saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8048 hours ago

LATEST

නව ජීවන රටාවක් උදෙසා ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරාත්මක වැඩසටහන දියත් කෙරේ

calendar_today 2020 සැප් 15 - 12:07 remove_red_eye - 408  

රට ඉදිරියටත් කොවිඩ් වෛරසයක් ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන යාමටත්, ජනතාවට වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබද දැනුම සහ උපදෙස් ලබාදීමටත් ’’නව ජීවන රටාවක් උදෙසා’’ (Towards a New Normal) යන තේමාව යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රචාරත්මක වැඩසටහන ඊයේ දින (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය අමාත

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායකයෙකු වූ ත්‍යාගදීපන් දිලීපන් නැමැත්තාගේ 33 වන ගුණ සැමරුම වෙනුවෙන් සැමරුමක් සිදු කිරීමට උත්සාහ ගත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් මහතා අද (15) උදෑසන කෝපායි පොලීසිය විසින් පොලිස් භාරයට ගෙන ඇත.

Read More

නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල්, රථවාහන, ඉඩම්, නිවාස, ගොඩනැගිලි, යනාදියට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසුවද නඩු විභාගය අවසන් කර දේපල රාජ සන්තක කරන තෙක් ඒවා ඔවුන් විසින්ම භුක්ති විදීම හා ඒවායෙන් මුදල් ඉපයීමත්, එම මුදල් හා දේපල තවරදුටත් නීතිවිරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහාත් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

Read More

මධ්‍යම අධිවේගයේ පළමු අදියර ලෙසින් මෙම කොටස ක්‍රියාත්මක වෙයි. චීන එක්සිම් බැංකුවේ ඩොලර් මිලියන 989ක සහන ණයක් යටතේ මෙම ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

Read More

හිටපු අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ රිෂාඩ් බදියුදින් ප්‍රකාශ ලබාදිම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද පැමිණ තිබේ.

Read More

ඊයේ (14) ඉතාලියේ PCR පරික්ෂණ 45,309ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1008 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මේ වනවිට එක්සත් රාජධානියේ ස්ථාපිත කොට ඇති ස්ටොටෙරා (Stortera) ආයතනය මගින් මේ වනවිට මෙම බැටරි නිෂ්පාදනය සිදුකර අනෙකුත් රටවල් සඳහාද බෙදාහරිනු ලබයි. මෙම බැටරි නිපදවීමේ නිල හිමිකාරීත්වය ශ්‍රී ලාංකිකයෙකු සතුවීම මෙහි ඇති සුවිශේෂීත්වය වේ.

Read More

ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කර ගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමට අනුව මින් ඉදිරියට ඊශ්‍රාලයට ශ්‍රමිකයන් යැවීම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

රත්මලාන ගුවන්තොටුපලින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට තීරණය කෙරේ. ඒ සඳහා දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

උයිලන්කුලම, පුදුකුඩිඉරිප්පු ප්‍ර දේශයේ සිදුකළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

ලංගම බස් රථයක් සහ ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇගළුම් කර්මාන්තශාලා සේවිකාවන් දස දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත අද (15දා) දින ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසිය.

Read More

වසර දහසයක් පුරාවට දකුණු පළාතේ අති දුෂ්කර පාසලක දූ දරුවන්ට රජයෙන් කිසිම වැටුපක් නොලබා ස්වේච්ඡාවෙන් දැනුම ලබා දෙන ගුරුවරයෙකු පිළිබඳ ව මාතර,දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා විය.

Read More

දළ දේශීය නිෂ්පාදිතයේ 0.7%ක පහත වැටීමක් ඔවුන් පුරෝකථනය කරන්නේ, මීට පෙර 0.1%ක වර්ධනයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ජුනි මාසයේදී කරන ලද ඇස්තමේන්තුව වෙනස් කරමිනි.

Read More

මෙම පියවරයන් රට සම්පූර්ණයෙන්ම අගුලු දැමීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බව රජයේ ප්‍රකාශක අම්ජාඩ් අල් අඩෙයිලේ පැවසීය.

Read More

අවසන් මොහොතේ හෝ බ්‍රසීල නායකයා එරට වෛරසය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම හා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෆෙඩරල් විනිසුරුවරයෙකු තීන්දු කළේ, ’’ජාතික අර්බුදයකට විසඳුම කිසිවිටෙකත් ඇමෙරිකානු ඉතිහාසයේ පදනම ලෙස පවතින පුද්ගල නිදහස සඳහා වූ කැපවීම අභිභවා යාමට ඉඩ දිය නොහැකියි.’’ යනුවෙනි.

Read More

චීන මාධ්‍ය පෙන්වාදෙන පරිදි මෙම ආසාදිතයන් දෙදෙනා මියන්මාරයේ සිට නීතිවිරෝධී ලෙස චිනයට ඇතුළු වී ඇති අතර, ඔවුන් තවත් පස් දෙනෙකු සමග රෝහලක නිරෝධායනයට ලක්කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 926,300ක් පසුකර ඇති අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස වඩාත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප්‍රධානියා පවසයි.

Read More

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩපය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සම් ලබන නොවැම්බර් මස 12 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නේය.

Read More

වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළයුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.

Read More

පන්නිපිටිය දෙපානම අරලිය උයන ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සැකකටයුතු ලෙස රියදුරු අසුන මත මිය ගොස් සිටියදී අද 14 හමුවූ බව මහරගම පොලිසිය කියයි .

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනිමට කොටුව මහේස්ත‍්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක‍්‍රියාත්මක කිරීම වළකාලන්නැයි ඉල්ලමින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් ඉදිරිපත් කොට ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා හෙට (15) ඉදිරිපත් කරන බව නීතීපතිවරයා අද (14) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3253ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ෂීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 170 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ සහයෝගය මත සිදු කළැයි කියන මෙරට කුඩු ජාවාරමේ මහමොළකරු වන ඩුබායි රටේ ජීවත්වෙන පාතාල අපරාධකරුවකු වන උදාර සම්පත් නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්.කේ. කාහිංගල මහත්මිය ඒ සඳහා වරෙන්තුවක්ද නිකුත් කළාය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන තෝරාගෙන තිබේ.

Read More

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා දැමු වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් භුමිය නැවත තිබු ලෙසම නිල හරිත වනාන්තරයක් කිරිමට උපදෙස් දුන් බව වනජිවි හා වන සංරක්ෂණ ඇමති සි.බි .රත්නායක මහතා අද ( 14 ) දින පැවසිය .

Read More

කොළඹ බන්ධනාගාර සඳහා CCTV පද්ධතියක් වසර අවසාන වීමට පෙර සවි කරන බව බනධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

Read More

රියර් අද්මිරාල් කපිල සමරවීර පසුගිය සැප්තැම්බර් 12 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර තිබේ. සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.