saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8432 hours ago

LATEST

උසාවි නියෝගයකින් ඉන්දියන් ධීවරයින් පිරිසක් නිරෝධායනයට

calendar_today 2020 දෙසැ 17 - 08:59 remove_red_eye - 211  

දේශ සීමා නීති උල්ලංඝණය කරමින් ශ්‍රී ලාංකීය මුහුදට පිවිසීම හේතුවෙන් පසුගිය 15 දින කල්පිටිය විජය නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් හත් දෙනා දින 14 ක නිරෝධායනයකින් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බැව් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සුමින්ද ප්‍රභාත් ව

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගාල්ල නාගරික බල ප්‍රදේශයට අයත් කටුගොඩ ප්‍රදේශයේ තොරාගත් ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත සංචරණ සිමා පැනවිමට කටයුතු කරඇති බව ගාල්ල වරාය පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව සඳහා අනුමතව තිබූ එම රු.බිලියන 89ක මුදල, තමන්ගේ සංවර්ධන ප්‍රමුඛතා හඹා යාමට, දුගීබව අඩුකර ගැනීමට සහ තම ආර්ථික වර්ධනය කරගැනීමට මුදල් ප්‍රදාන අවශ්‍ය කර තිබෙන සුදුසුකම් සහිත වෙනත් රටවලට ලබාගත හැකිවනු ඇති බවද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රටේ වනගහනය 2030 දී සියයට 30 දක්වා වැඩි කිරීමට පොරොන්දු වී ඇති බවත් එම ප්‍රතිඥාව අනුව යමින් රටේ වනගහනය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යවරයා වශයෙන් තමන් හුස්ම දෙන තුරු නමින් ඉදිරි වසර 04 තුළ පැළ මිලියන 02ක් රෝපණය කිරීමට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රන්න වාඩිගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයන් සිවු දෙනකු හදුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව ඊයේ (16) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු කියති.

Read More

කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීමේදී චීනය තාක්‍ෂණික ප්‍රවේශයන් පහක් අනුගමනය කර ඇති අතර, එන්නත් 15ක් සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති අතර ඉන් එන්නත් 5ක්ම අදියර 3 සායනික අත්හදා බැලීම්වලට භාජනය වෙමින් අවසන් අදියරට පැමිණ තිබේ.

Read More

මොඩෙර්නා එන්නතට හදිසි භාවිත අවසරය ලැබුණොත්, ඔබ බලාපොරොත්තු වන පරිදි දෙසැම්බර් අවසානය වනවිට මිලියන 20ක ජනතාවක් සඳහා මාත්‍රාවන් මිලියන 40ක් පරිපාලනය කිරීමට හැකි වනු ඇති බව වෛද්‍ය ෆවුසි පැවසීය.

Read More

ගෙවීගිය බදාදා නව මරණ 936ක් බ්‍රසීලය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, නිල වශයෙන් සමස්ත මරණ 183,735ක් බ්‍රසීලය වාර්තා කර ඇති බ්‍රසීලය ලෝකයේ දෙවැනි ඉහළම කොවිඩ්-19 මරණ අනුපාතය දරන රටයි.

Read More

ට්‍රම්ප්ගේ තත්ත්වය ඉදිරි දිනවලදී එන්නත ලබා ගැනීමට සූදානම් වන උප ජනාධිපති මයික් පෙන්ස්ට වඩා වෙනස් බව ධවල මන්දිර නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං පැවසුවේ චැන්ග්-5 චන්ද්‍ර මෙහෙයුමේ සාර්ථකත්වය චීනයේ සමස්ත ජාතික පද්ධතියේ තවත් ඵලයක් වන අතර, එය චන්ද්‍රයා බිහි වූ ආකාරය සහ සෞරග්‍රහ මණ්ඩලය විකාශනය වූ ආකාරය පිළිබඳ මානව වර්ගයාගේ පර්යේෂණ සඳහා දායක වන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,647,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියේ අවසන් තරඟය වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.

Read More

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මහව, පහළ බලල්ල දේවාල හංදිය ප්‍රදේශයේ දී මවක් සහ දරුවෙකු රිය අනතුරකට ලක්කර පළාගිය කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.

Read More

වැඩි පිරිසකට ප‍්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් පවරාගෙන එම රෝහල්, කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 326ක් හඳුනාගෙන ඇත.

Read More

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවියන් සිවු දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් අද (16) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

Read More

ළඟ එන නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කරයි.

Read More

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීන රජය විසින් ආයෝජන රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොන් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවේ පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 785 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

පි සි ආර් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා පානදුර තොටවත්ත සුසාන භූමියක මළ සිරුරක් මිහිදන් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයක් අනුව විශේෂඥ වෛද්‍යවරියකගේ ප්‍රධානත්වයෙන් ඊයේ 15 පරීක්ෂණයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය .

Read More

හාලිඇල - මුදුන්පිට , ප්‍රදේශයේ මංගල උත්සවයට සහභාගිවී යළි රැකියාවට ගොස් සිටි මංගල උත්සවය පැවති ස්ථානයේ දැරියගේ පියා ඇතුලු වරාය සේවකයන් සිවුදෙනෙක් කොවිඩ් 19 අසාදිතයන් බවට තහවුරු ඇතැයි හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් බේරුවල දුම්රිය ස්ථානය තාවකාලිකව වසාදැමිමට පියවර ගෙන තිබේ.

Read More

යාපනයේ සහ වව්නියාවේ කොවීඩ් -19 වෛරස් ආසාදිතයින් සීග්‍රයෙන් වැඩිවීමත් සමග උතුරු පාලතේ පාසල් 130 කට නිවාඩු ලබා දීමට සිදු වී ඇත.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැත.

Read More

වැලිසර රෝහලෙන් පළා ගිය කොවිඩ් ආසාදිතයෙකු සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විදේශ රටවල සිට පැමිණි ගුවන් යානා 10 කින් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 511 දෙනෙකු රජයේ විශේෂ අවසරය ඇතිව අද (16දා) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ පැමිණ තිබුණි.

Read More

ගෙවුණු මාස එකොළහ තුළ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් මීඋණ ආසාදිතයන් 1128ක් වාර්තා වී ඇති බවත් ඉන් 19දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවත් රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා ඊයේ (15දා) පැවති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය.

Read More

කොළඹ 14 පදිංචි අවුරුදු 60ක කාන්තාවක් කොළඹ පෞද්ගලික රෝහලකදී, කොළඹ 15 පදිංචි අවුරුදු 85ක පිරිමි පුද්ගලයෙක් සිය නිවසේදීත්, කොළඹ 15 මට්ටක්ලුලිය පදිංචි අවුරුදු 84ක පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.