saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 8154 hours ago

LATEST

දිනේෂ්ට - ජොන්ස්ටන්ට තවත් තනතුරු

calendar_today 2020 අගෝ 17 - 22:55 remove_red_eye - 1015  

20 වැනිදා ආරම්භ කිරීමට නියමිත 9 වැනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තීරණය කර තිබේ. එසේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් අද මධ්‍යාහ්න 12.30ට පමණ සමස්ත දිවයිනටම සිදුවූ විදුලි සැපයුම බිඳ වැටීම මේ වන විට (රාත්‍රී 10.30) බොහෝ දුරට යථා තත්ත්වයට පත්කර තිබේ.

Read More

චීනයේ හැංග්ෂෝ හි කායිහේ තෙවැනි ප්‍රාථමික පාසල විසින් ශ්‍රී ලංකාවේ කොමිඩ් සටන වෙනුවෙන් සහාය දක්මින් කළා ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.

Read More

සැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්වෙයි.

Read More

ව්‍යවස්ථාවට හෝ ජනතාවට අබමල් රේණුවක තරම්වත් වරදක් නොකරන බවත් ව්‍යවස්ථාව හා ජනතාව තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

Read More

අද දිනය පුරා දිවයින තුළ විදුලිය විසන්ධි විම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සතියක කාලයක් තුළදි එම වාර්තාව තමා වෙත ලබාදෙන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.

Read More

මේ වන විට විදෙස්ගතව විවිධ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ තොරතුරු ඇතුළත් අංග සම්පූර්ණ දත්ත ගබඩාවක් සෑදීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා පවසයි.

Read More

ජල සැපයුම යථා තත්ත්වයට පත් විමට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්ව පැය 3 ,5 අතර කාලයක් ගතවන බව ජල සම්ප්‍රදන මණ්ඩලය පවසයි.

Read More

දිවයින පුරා සිදුවු විදුලිය බිදවැටිම් ආසන්න වශයෙන් සියයට 75ක ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Read More

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.

Read More

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රගමනය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡාවක් සිදුකරන ලදී.

Read More

වැවිලි අමාත්‍යාංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මහතා අද (17) වැවිලි අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනිම සිදු කෙරුණි.

Read More

බේරුවල ප්‍රදේශයේ සිදු කළ අනවසර ඉදිකිරිමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට බාධා කිරිමේ චෝදනාව මත බේරුවල ප්‍රාදේශිය සභාවේ මුස්ලිම් කෙංග්‍රස් මන්ත්‍රී එම්.එන් .එම් හසීෆ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

දිවයින පුරා විදුලිය බිඳ වැටීමත් සමගින් දිවයිනේ බෝහෝ ප්‍ර දේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිබේ.

Read More

රට පුරා බිද වැටි ඇති විදුලි සැපයුම යළිි යථා තත්ත්වයට පත් කිරිමට අද රාත්‍රී 8 පමණ වන බව ලංකා විදුලිබල සංගමයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මුහුණු ආවරණ 30000ක් හා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ පණිවිඩ ඇතුළත් පොස්ටර් 21000ක් ලබාදීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.

Read More

ඒ අනුව එම කොමිසමේ පොලිස් ඒකකය වෙත හිටපු ජනපතිවරයාට එළැඹෙන 26 දා පෙනී සිටින ලෙස දන්වා තිබේ.

Read More

ඉන්දියාවේදී විෂ ශරීර ගත කරමින් ඝාතනය කළ බව කියන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගෝඩා ලොක්කා සන්තකයේ තිබූ බව කියන පිස්තෝලයක් සොයා ඉන්දීය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2895 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ඇරඹෙන බව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් විරවංශ පවසයි.

Read More

දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීම මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කරමින් පවතින බව ලංකා විදුල බල මණ්ඩලය පවසයි.

Read More

මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද (17දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

Read More

බලශක්ති කැබිනට් අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම අද (17දා) පෙරවරුවේ දී කොළඹ 07 ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතෙහි අංක 80 පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

Read More

කොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යෙදවිමට තිරණය කර තිබේ.

Read More

රජයේ හොරණෑවක් නොවී සමාජ සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය උදෙසා සියලු මාධ්‍ය ආයතන ක්‍රියාකළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ජගත් පී. විජේවීර මහතා පැවැසීය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 35 ක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ඒ මහතා අද (17දා) ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් මේ බව පැවැසීය.

Read More

අද (17) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

වවුනියාව පෙරියකාඩු යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 120 දෙනෙකු අද (17) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

දිවයිනටම බලපෑ විදුලි ඇණහිටීම මේවන විට යථා තත්ත්වයට පත් කරමින් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Read More

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇතිවූ විදුලිය බිඳ වැටීම පැය දෙකකින් පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකි වෙනු ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Read More

බස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.