saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 7840 hours ago

LATEST

බදුල්ල අධිකරණයේ නඩු කටයුතු කල්තබයි

calendar_today 2020 නොවැ 03 - 19:35 remove_red_eye - 204  

කොරෝනා වෛරසය ආසාදිත වූ රහස් පොලිස් නිලධාරියකු බදුල්ල මහ අධිකරණයේ නඩු කටයුත්තක් සදහා පැමිණීම නිසාවෙන් අධිකරණයේ සියලු නඩු කටයුතු අද (3)කල්දැමීමට පියවර ගත්හ .

වසර 05කට වරක් සිදුවන විෂය නිර්දේශ වෙනස් වීම හේතු කොට ගෙන උසස් පෙළ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය ලෙස කණ්ඩායම් දෙකක් විශ්ව විද්‍යාලවලට තෝරා ගැනීමේදී සිදුවී ඇති ගැටලුව සම්බන්ධයෙන් විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වාර්තාවක් කැදවා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද (03දා) පාර්ලිමේන්තුවේදී පැවසීය

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 272ක් වාර්තා වෙයි.

Read More

දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

Read More

මොණරාගල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා රෝහල් ගතකළ රැඳවියෙකු අද (03දා) දහවල් මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි

Read More

මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් ආසාදිත රෝගින් 41 ක් හමුවි ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ පවුල් 1,122ක් නිරෝධායනයට ලක් කර ඇති බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවැසිය.

Read More

වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග 02 ක් පාර්ලිමේන්තුවේදී අද (03) සම්මත විය.

Read More

පාර්ලිමේන්තු සභාවේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පත්කර තිබේ.

Read More

තම නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති ආනයනික සීමා බලපා ඇති දේශීය කර්මාන්තකරුවන්ට සතියක් තුළ සහනදායි විසඳුමක් ලබාදීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කටයුතු යොදා තිබේ.

Read More

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බි‍්‍රගේඩියර්වරුන් සිවුදෙනෙකු මේජර් ජෙනරාල් ධූරයට උසස් කර තිබේ.

Read More

කෝවිඩ් වෛරසය ආසාධිත තවත් 332ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කෝවිඩ් වසංගතය හමුවේ මතුව ඇති තත්වයන් හේතුකොටගෙන විෂබීජහරණ කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය කාර්යාල පරිශ්‍රය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

Read More

ගිරිඋල්ල පොලිස් වසමට අයත් මරදගොල්ල ග‍්‍රාමයෙන් ඉකුත් 01 වන දින කොරෝනා වෛරසය ආසාදනයවූ පුද්ගලයෙකු වාර්තාවීමත් සමග එම ග‍්‍රාමය ඊයේ 02 හුදකලා කල බව ගිරිඋල්ල පොලීසිය කියයි.

Read More

කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ.

Read More

බේරුවල රෝහලේ වෛද්‍යවරයෙකුට හා රසායනාගාර අංශ සේවකයෙකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සඳහන් කරයි.

Read More

මාකලන්දාව පදිංචි අය මෙයට පෙර අසාදිත ලෙස වාර්තා වූ මාස තුනක බිළිඳියගේ පියා බවත් ,මේ වන විට එම පවුලේ 05 කට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැ යි ද වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී කටයුතු කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු මුදල් කාරක සභාව නම් කර තිබේ.

Read More

සැකකරු සතුව ගිනි අවි පැවතී ඇති අතර, ඔහුගේ කමිසය මරාගෙන මැරෙන බෝම්බයක් සේ පෙන්වා තිබුණත් එය ව්‍යාජ එකක් බව කියයි. එරට විශේෂ බලකාය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කර ඇත.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය සමයේදී පවා ක්ෂේත්‍ර කිහිපයක ආර්ථික කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය අයදුම්පත්‍රය පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Read More

ශ්‍රී ලංකාවෙන් කොරෝනා අවදානම තුරන් වෙනවානම් තමා මුහුදට හෝ බිලි වීමට සූදානම් බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

මහනුවර මහ නගර සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මන්ත්‍රී එම්. පී. විග්නේෂ්වරන් මහතා එම මන්ත්‍රීධූරයෙන් නෙරපා හැරීමට එම පක්ෂ නායකත්වය තීරණය කොට තිබේ.

Read More

කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමට ඩයලොග් සමාගම එක්ව සිටියි. සහන අවශ්‍ය ජනතාව හඳුනාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්ය නිලධාරීන්ගේ සහාය මේ වෙනුවෙන් ලැබී තිබේ.

Read More

පැය දෙකක කාලයක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

Read More

ජා-ඇල ආනියකන්ද ආයුර්වේද රෝහලේ සාත්තු සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ඊයේ රාත්‍රියේ සිට වසා වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ දින සවස 4.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ , වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක් ඇති බව , තමන් වෙත ලැබී ඇති සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමෙන් හෙළිදරව් වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රැටික් පක්ෂය නියෝජනය කරමින් හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මෙවර කරට කර තරගයක නිරත වෙති.

Read More

ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නෙහෙමර් මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස විස්තර කර ඇති අතර, පොලීසිය විසින් ප්‍රහාරකයන් සොයා ගැනීමට උත්සාහ කරන බැවින් ගෘහස්ථව රැඳී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,850,000ක සීමාවට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.