saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7834 hours ago

LATEST

නිරෝධායන ඇදිරි නීති කාලය තුළ උසස් පෙළ දරුවන් වෙනුවෙන් ’’සිසු සැරිය’’ ක්‍රියාත්මකයි

calendar_today 2020 ඔක් 26 - 21:15 remove_red_eye - 189  

උසස් පෙළ විභාග සඳහා ගමන් කරන පාසල් දරුවන් වෙනුවෙන් ලංගම ’’සිසු සැරිය’’ මඟින් ප්‍රවාහන පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

හැටන් කොටගල ග්‍රේටන් සහ රොසිටා වතුයායේ හමුවු කොවිඩ් 19 අසාදිතයන් දෙදෙනා සහ තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදයේ හමුවු කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගියා කන්දකාඩු යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට කොටගල සහ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (26) දින කටයුතු කළහ.

Read More

කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය 2020 ඔක්තෝම්බර් 26 සදුදා සිට යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතු කොටගෙන මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කාර්යය හෙට (27) සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමි තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 280ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හලාවත නගරයේ එළවලු හා මාළු වෙළෙඳ සංකීර්ණය සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නව රෝහල් දෙකක් ඉදි කිරීමට පියවර ගනිමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

මින් ඉදිරියට කෝවිඩ් ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

අද කෝරළඉම ප්‍රදේශයෙන් තහවුරුවු කොවිඩිආසාධිත පුද්ගලයා සමග හොරණ සෞඛ්‍ය වෛද්‍යනිලධාරි බල ප්‍රදේශයෙන් මේ දක්වා කොරෝනා රෝගීන් 18 ක් වාර්තාවී ඇති බවත් , බල ප්‍රදේශයේ පදිංචිකරුවන් 167 දෙනෙකු වෙනුවෙන් පිසීආර් පරීක්‍ෂණ සඳහා ජෛවසාම්පල අද දින (26) ලබාගත් බවත් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පැවසීය.

Read More

දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.

Read More

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර්මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද 2020.10.26 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

චීන ශ්‍රී ලංකා දෙරට අතර සුහදතාව ශක්තිමත් කරමින්,කොවිඩ් හමුවේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මුහුණු ආවරණ දෙදහස් පන්සීයක කට්ටලයක් ලබා දීමට මේ පියවර ගෙන ඇත . චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිත ’ලු ’ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත මෙම පරිත්‍යාගය පසුගියදා භාර දෙන ලදී .

Read More

කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 166 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More

2019 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අන්තර්ජාලයට නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Read More

කෝවිඩ් 19 ආසාදිතයන් වාර්තාවීමත් සමග රත්නපුර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී වසම් නවයක් ඊයේ රාත‍්‍රී සිට හුදකලා කළ බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවසුවේය.

Read More

මහරගම නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පහළොස් දෙනකු (26) දා වාර්තා වූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් 130ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු තලවකැලේ හා කොටගල ප්‍රදේශවලින් අද (26) හඳුනා ගෙන ඇතැයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලය පවසයි.

Read More

මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 41, 000ක් පමණ ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙන බව ත් වෛද්‍ය සිසුන් පමණක් 371ක් වැඩිපුර ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.

Read More

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ සහ මව්වරුන් 03 දෙනෙකුට කෝවිඩ් වෛරසය අසාදනය වි ඇති බව රෝහල් අධ්‍යකෂ සඳහන් කර සිටියි

Read More

අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව විෂබීජහරණ කටයුතු වෙනුවෙන් වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාව තුළ ඊයේ (25දා) දිනය වන විට පී.සී.ආර්. පරීක්ෂණ 450836ක් සිදුකර අවසන් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊයේ (25දා) දිනය වනවි වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 127ක් වන බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඉන්දික පතිරණ මහතා සඳහන් කළේය.

Read More

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයේ රෝහල් පහක් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වෙන් කර ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More

කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයෙකු 25 රාත්‍රී පිලියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක ඔහුගේ පුතුගේ මංගල්‍යයට සහභාගි වී සිටින බවට ලද තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු පලා ගොස් තිබූ බව පිලියන්දල පොලිසිය කියයි

Read More

ඇතැම් අභයභූමි මෙන්ම වනසංරක්ෂණ කළාප අනවසරයෙන් ඇතැම් පුද්ගලයින් මෙන්ම ව්‍යාපාරිකයින්ද අත්පත් කර ගනිමින් සිටින නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්, අනවසර ඉදි කිරීම් ඉවත් කිරීම සඳහාත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් තීරණය කර ඇත.

Read More

හම්බන්තොට ධිවර වරායේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමඟ හම්බන්තොට ධිවර වරායට හා නගරයට ඇතුළුවීමේ සිමා පනවා තිබේ.

Read More

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

කොළඹ නැව්තථාංගන හා පැලියගොඩ මත්ස්‍ය වෙළද පොළේ කොරෝනා පොකුරු නිසා ගාල්ල දිස්ත්‍රික්කය තුල මේ වනතෙක් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.