාවට ලබා ගැනිමට කටයුතු කරන ලෙසත් තමා මාසයක් දෙකක් හෝ නිරෝධායනයට යොමු වීමට කැමැත්ත ප්‍රකාශ කර සිටින්නට කැමැති බවද ඔහු පවසයි.

Read More

දකුණු පළාත තුල අද (05) වනවිට පුද්ගලයින් 2659 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

කොරෝනා රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතරයක් දිස්ත්‍රික්කවල රෝගය ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නොමැති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

මෙම දුෂ්කර මොහොතේ ජනතා මුදලින් කිසිදු දීමනාවක් අනවශ්‍ය බවත්, වහාම එම දීමනා ලබාදීමට යෝජනා කරමින් නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛය අවලංගු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට ලිඛිතව දැනුම් දුන් බවද එම සංගමය කියා සිටියේය.

Read More

ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දින නියමයක් නොමැතිව වසා දැමීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.