සාදයක් නිසා අතරමග නැවතුණු නියාමන දුම්රිය ගමන
චීනවරායේ සිට සීදූවේ ප්‍රීමා පිටි කම්හල දක්වා දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙලෙහි නියාමන ගමන්වාරය ඇරඹුණු ඉකුත් 12 වැනිදා කොළඹට පැමිණීමට පිටත් වූ පිටි සහිත දුම්රිය රියදුරෙකු නැතිකමින් පැය තුනක් තිස්සේ මහව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බව වාර්තා වේ.
මහව සිට එම දුම්රිය ගෙන යාමට නියමිතව සිටි දුම්රිය රියදුරු ඊට පෙරදින රාත්‍රීයේ ප්‍රීමා සමාගම විසින් ලබාදුන් සාදයකට සහභාගි වීම නිසා මේ තත්ත්වය උදා වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ව්‍යාපෘතියේ නියාමන ගමන් වාරයන් යෑම දුම්රිය නියාමන සංගමය මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළත් පසුව අදාළ සමාගම සමඟ කළ සාකච්ඡාවකින් පසු එම සංගමය නියාමන ව්‍යාපෘතියට කැමැත්ත පළ කර තිබේ.
එළෙස කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව පසුගිය 11 වැනිදා දුම්රිය නියාමන සංගමයේ පිරිසක් හා දුම්රිය රියැදුරන් පිරිසක් තිරිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී සාදයකට සහභාගි වී ඇති අතර දුම්රිය ප්‍රමාදයට හේතු වූයේ ද එම සාදයට අදාල දුම්රියේ රියැදුරු ද සහභාගී වී තිබීම නිසා යැයි පැවැසේ.
මෙම පිරිස නිලවෙලි හෝටලයට ගොස් ඇත්තේද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අයත් මහේන්ද්‍රා ස්කෝපියන් වර්ගයේ රථයක් හා කැබ් රථයකින් බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතැයි ද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
