saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8329 hours ago

LATEST

නිරෝධායන නීති කඩ කළ 26ක් අත්අඩංගුවට

calendar_today 2021 ජන 09 - 11:27 remove_red_eye - 166  

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු 01/09 දින අලුයම පැමිණි විශේෂ ගුවන් යානා 02 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

කලවාන නගරයේ වෙළෙඳසැල් හතරක් අද ( 09) වසාදැමීමට පියවර ගත්බව කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය .

Read More

ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ගුවන් මගීන් 708 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 12 කින් අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , තවත් ගුවන් මගීන් 447 දෙනෙකු ගුවන් යානා 14 කින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

මෙම ව්‍යසනයන් මගින් ලොව පුරා 8,200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සමාගම සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර, රක්‍ෂිත වනාන්තර හානිය ඩොලර් බිලියන 82ක් හෙවත් සමස්තයෙන් 40%ක් පමණ බව කියයි.

Read More

සීනොවැක් විසින් සංවර්ධනය කරන ලද කොරොනාවැක් එන්නත අත්හදා බැලීමට බ්‍රසීලයේ බුටැන්ටන් ආයතනය අනුමැතිය ඉල්ලා සිටි අතර, එය බ්‍රහස්පතින්දා තුන්වැනි අදියර අත්හදා බැලීම්වලදී 78% ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කළේය.

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (09) දින රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් උපදේශකයන් පසුගියදා කියා සිටියේ ෆයිසර් එන්නතෙහි දෙවැනි මාත්‍රාවද පළමු මාත්‍රාවෙන් පසු දින 42ක් හෝ සති හයක් දක්වා පරතරයකින් ලබාදිය හැකි බවය.

Read More

කෙසේ වෙතත් මෑතකදී වැඩි වූ වෛරසය ව්‍යාප්ත කිරීමට ඉවහල් වන එක්සත් ජනපදයේ පරිණාමය වූ නව ප්‍රභේදයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

Read More

’’අපි වර්තමාන ඉහළ යෑමේ උපරිමයට පැමිණ නැහැ’’ CDC අධ්‍යක්ෂ පවසයි. ’’පැහැදිලිවම, අප බොහෝ දෙනෙක් අවධාරණය කිරීමට උත්සාහ කරන පරිදි අප දකින මරණ ප්‍රමාණය, පර්ල් වරායේ හෝ 9/11 හි අප දුටු ප්‍රමාණයට වඩා වැඩියි. අවාසනාවකට මෙන් අපි දැන් අත්විඳින වසංගතයේ ස්වභාවය එයයි.’’

Read More

’’ඔබ මේ කලහයට සම්බන්ධ වී වොෂිංටන් ඩීසී කලාපයෙන් ඉවත්ව ගිය පමණින් ඔබට බේරීමට හැකියාවක් නැහැ. ඔබ කැපිටල් හි සාපරාධී ක්‍රියාකාරකම්වල කොටසක් බව අපට දැනගන්නට ලැබුණොත්, ඔබේ නිවසේ දොරට තට්ටු කළ හැකියි’’ යනුවෙන් වොෂිංටන් ක්ෂේත්‍ර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ස්ටීවන් ඩී ඇන්ටූනෝ පැවසීය.

Read More

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ RrealDonaldTrump ගිණුමේ මෑත කාලීන ට්වීට් හා ඒවා වටා ඇති සන්දර්භය සමීපව සමාලෝචනය කිරීමෙන් පසුව, ප්‍රචණ්ඩත්වය තවදුරටත් උසිගැන්වීමේ අවදානම හේතුවෙන් එම ගිණුම ස්ථිරවම අත්හිටවූ බව ට්විටර් සමාගම පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,911,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

කොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (08) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 273ක් හඳුනාගෙ​න ඇත. ඒ අනුව අද දිනයේ හමුවී ඇති ආසාදිතයින් ගණන 524කි.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටු අංක 23හි නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තරුණියක කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දමා ඇතැයි රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 251ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිලි ධනංජයට නැවතත් ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමට අවස්ථාව හිමිව තිබේ. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පරීක්ෂණ මගින් හෙළිව ඇති හෙයිනි.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 656ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා - දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස ඒකමතිකව තේරී පත්ව තිබේ. එහි ලේකම් ධූරය සඳහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද පත්වී ඇත්තේ ඒකමතිකවය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් මින් ඉදිරියට ජාත්‍යන්තර හෝ දේශීය තරග සඳහා තේරීම්වලට එක් නොවන බව සඳහන් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කිරීම පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දකුණු කොරියානු රජයට සිය කෘතඥතාව පළ කළේය.

Read More

කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු දිවයින පුරා පිහිටි සමථ මණ්ඩල කටයුතු හෙට 09 දා සිට යලි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Read More

මහා බ්‍රිතාන්‍ය තුළ එක්දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පෙරේදා වාර්තාවීමත් සමග එරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටියි

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඉතාලිය වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු 01/08 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ගාල්ල බන්ධනාගාරයේ කොරෝනා පොකුර 43 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ලබන ජනවාරි 25 වැනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබාදීමට සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.

Read More

ශ්‍රී ලාංකිකයන් සදහා කොරියානු ජනරජය තුළ රැකියා අවස්ථා වැඩි කර ගැනිම හා කොරියානු ජනරජය ශ්‍රී ලංකාව සඳහා ලබා දී ඇති රැකියා සහයෝගීතාව සක්‍රිය කර ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඉකුත් 04 වනදා විදේශ අමාත්‍යාංශයේ දි පැවැත්විණ.

Read More

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07දා) උපදෙස් දුන්නේය.

Read More

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මෝරුපොල ප්‍රදේශයේදී ඉකුත් 3 වෙනි දින ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වා ඇති අතර මෙහිදී ලේ පරිත්‍යාග කළ කිහිප දෙනෙකුම කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරුවී ඇති බැවින් එම රුධිර ප්‍රමාණය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට දැනුම් දීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.