ගාල්ල බන්ධනාගාරයේ කොරෝනා පොකුර 43 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
ගාල්ල බන්ධනාගාරයෙන් ඊයේ (07) දිනය තුල ආසාදිතයින් 05 දෙනෙකු වාර්ථාවිමත් සමග කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 43 දක්වා වැඩිවි ඇත.
ඊයේ දිනය තුලදි තවත් බන්ධනාගාර නියාමකවරියකට සිරකාරියන් තිදෙනෙකුට හා පිටත වැඩ කණ්ඩායම් සදහා යොදවා තිබු සිරකරුවෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මේ වනවිට ගාල්ල බන්ධනාගාරය තුල සිරකාරියන් 37 දෙනෙකුට බන්ධනාගාර නියාමකවරියන් 04 දෙනෙකුට පිරිමි සිරකරුවෙකුට හා ගැබිණි සිරකාරියකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.
කොරෝනා ආසාදිත බන්ධනාගාර නියාමකවරියන් තිදෙනෙකු දිනක් හැර දිනක් ගාල්ල බන්ධනාගාරයෙන් පාලනය වන බලපිටිය සිරමැදිරිය වෙත ගොස් ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මෙම තත්වය නිසා එහි සිටින රැදවියින් 05 දෙනෙකු හා බන්ධනාගාර නියාමකවරු 21 දෙනෙකු පි.සි ආර් පරික්ෂණවලට යොමුකොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.