හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දස දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයෙ (23දා) දින පස්වරුවේ ලද පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක කේ.කාමදේවන් මහතා පැවසිය.
මග්ගොන සංචරණ සීමා පනවා මාර්ග බාධක දමා ඇති ස්ථානවලින් පොලිස් නිළධාරීන් නොමැති අවස්ථාවල මහජනතාව සංචරණ හා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගමන් කරන ආකාරය දැක්වේ.
Read Moreපරාක්‍රම සමුද්‍රය වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලබා ගත් ජලය හෙතුවෙන් වාන් මට්ටමට පැමිණ පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සඳහා අද (24දා) වාන් දොරටු දහයෙන් දෙකක් අඩිය බැගින් විවෘත කළ බව පොලොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස්. කේ. හේවාගම මහතා පවසයි.
Read Moreමේ දින වල යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිර යන නවතම කොරෝනා වෛරස ප්‍රභේදය නිසා, එම ප්‍රදේශ වල ගුවන් ගමන් බොහොමයක් අත්හිටුවා ඇති අතර , එනිසා යුරෝපයේ සිට මැදපෙරදිග සහ ආසියාව වෙත ගුවන් මගීන්ට පැමිණීමට නොහැකි වී ඇති බැවින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමකට වැටී ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreපරාක්‍රම සමුද්‍රය මේ වන විට වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලබා ගත් ජලය හෙතුවෙන් වාන් මට්ටමට පැමිණ පවතින බැවින් වැඩි ජලය ඉවත් කිරිම සදහා අද දින වාන් දොරටු දහයෙන් දෙකක් ම අඩි එක බැගින් විවෘත කල බව පොළොන්නරුව කලාපභාර වාරි අධක්ෂක එස් කේ හේවාගම මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 තොරතුරු සම්බන්ධයෙන් වන සියලුම විස්තර කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිකුත් කර තිබේ.
Read Moreපොල්ගහවෙල බන්දාව ප්‍රදේශයේ තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 22 දෙදෙනකු හඳුනාගෙන ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreඋතුරු, නැගෙනහිර හා උතුරු මැද පළාත්වල පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී (දෙසැම්බර් 25 හා 26 යන දිනයන්හි) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවෙනදා මෙන් නිදහසේ නත්තල් සැමරුම් පැවැත්වීමට නොහැකි වුවත්, නත්තල් සැරසිලි වෙනදා තරම් නොතිබුණත්, රාජ්‍යයන් රැසක වීදි නත්තල් සැරසිලිවලින් අලංකාර වී ඇති ආකාරය විදෙස් වාර්තාවල දැකිය හැකි විය.
Read Moreඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 432ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 266ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 62ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreඅහිතකර අන්තර්ගතයන් ඉවත් කිරීමේ දැන්වීමට අනුකූල නොවීම හේතුවෙන් අදාළ සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් 419,000 සහ පුද්ගලයන්ට ඇමෙරිකානු ඩොලර් 84,000ක් දක්වා දඩ නියම කළ හැකි බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඑක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් නිවේදනය කළේ එරට තුළ පැතිර යන කොවිඩ්-19 වෛරසයේ තවත් නවතම ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන බවයි.
Read Moreවෙනිසියුලාවේ චීන තානාපති ලී බාරොන්ග් පැවසුවේ මෙම භාණ්ඩ තොගයට වේගවත් කොවිඩ්-19 පරීක්ෂණ සිදුකළ හැකි ඇන්ටිජෙන් කට්ටල, ඔක්සිජන් ලබාදීමේ උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ අඩංගු බවයි.
Read Moreඑක්සත් ජනපදය වර්තමාන කොවිඩ්-19 දෛනික රෝහල් ගත කිරීම් 119,463ක් ගෙවීගිය බදාදා දිනයේ වාර්තා කර ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දා සිට නව වාර්තාවක් බව සඳහන් වෙයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය සඳහා මිනිස් සිරුර පොළඹවන, වෛරසයේම හානිකර නොවන කොටසක් භාවිත කරමින් නිපදවා ඇති ZF2001 එන්නත, මේ වනවිට චීනයේ ප්‍රමුඛතම එන්නත් අපේක්ෂකයන් පස්දෙනාගෙන් එකකි.
Read Moreසිය ධුරයෙන් නික්ම යෑමට පෙර ජනපති ට්‍රම්ප් විසින් මිත්‍ර පාර්ශ්වයේ 26 දෙනෙකුට මේ ආකාරයෙන් ජනාධිපති සමාව ලබාදී ඔවුන් දඬුවම්වලින් නිදහස් කර ඇත.
Read Moreකොරෝනාවැක් හි අවසාන අදියර සායනික පරීක්ෂණ අවසන් කළ පළමු රට බ්‍රසීලය වන අතර, එය ඉන්දුනීසියාවේ සහ තුර්කියේද අත්හදා බලමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරයි.
Read Moreඑක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) විසින් ප්‍රකාශයට පත් කරන ලද පුරෝකථනයකින් කියැවෙන්නේ ජනවාරි 16 වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ 419,000 සිදුවිය හැකි බවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,727,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලෝකයේ බොහෝ රටවල් වෛරසයට එරෙහි එන්නත් වැඩසටන් වෙත යොමුවන ආකාරයක් දක්නට ලැබෙයි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ මෘත දේහය ඉවත්කරගැනිමට කටයුතු නොකළහොත් හෙට (24දාා) සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හා කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍යවරුන් සිය සේවා කටයුතු වලින් ඉවත්විමට තින්දුකොට ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මහතා පවසයි.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛය අංශ හඳුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 231ක් හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.
Read Moreතවත් එක් කොවිඩ් ආසාදිත මරණක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 348 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 38,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබිළිඳු දරුවන් 30 දෙනෙකු මුදලට අලෙවි කිරීමේ මිනිස් ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය
Read Moreදින කීපයක් පුරා පැවති වර්ෂාපතනය හේතුවෙන් කළාවැව ජලාශය වාන් මට්ටමට පැමිනිම හේතුවෙන් කළාවැවෙහි වාන් දොරටු දෙක අඩි 4ක් බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇත.
Read Moreනව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය එකම එක ජාන විශ්ලේෂක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම, බරපතල තත්ත්වයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
Read Moreපසුගිය දින තුනක කාලය තුළ 70කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ත්‍රිකුණාමලය දිසාමති සමන් දර්ශන පඬිකෝරාළ මහතා පවසයි.
Read Moreප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreමග්ගොන සංචරණ සීමා පනවා ඇති ගම්මාන දෙකකින් තවත් කොරෝනා රෝගීන් 15දෙනෙකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල වාර්තා සනාථ කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (23) පැවසීය.
Read More