saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 7843 hours ago

LATEST

ඔස්ට්‍රියාවේ වියානා නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේ

calendar_today 2020 නොවැ 03 - 06:08 remove_red_eye - 1623  

ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නෙහෙමර් මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස විස්තර කර ඇති අතර, පොලීසිය විසින් ප්‍රහාරකයන් සොයා ගැනීමට උත්සාහ කරන බැවින් ගෘහස්ථව රැඳී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,850,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

දැනට පවතින තත්ත්වය මත කොවිඩ් - 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

සිය නැන්දම්මාට සහ මාමණ්ඩියට පහර දි නැන්දම්මා ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලේලිව අද (02දා) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජෙසුන්දර මහතා පැවසිය.

Read More

දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින් තුළ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් ඒ හේතුවෙන් ඉදිරි කාලයේදී විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොරෝනා ආසාදිතයින් හමුවූ කුරුණෑගල නාගරික බල ප්‍රදේශයේ සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 207 කින් 206 ක්ම ඍණාත්මක වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

යාල ජාතික වනෝද්‍යානයට අයත් කටගමුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී දඩයක්කරුවන් සහ වනජීවි නිලධාරින් අතර ඊයේ (1දා) රාත්‍රී සිදුවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බව වනජීවි නිලධාරිහු කියති.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කොට තිබේ.

Read More

මීගහතැන්න නගර මධ්‍යයේ මාළු වෙළෙඳාමේ නිරත ව සිටි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස අද දින තහවුරු වූ බව වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

Read More

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ලබා දුන් සහන පැකේජය තවදුරටත් ක්‍රියාත්මක බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සංචාරක කර්මාන්තය යළි යථා තත්වයට පත් වන තුරු මෙම සහන පැකේජය ක්‍රියාත්මක බවයි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවහැට මාරස්සන නගරයේ සියලු වෙළඳසැල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ .

Read More

පානදුර වෙරළට ගොඩ ගැසූ මසුන් නැවතත් මුහුදට යොමු කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 111ක් වාර්තා වෙයි.

Read More

පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි 27 හැවැරිදි පුද්ගලයාගේ මරණය කොවිඩ් 19 ආසාදිත මරණයක් නොවන බවට තීරණය කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකය තීරණය කර තිබේ.

Read More

තුන්වන පාසැල් වාරය සඳහා ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රියන් පිළිබඳ ප්‍රධාන දුම්රිය පාලකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

එම පුද්ගලයා මේ වනවිට ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලූම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිතව සංචාරක කටයුතු අද (02) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි.

Read More

හැටන් නගරයේ පෞද්ගලික බැංකුවක කලමණාකාරවරයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව වසා දැමිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් අද (02දා) කටයුතු කළේය.

Read More

කොරෝනා වෛරසය ආසාධිත මියගිය තරුණයෙකුගේ පරීක්ෂණ කටයුතු වලට සහභාගි වූ පානදුර පොලිසියේ කාන්තා නිලධාරිනියක් ඇතුළුව පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කිරීමට අද (2) පියවර ගත් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය පොලිස් පරීක්ෂක වරයෙක් , උප පොලිස් පරීක්ෂක වරයෙක්, පොලිස් සැරයන් වරයෙක් , පොලිස් කොස්තාපල් වරයෙක් හා කාන්තා පොලිස් කොස්තාපල් වරියක් මෙලෙස නිරෝධනයට ලක්කර ඇත .

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ධිවර කාර්මිකයින් හා ධිවර ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 2105 දෙනෙකු මේ දක්වා කාලය තුලදි පි. සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

මෙරට කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය හා රාජ්‍ය නොවන දෙස් විදෙස් ආයතන රැසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදි.

Read More

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

Read More

තාක්ෂණික දෝෂයක් ඇතිව තිබූ මුල්ලේරියාව මූලික රෝහලේ පී.සී.ආර්. යන්ත්‍රයේ දෝෂ හඳුනාගැනීමෙන් පසුව එය නිවැරදි කර සිදුකළ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

රජය විසින් ඊයේ (1) දිනයේ කොරෝනා වසංගතය පැතිර යන ප්‍රදේශ සඳහා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක කිරීමේදී ගැටළුකාරි තත්ත්වයක් ඇතිවී තිබේ.

Read More

ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර හමුවක් පසුගිය දා එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read More

මෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වෙයි.

Read More

11/01 දින රාත්‍රී 8.00 වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 111 දෙනෙකු සොයාගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 3137 ක් හමු වී ඇති බවත් , ඒ සදහා පී.සී.ආර්.පරීක්ෂණ 47258 ක් සිදු කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.