saravita-anim2

2026 මැයි මස 27 වන බදාදා

2026 මැයි මස 27 වන බදාදා

Latest News - timelapse 8411 hours ago

LATEST

189349 කට කොවිඩ් එන්නත ලබාදී අවසන්

calendar_today 2021 පෙබ 15 - 06:56 remove_red_eye - 188  

ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5න් ඊයේ දිනය වන විට මාත්‍රා 189349ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

තවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 397ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසල් වේලාවෙන් බැහැර ක්‍රීඩා පුහුණුවීම සදහා ලංගම බස්වලින් යාමට මගී ප්‍රවාහන ගමන් වාර ප්‍රවේශපත්‍රයක් (සීසන් එකක්) ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (14) පස්වරුවේදී අම්බලන්ගොඩදී පැවසීය.

Read More

නව කොවිඩ් ප්‍රභේදය පාලනයට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් 357 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

නියාමන ගමන් වාරයන් යෑම දුම්රිය නියාමන සංගමය මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළත් පසුව අදාළ සමාගම සමඟ කළ සාකච්ඡාවකින් පසු එම සංගමය නියාමන ව්යාපෘතියට කැමැත්ත පළ කර තිබේ. එළෙස කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව පසුගිය 11 වැනිදා දුම්රිය නියාමන සංගමයේ පිරිසක් හා දුම්රිය රියැදුරන් පිරිසක් තිරිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී සාදයකට සහභාගි වී ඇති අතර දුම්රිය ප‍්‍රමාදයට හේතු වූයේ ද එම සාදයට අදාල දුම්රියේ රියැදුරු ද සහභාගී වී තිබීම නිසා යැයි පැවැසේ.

Read More

කටුනායක ප්‍රදේශය තුළ අද (14 දා) කොරෝනා වෛරසය ආසාදිතවූවන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

Read More

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Read More

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෙට එම ආයතනය වසා දැමීමට පියවර ගෙන ඇති බව එහි සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා පැවසීය.

Read More

කටුනායක ප්‍රදේශය තුළ 02/14 ද කොරෝනා වෛරසය ආසාදිතවූවන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ පක්ෂය වන පිවිතුරු හෙළ උරුමයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.

Read More

රජය මැදිහත් වි මායිම් නිරවුල් කිරිම සඳහා ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ පළමු මැනුම සිදු කිරිමෙන් පසු සිටුවන ලද සීමා මායිම් කණු රැසක් ගලවා එහි ඉඩමක් බලහත්කාරයෙන් බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන ඩ්‍රෝසර් කිරිමේ සිද්ධියක් දින කිහිපයක් තිස්සේ සිදු වි ඇති බව දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ ඊයේ 13 මාධ්‍ය වෙත පැවසූහ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 865 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

බන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 4,694ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සිව්දෙනා විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ කොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහයන් භූමිදානය කිරීමට රජය අවසර දෙන බවට වූ කොන්දේසිය මත බව මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම් මහතා පැවැසීය.

Read More

වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් නව ප්‍ර භේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමත් වැඩි මංගල හා අවමංගල උත්සව හැර වැඩි ජනතාවක් ගැවසෙන උත්සව පැවැත්වීමට අවසර නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Read More

කොළඹ බ්ලුමැන්ඩල් ලොන්ඩරි වත්ත ප්‍රදේශයේ දී හිටපු පොලිස් කොස්තාපල් වරයෙක් (13) සැකපිට අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) කොවිඩ් 19 ආසාදිත රෝගීන් දාහතර දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ මහතා පැවසීය.

Read More

දිවයිනම ආවරණය වන පරිදි ඊයේ (13) දිනයේ විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලසීමාව තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,308 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් අත් කර දී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

වැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් ඊයේ රාත්‍රී 7.40ට පමණ පුද්ගලයෙකු වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටදී දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන යලි පැවැත්වීමට රජයේ අවධානය යොමු වෙයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

Read More

මුන්දලම සෞඛ්‍ය සේවා බල ප‍්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට ඉකුත් සතියේ සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ වලින් 13දා තහවුරු වී ඇතිබව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සහායකයෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් අජීම් නැමැත්තෙකු කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

Read More

දේශපාලනයෙන් තොර, විනිවිධභාවයෙන් යුතු නව වැඩපිළිවෙළ සඳහා වූ නව චක්‍රලේඛය නිකුත් කෙරෙයි. මාර්තු මස 01දා සිට ප්‍රතිලාභ ලබාදීම ඇරැඹෙයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 08 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

Read More

කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් චීනයේ කළ සංචාරයේදී, ඔවුන් වෙත වැදගත් දත්ත ලබාදීම චීනය ප්‍රතික්ෂේප කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසයි.

Read More

මෙම එන්නත නිපදවූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් පැවසුවේ වයස අවුරුදු 6-17 අතර ළමයින් හා යෞවනයන් සඳහා සහ ලන්ඩන්, සදම්ටන් සහ බ්‍රිස්ටල් යන ස්ථානවල මෙම එන්නත පරීක්ෂා කරන බවයි.

Read More

කෙසේ වෙතත් ගෙවීගිය දින 100ක කාලය තුළ එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 ආසාදිතව දෛනිකව සාමාන්‍යයෙන් සිදුවන මරණ සංඛ්‍යාව මේ වනවිට 200%කින් ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.