පසුගිය මාසයේදී රාජ්‍ය ආදායම රුපියල් මිලියන 50000ක් වුවත් එය රාජ්‍ය වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමටත් ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මැතිවරණයෙන් පසු වතුකරයේ සැබැ වෙනසක් ඇති කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.
Read Moreහෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 769ක් සමඟ කාන්තාවක් හසලක ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තිරණය ගෙන තිබේ.
Read Moreයුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද සමයේදී සිදුවූ යුද අපරාධ සම්බන්යෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටවිය යුතු බවටත් අතුරුදහන් වූවන් සොයාබැලීමේ කාර්යාලවලට එරෙහිව වවුනියාව හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි ඊයේ (01) දින විරෝධාතවන් සංවිධානය කොට තිබුණි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ ගැබිනි මව සිසේරියන් සැත්කමකින් බිහිකළ දරුවාට කොවිඩ් ආසාදානය වී නොමැති බව නැගෙනහිර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.
Read More’’සැමට විදුලිය’’ යටතේ ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී වසර 75 ක කාලයක සිට විදුලිය නොමැතිව පීඩාවට පත්ව සිටින ගම්මානයක් පිළිබඳ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැයි කිවහොත් බොහෝ දෙනකු විමතියට පත්වනු ඇත.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreලොකු ලූණු ආනයනය කිරීමේදී පනවා තිබූ බද්ද රුපියල් 35කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වීමට නියමිතය.
Read Moreයාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ඉයක්කච්චි ප්‍රදේශයේදී යුද හමුදාව විසින් ස්ථාපිත කොට ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී ජොර්දානයේ සිට පැමිණ නිරෝධායනය අවසන් වූ සාමාන්‍ය වැසියන් 166 දෙනෙකු ඊයේ (01) දින නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
Read Moreගල්කිස්ස පොලිස් වසමේ ඉදිගහදෙනිය ප්‍රදේශයේ ඇල මාර්ගයකට යාබදව කැළෑ ප්‍ර දෙශයක දමා ගොස් තිබියදී පිස්තෝල ගිනි අවි 04ක් හා එම මැගසින් 08ක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreඉතාලියේ පාදුවා ප්‍රදේශයේ සිදුවු මාර්ග අනතුරකින් බරපතල තුවාල ලැබු ලාංකිකයෙකු ඊයේ (01) මියගොස් ඇති බව පාදුවා පොලීසිය පවසයි.
Read Moreකොළඹ වරායේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද (02දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ තංගල්ලේදී පැවැති සකච්ඡාවෙන් සාධනීය පිළිතුරක් ලැබුණු බව කොළඹ වරායෙ වෘත්තීය සමිති එකමුතුව කියයි.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහසක් දක්වා වැඩි කිරිමට වතු සමාගම් එකග වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බි.දිසානායක මහතා පවසයි.
Read Moreඑම පාතාල සාමාජිකයාට ගමන් බිමන් යාම සඳහා අංගොඩ ලොක්කා ලබා දී තිබූ බව කියන ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී සිටි ගර්භනී කාන්තාවක් සිසේරියන් සැත්කමක් මගින් දරු උපතක් සිදුකර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මවක් සිසේරියන් සැත්කමකින් බිහිකළ පළමු දරු ප්‍රසූතිය වෙයි. දරුවා හා මව නිරෝගී තත්ත්වයෙන් සිටියි.
Read Moreඅද (2) දින උදෑසන බෙලිඅත්ත පොලිස් වසමේ දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදි වෙඩි වැදිමකින් බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇති බවට බෙලිඅත්ත පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreපරාජයක දී මහින්ද අත නොහැර ගිය ඔරිජිනල් පොහොට්ටුකරුවන්ගෙන් සමන්විත තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් අගෝස්තු 06 වෙනිදා පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreඒ නිසා බය නැතිව ඡන්ද පොළට එන්න. ආපසු යන විටත් අත් පිරිසිදු කරනවා. ඔබ ඡන්ද පොළට වෛරසය ගේන්නෙත් නෑ. ඡන්ද පොළෙන් ගෙන යන්නෙත් නෑ. ඡන්ද පොළේදී මීටරයක දුර තියා ගන්න. හැකියාවක් තිබෙනවා නම් නිල් පාට හෝ කලුපාට පෑනක් ගෙන එන්න. එහෙම නැත්නම් අපි විෂබීජහරණය කළ පෑනක් ගේනවා. ඔබගේ අනන්‍යතාව පෙන්වන ලේඛණ රැගෙන එන්න
Read Moreහෙරොයින් හා තවත් දෑ අඩංගු කුඩා පාර්සලයක් බළලෙකුගේ බෙල්ලේ එල්ලා වැලිකඩ බන්ධනගාරයට එවීමට සිදුකළ උත්සාහයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අණාවරණය කරගෙන තිබේ.
Read Moreමැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් රාජ්‍ය වල සහ යුරෝපයේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 722 දෙනෙකු ඊයේ (01දා) සහ අද (02දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreකිරිඳිවැල පොලිස් වසමේ රංවන් හරහා ගලා බසින කැළණි ගඟේ දිය නෑමට ගිය වැලිවේරිය පාසලක සිසුන් පිරිසක් අතරින් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreරුපියල් කෝටි 38ක වටිනා බැංකු ගිණුම් හා ඇමෙරිකානු ඩොලර් හාර ලක්ෂ හැට නවදහසක මුදලක් විදෙස්රටවලින් ලැබුණ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreවෛරස ආසාදිතයන් ලක්ෂ 3ක් ඉක්මවා තිබියදීත්, කොලොම්බියානු රජය වැඩිපුරම පීඩාවට පත් ප්‍රජාවන් ආශ්‍රිතව පමණක් අගුලු දමා ඇති අතර, රටේ විශාල ප්‍රදේශයක් අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමට පටන් ගෙන තිබේ.
Read Moreමෙක්සිකෝව එක්සත් රාජධානියේදී සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව අභිභවා මේ වනවිට ලොව වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සිදුව ඇති තුන්වැනි රට බවට පත්ව ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත පවසයි.
Read Moreවසංගතයේ බලපෑම දශක ගණනාවක් පුරා දැනෙනු ඇති බවටත්, එන්නතක් සඳහා වන තරගය උණුසුම් වන බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read Moreආසාදිත පොකුරු යළි නැගිටීම් පෙන්නුම් කරන පසුබිමක මෙම දැවැන්ත විරෝධතාව සංවිධානය වීම යුරෝපය තුළ වසංගතය මුල් අදියරේදී වඩාත් සාර්ථකව පාලනය කළ ජර්මනියද අනතුරේ හෙළීමක් බව කියැවෙයි.
Read Moreදකුණු අප්‍රිකාව, අප්‍රිකානු මහාද්වීපය තුළ නව කොරෝනා වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට වන අතර, පස්වනුවට ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන රටය.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරණය ප්‍රකාශ කළේ මයික්‍රොසොෆ්ට් සමාගම තම චීන සමාගමට අයත් මව් සමාගමෙන් ටික්ටොක් යෙදුම මිලදී ගැනීම සඳහා වූ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරමිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,760,000ක සීමාවට පැමිණ ඇති අතර, නව කොරෝනා වෛරසයේ බලපෑම ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read More