saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9017 hours ago

LATEST

බාල වයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කල නර්ථන ගුරුවරයෙකු අත්අඩංගුවට

calendar_today 2020 අගෝ 24 - 15:47 remove_red_eye - 558  

බස්නාහිර පළාතේ නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කළ, වයස අවුරුදු 42ක පුද්ගලයකු විසින් කාලයක් තිස්සේ සිදු කරන ලද, වයස අවුරුදු 17 ක බාල වයස්කාර පිරිමි දරුවෙක් අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

යහපාලන ආණ්ඩුවක් ගෙන ආ කොමිසන් සභා කිසි විටෙක ස්වාධින නොවු බවත් එනිසා ඉදිරියේදි ස්වාධිනත්වය රැකෙන පරිදි යම් යම් වෙනස්කම් ඉදිරි සංශෝධනය හරහා කිරිමට බලාපොරෝත්තුවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දුම්රිය සේවය දිනකට ඉපයූ මිලියන දාහතක් දහඅටක්ව තිබු දිනෙක ආදායම දිනකට මිලියන පහක් වන ලෙස අඩුවී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන ශ්රීී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/24 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කටුබැද්ද පොලිස් මාර්ග බාධකය ඉදිරිපිට සුපිරි වෙළඳසැලේ සේප්පුව කපා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

Read More

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බද්යුදීන් මහතා හා මන්නාරම රඳගුරු එමානුවල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් පවත්වා තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරය සිර දඬුවම් විඳින රැඳවියෙකු ට දුරකථන ඇමතුම් දී හෙරොයින් මත්කුඩු ගෙන්වාගෙන ජාවාරමේ යෙදෙන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු සමග මහරගම පතිරගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය කියයි

Read More

ත්‍රීකුණාමලය එරක්කන්ඩි මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුපුරණද්‍රව්‍ය තොගයක් ඊයේ (23) දින සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

සංචාරක කේෂ්ත්‍රයේ නියතු වූවන්ට සහන සැලසීමේ රජයේ සහන පැකේජය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

19 වැනි සංශෝධනය නිසා තත්ත්වයක් ඇතිවුණා ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති වෙන්න බෑ ඒක තහනම් කළා. ඒක හරිද ඒක අපි සම්පූර්ණයෙන් ඉවත් කරනවා. මේ රටේ ජනපතිවරය ආරක්ෂක ඇමති විය යුතුයි

Read More

උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී එළඹෙන 02දා සිදුකිරීමට සියලු විධිවිධාන සළසා අවසන් බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

වනසතුන් දඩයම් කිරිම සදහා උගුල් අටවන අයට සහ දඩ මස් අලෙවි කරන අයට එරෙහිව දැනට අධිකරණය හමුවේ ලබාදෙන දඩුවම් වලට වඩා දැඩි දඩුවම් ලබාදිමට අවශ්‍ය අණ පනත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බව වනජිවි සහ වනසංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

Read More

ජංගම දුරකථන 02ක්, චාජර් 01ක් ,දුම්කොළ 10ක් දමා පාර්සලයක් සකස්කොට ගාල්ල බන්ධනාගාරය තුලට විසිකිරිම සදහා සුදානමින් සිටි සැකකරුවකු ඊයේ (23) ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.

Read More

සිංහරාජ ලෝක උරුම වනාන්තයේ තමන් හෝටලයක් ඉදිකරණ බවට පරිසරවේදී සජීව චාමිකර මහතා සිදුකළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලිමින් යෝෂිත රාජපක්ෂ මහතා එන්තරවාසියක් යොමුකර තිබේ.

Read More

ඖෂධ බෙදා හැරීමේ බලපත්රහය අවභාවිත කරමින් අලුත්ගම ,බේරුවල ,කළුතර ,මතුගම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයින් හා උසස් පෙල සිසුන් ඇතුළු මත් පෙති අළෙවි ජාලයේ තැරැව්කරුවන්ට මත්ද්‍රව්‍ අලෙවි කිරීමේ ජාවාරමක නියුතු ඖෂධ අලෙවි විධායකයකු රුපියල් ලක්ෂ දෙකහමාරක මත් පෙති හා මත් කුඩු සමග බේරුවල , කළමුල්ල අතර මහා මාර්ගයේදී (24) දා අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරී හු පවසති.

Read More

පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට තමන් කටයුතු කර ඇති බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

PCR පරික්ෂණ 67,371 ක් සිදුකර ඊයේ (23) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 1,210 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට යුතුකම් ඉ‍ටු කිරීම සදහා ඉදිරි මාස හයේ දී ප්‍රධාන තනතුරක් ලබා දෙනු ඇතැයි ද ජනාධිපතිවරයෙක් නියෝජනය කළ දිස්ත්‍රික්කයක ජනතාවත් සමග එකට හිටගත් තමන්ට මහවැලි, පරිසර වැනි කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ බවත් ඉඩම් කළමනාකරණ, රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් දේපළ පිළිබද රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

Read More

බුස්ස නිරෝධායන මධ්යනස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි. සි.ආර්. පරික්ෂණයේ දි තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය යැයි පැවැසෙන ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක කරන්නේද නැත්ද යන තීන්දුව හෙට දිනයේදී අභියාචනාධිකරණය ලබාදීම නියමිතව තිබේ.

Read More

කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද සිට යෙදවිමට තිරණය කර තිබේ.

Read More

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන ශක්තිමත්ම පක්ෂය දමිල ප්‍රගතිශීලී සන්ධානය බව එම සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පා.ම සහ දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්පැවසිය.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 600 ඉ්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී ආසාදිතයන් 05ක් සුවය ලැබීමත් සමගිනි.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රෙයන් අද (24) අලුයම සිට ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ආරම්භ කළ බව ලක්විජය බලාගාරයේ කළමණාකරු ඉංජීනේරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවස

Read More

ඊෂි කෑෂ් මගින් හෝමාගම ප්‍රදේශයට මහා පරිමාණයෙන් හොරෙයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු, කාන්තාවන් දෙදෙනෙක් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා මත්කුඩු සමඟ හෝමාගම ප්‍රදේශ දෙකක දී අද (24දා) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

Read More

පසුගිය සඳුදා කෙරවලපිටිය ග්‍රීඩ් උපපොළේ සිදුවු දෝෂයක් හේතුවෙන් දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ මූලික වාර්තාව අද (24) දිනයේ දී විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාර දීමට නියමිතව ඇත.

Read More

ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා පැවසුවේ එරට කොවිඩ්-19 එන්නත අපේක්ෂකයෙකු එහි තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම්වල යෙදී සිටින බවයි.

Read More

එච්.අයි. තුෂාර පවතින වියළි කාලගුණ තත්ත්වය සැප්තැම්බර් මස දෙවැනි සතිය දක්වා පැවතිය හැකි බවත්, එහෙත් සමහර ප්‍ර‘දේශවලට උදෑසන කාලයේ සිහින් වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සැප්තැම්බර් දෙවැනි සතියෙන් පසු සැලකිය යුතු වැසි තත්ත්වයන් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා %අද^ කළ විමසීමකදී සඳහන් කළේය.

Read More

මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන සමස්ත කොවිඩ්-19 සිද්ධීන් ගණන 280,459ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 30,518කි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.