saravita-anim2

2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 17 වන සිකුරාදා

Latest News - timelapse 8770 hours ago

LATEST

මාතර හිත්තැටියෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වෙයි

calendar_today 2020 ඔක් 15 - 17:30 remove_red_eye - 640  

දිවුලපිටියේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ මාතර හිත්තැටිය ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවකගේ පලමු පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවෙන් ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇත.

ගම්පහ බාලිකා විද්‍යාලයක 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කොවිඩ් 19 ආසාදිතයෙකු වීම මත එම විද්‍යාලයේ ඇය සමග ඉගෙනුම ලබන සිසුවියන් සහ එම අයගේ ආශ්‍රිතයින් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ අතර එම කිසිවෙකුටත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

Read More

2021 වර්ශය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදුකරන ගිනි අවි බලපත් අළුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක සේවා බලපත් අලුත් කිරීම නැවත දැනුම් දෙත කල් දමා ඇති බව ආරකෂක අමාත්‍යාංශය පවසයි.

Read More

මතුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් හමුවූ අධිවේගී මාර්ගයේ බස් රථයේ වන්දනා චාරිකාවක නිරතවූ 27 දෙනෙකු සහ භික්ෂුන් වහන්සේලා 06 නමක් ඇතුළු පුද්ගලයන් 65 දෙනෙකු ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ මතුගම ඕවිටිගල විහාරස්ථානයේදී සිදුකල බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.

Read More

දේශීය ලොකු ළූනූ ගොවීන්ගෙන් ලොකු ළූනූ කිලෝවක් රුපියල් 100කට මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.

Read More

නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පත් කර තිබේ.

Read More

කොළඹ ජාතික රෝහලේ රෝගී සත්කාර සේවා යථා පරිදි පවත්වාගෙන යාමට අන්තර්ජාල හා වට්ස් ඇප් (Whats App) පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතන ඉදිරිපත් වෙයි.

Read More

පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 ඔක්තොම්බර් 31 වනදා දක්වා සියලුම සිනමා ශාලා තාවකාලිකව වසා දැමේ

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදන්ට දැනට විනාශයට පත්ව ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් තර්ජනයක් එල්ල වන්නේ නම් ශ්‍රී ලංකා රජය ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව ඉන්දීය හිටපු අමාත්‍ය, රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

Read More

නව රාත්‍රි පූජා උත්සවයට සමගාමීව තෝරාගත් හින්දු කෝවිල් හතළිහක් සඳහා රුපියල් 50000 බැඟින් මුදල් ආධාර ප්‍රදානය කිරීම ගරු අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2020.10.15 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

HNB බැංකුවේ ශාඛාවක අයෙකුටත් කොරොනා ආසාදනය වී ඇත.

Read More

කොළඹ නගර සභාවේ මරදාන පිහිටි මහජනාධාර දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇතත් නගර සභාව වසා නොදැමීමට තීරණය කර තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත කැදවා තිබේ.

Read More

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම නඩුවේ දෙවැනි විත්තිකරුලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තු මගින් කළ ඉල්ලිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15) අවසරය ලබා දුන්නේය.

Read More

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයන් 49ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් 13ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර ඉතිරි 36දා ආශ්‍රිතයන් වෙයි.

Read More

කළුතර මහරෝහලේ සේවය කරන හෙද නිලධාරිනියකටත් කෝවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වන සාකච්ඡාවලදී ඔහු අසුන් ගෙන සිටින මේසය තුළ වීදුරු ආවරණයක් සකස් කර ඇති අයුරු දක්නට ලැබේ.

Read More

විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාවේ නිලධාරිනියකගේ ස්වාමි පුරුෂයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ හා ඇතැම් මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

දිවුලපිටිය මංගල උත්සවයකට සහභාගි වී පැමිණි මොරටුමුල්ල කුසගිනි වත්තේ 60 හැවිරිදි කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මංගල උත්සවයට සහභාගි වූ මොරටුව ඇතුළුප්‍රදේශ රැසක පුද්ගලයන් 124 දෙනෙකුට අද (15දා) පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ බව මොරටුමුල්ල පොලීසිය කියයි.

Read More

බන්ධනගාර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක බලඇණියක් බන්ධනාගාර පද්ධතියට බඳවා ගැනිම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 23ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු මැද, උතුර හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ආහාර රටාවට ගැලපෙන , කල් තබා ගත හැකි ශීත කළ ආහාර රැසක් ශ්‍රී ලන්කන් කේටරින් අංශය විසින් ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත හදුන්වා දී තිබේ .

Read More

දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම - සිමෙන්ති - සීනි - ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතව ශ්‍රී ලංකා - පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා පාකිස්ථාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බවත් පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මඞ් සාද් කතක් මහතා පැවසීය.

Read More

ගාල්ල, හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Read More

තිස්සමහාරාම ප්‍රදේශයේ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු රහසිගතව වෙනත් රෝග ලක්ෂණ සදහන් කරමින් හම්බන්තොට මහරෝහලට ප්‍රතිකාර සදහා ඇතුල්වී සිටියදී එම තැනැත්තා කොවිඩ් ආසධිතයෙකු බවට තහවුරු වී තිබේ.

Read More

කොළඹ ජාතික රෝහලේ කොරෝනා ආසාදිත හෙදියක් ,මතුගම - කොළඹ (430) මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ගමන් කිරීම නිසා, එහි රියදුරුට හා කොන්දොස්තර වරයාට ද කොරෝනා ආසාදිතයින් බවට හඳුනා හඳුනා ගැනීම නිසා, පළාතේ සියලුම බස් රථ සේවකයින් ඉදිරියේදී පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .

Read More

මෑත කාලය තුළ පාරිසරික හානි කිරීම් වැඩිපුර වාර්තා වෙතැයි ජනමාධ්‍ය ඔස්සසේ පළ වන ප්‍රවෘත්ති වාර්තා සැළකිල්ලට ගනිමින් කිසියම් ස්ථානයක පාරිසරික හානියක් සිදු වුවහොත් ඒ පිළිබඳව වහාම තමන් මෙන්ම පරිසර අමාත්‍යාංශය දැනුම්වත් කිරීම සඳහා ඝෘජු දුරකථන අංක 03ක් හා ජංගම දුරකථනය අංකයක් හඳුන්වා දීමට පියවර ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අද දින (15) ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව අයි.ඩී.එච්. රෝහල, වැලිකන්ද මූලික රෝහල, නැගෙනහිර කොළඹ මූලික රෝහල, කඹුරුගමුව රෝහල, තෙල්දෙණිය මූලික රෝහල, කාන්තන්කුඩි රෝහල යන රෝහල් තුළ මෙසේ ධාරිතාව ඉක්මවා තිබේ.

Read More

කොළඹ නගර සභාවේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ. කොළඹ නගරසභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් අංශයේ සේවකයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.