saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7890 hours ago

LATEST

අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට

calendar_today 2020 ඔක් 14 - 18:00 remove_red_eye - 228  

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය On Line ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ’’කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ’’ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔක්තෝබර් 26වැනි දා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මෙරට දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයේ නව අශ්ව විශේෂයක් බිහි කිරීමට ප්‍රවීණ සත්ව පාලකයෙකු වන පාලිත සමරකෝන් මහතා සමත්ව තිබේ

Read More

කොවිඩ් ආසාදිත ධීවර කාර්මිකයෙකු හමුවීමත් සමගම මීට දින 6 ඉහත දී තාවකාලිකව වසා දැමුණු වත්තල දික්ඕවිට ධීවර වරාය සෞඛ්‍ය අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විසබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව අද 14 යලි සේවා කටයුතු සඳහා විවෘත කළ බව එම ධීවර වරායේ සාමාන්‍යාධිකාරී ජනක මුදලිගේ මහතා පැවසීය .

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

ඩිජිටල් ගනුදෙනු සදහා ජාත්‍යන්තර ප්‍රමිතින් අනුගමනය කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පොදුරාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍යවරුන් ගේ අතථ්‍ය රැස්වීම අමතමින් ඊයේ සදහන් කළේය.

Read More

හෙරෝයින් ළඟ තබා ගැනිම හා ජවාරම් කිරිම යන චෝදනාවලට වරදකරුවන් වු පුද්ගලයින් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද (14) ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරයෙක් හා තවත් පොලිස් නිලධාරීන් 60ක් මෙම විමර්ශනයට එක්ව ඇති බවද ඔහු පැවැසීය.

Read More

කොරෝනා මර්දනය කිරීමෙන් දේශපාලඥයින්ට ලකුණු දා ගැනීමට අවශ්‍ය නිසා පළමු වටයේ කොරෝනා රැල්ල මර්දනය කළ නිලධාරීන් වෙනත් ස්ථානවලට යවා ඇති බවත්, ආණ්ඩුව කොරෝනා මර්දනය හුදු දේශපාලන සටන් පාඨයක් බවට පත් කරගත්තා මිස රටින් කොරෝනා තුරන් කිරීමට අවධානය යොමු නොකළ බවත්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාක්ෂි ලබාදීම සඳහා තුන්වන දිනටත් පාස්කු කොමිසම හමුවට පැමිණ ඇත.

Read More

මේ දක්වා එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට (BRI) සම්බන්ධ කිසිම හවුල්කරුවෙකු ඊනියා ණය උගුලකට හසු වී නෑ. බොහෝ හවුල්කරුවන් මෙම වැඩසටහන ගැන ඉහළින් කථා කර තිබෙනවා. නිදසුනක් වශයෙන් කිව්වොත් ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා චීනය ණය උගුලක් අටවා ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 09දා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළා.

Read More

මතුගම ප්‍රදේශයේ සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඊ.එම්. හේමපාල ඒකනායක මහතා පදිංචි , කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසට ගිනි තබා අනතුරක් සිදු කිරීමට තැත් කළ , පුද්ගලයන් දෙදෙනා, ලබන 28 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ,මංජුල රත්නායක මහතා ( 14 )දා නියෝග කළේය.

Read More

2020 සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් ලියාපදිංචි දේශපාලන පක්ෂ ලෙස පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 05 කට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී ඇත.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් තිරෝස් හිලියාස් මහතා තමන්ට එල්ල වූ චෝදනා පිළිගැනීමත් සමගින් රුපියල් මිලියන 200ක වන්දියක් අධිකරණය හරහා ඉල්ලා සිටීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 47 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධිතයින් බවට හදුනාගෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවත් තවත් ආසාධිතයින් හඳුනාගතහොත් ඔවුන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදු වන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා සමග අත්අඩංගුවට ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටි ගණකාධිකාරීවරයෙක්, ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා තවත් පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 17ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් පස් දෙනෙක් නිරෝධානයට ලක්වෙමින් සිටින අය වෙන අතර ඉතිරි 12 දෙනා ආශ්‍රිතයින් වෙයි.

Read More

රුපියල් 25,000ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (නියාමන) ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

වසර ගණනාවක සිට පාඩු ලබමින් තිබු ලංකා ධිවර සංස්ථාව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ මගපෙන්වීම යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත්වී ඇත.

Read More

කෝවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ජාතීන් අනුව ඉඩම් මායිම් වෙන් කිරීම වත්මන් රජයේ මෙන්ම තමාගේද ප්‍රතිපත්තිය නොවන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කළාය. සිංහල, දමිළ හෝ මුස්ලිම් යනුවෙන් ඉඩම් වෙන් කිරීමක් සිදුව නොමැති බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය මෙහිදි අවධාරණය කළේ දේශපාලන අරමුණු වෙනුවෙන් එවැනි වෙන් කිරීම් සිදු කිරිමට උත්සහ නොකරන ලෙසය.

Read More

ගලගෙදර පොලිස් බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා වීමත් සමඟ ගලගෙදර ප්‍රදේශයේ ගම්මාන දෙකක් සඳහා පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

Read More

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටිඨාසයට අයත් ප්‍රදේශ 4 ක පුද්ගලයින් 18 කට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි ඒ.ඇසුන්ටා මහත්මිය පවසයි.

Read More

මිහින්තලේ පොලිස් වසමේ අඹතලාගම ප්‍රදේශයේදී පුද්ගලයකු ඊයේ (13දා) සවස සිය අනියම් බිරිඳ, ඝාතනය කර ගෙල වැලලා ගෙන මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලීසිය පවසයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ අපනයන සැකසුම් කලාපය ට අයත් සියලුම කර්මාන්ත ශාලාවල අහඹු ලෙස තෝරාගත් සේවක සේවිකාවන් සඳහා පි සි ආර් පරීක්ෂණ සිදු කිරීම 14 දින සිදු කළ බව හොරණ ආයෝජන පවා ප්‍රවර්ධන කලාපයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් කුමාර මහතා පැවසීය .

Read More

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබා දීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඬේ මහතා පවසයි

Read More

රත්මලාන බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයකු ප්‍රතිකාර ලබාගත් බව කියන කිරිවත්තුඩුව ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට මුද්‍රා තබා එහි වෛද්‍යවරයා ඇතුළු තිදෙනෙකු (13) දා ස්වයං නිරෝධායනය ට ලක් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

Read More

තම සේවකයන් දෙදෙනෙක් සම්බනධයෙන් පෞද්ගලික රෝහලකින් කළ පී.සී.ආර්. පරික්ෂණ දෙකක් ඔවුන් කොවිඩ් ධනාත්මක බවට මුලින් ලබාදුන් වාර්තාව අත්වැරදීමක් බව එම රෝහල පැවැසූ බවට සියැට් කැළණි හෝල්ඩිංග්ස් නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.