saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7705 hours ago

LATEST

හිටපු ජනාධිපති පාස්කු කොමිස​ම හමුවට

calendar_today 2020 නොවැ 24 - 11:09 remove_red_eye - 388  

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් කොවිඩ් ආසාධිතයන් 39 දෙනෙකු වාර්තා වාර්තාවීමත් සමඟ එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තෙලඹුගහවත්ත හා බුළුගෙහෝතැන්න යන ග්‍රාම නිලධාරී වසම් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයෙ පස්වරුවේ ආරම්භ කළ විරෝධය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකව පවතින බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

Read More

මුහුණු ආවරණ නොපැලදීම සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 62ක් ගෙවුණු පැය 24 කාලය තුළදී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් 19 ආසාදිතයෙක් බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරුවූ පස්සර කනවරැල්ල පදිංචිකරුවෙක් ඊට දින කීපයකර පෙර පස්සර පොලිස් ස්ථානයට පැමිණීමේ හේතුවෙන් ඔහු පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ සේවයකළ පොලිස් නිලධාරින් 6 දෙනෙකු ආශ්‍රිතයන් සේ සැකකර ඊයේ සිට ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය .

Read More

පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ද‍හසේ සීමාව ඉක්මවා ගොස් ඇත.

Read More

සීමා ඉවත් කිරීම් සිදුවන්නේ කවර ප්‍රදේශවලද යන්න සැලසුම් කිරීම බ්‍රහස්පතින්දා සිදුකරන බවද අගමැති බොරිස් ජොන්සන් පවසයි.

Read More

කන්තලේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත රුපියල් හැටඅ​ට ලක්ෂ අසූ දෙදහසක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් නෝට්ටු372 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ

Read More

මැදපෙරදිග රටවල් දෙකක රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 188 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත 11/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

සෞඛ්‍ය සේවා පද්ධතිය වඩා හොඳ තත්ත්වයක පැවතීම සඳහා දෛනිකව නව ආසාදිතයන් 500කට වඩා අඩු සංඛ්‍යාවක් ලබාගැනීම මෙම නවතම ලොක්ඩවුන් සීමාවන්ගේ අරමුණ බව ලක්සම්බර්ග් බලධාරීන් පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් අවධාරණය කරන්නේ, ලොව පුරා එන්නත් සමානව බෙදාහැරිය යුතු බවත්, මෙවැනි බෙදාහැරීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇ.ඩො.බිලියන 4.3ක් අවශ්‍ය බවත්ය.

Read More

මෙම එන්නත සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා උෂ්ණත්වයක ස්ථායී බව හෙළිවෙයි. ඊට සාපේක්ෂව, ෆයිසර් එන්නත සෙල්සියස් අංශක සෘණ 75ක පමණ ගබඩා කළ යුතුව ඇති අතර, එය එන්නත් ප්‍රවාහනයේදී අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි.

Read More

චැං -5 රොබෝ අභ්‍යවකාශ රෝවරය රැගත් ලෝන්ග් මාච් 5 රොකට්ටුව දේශීය වේලාවෙන් අඟහරුවාදා අලුයම වෙන්චැං හි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණයෙන් දියත් වූ අතර, එය දෙසැම්බර් මැද භාගයේදී නැවත පෘථිවියට පැමිණීමට නියමිතව තිබේ.

Read More

නොවැම්බර් 19 වැනිදාන් අවසන් සතිය තුළ එක්සත් ජනපදයේ ළමයින් අතර නව කොවිඩ්-19 ආසාදිතයන් 144,000කට වඩා වාර්තා වී ඇති අතර, එරට තහවුරු වූ ආසාදිතයන්ගෙන් 11%ක් ළමයින් බව කියයි.

Read More

ධවල මන්දිරයේ නත්තල් ගස් තෝරා ගැනීම සාමාන්‍යයෙන් ජාතික නත්තල් ගස් සංගමය විසින් අධීක්ෂණය කරනු ලබන අතර එය 1966 සිට නිල නත්තල් ගස ලබා දී ඇත. නමුත් මේ වසරේ විධිමත් තේරීම් උත්සවයක් සිදු වී නොමැති බවද කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 14ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද කිසිලෙසකත් මුඛ ආවරණ. දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව නොහැසිරෙන ලෙස අවධාරණය කෙරෙයි.

Read More

මෙරට සමස්ත කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහල ගොස් ඇත. ඒ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් අද දිනයේදී වාර්තා වීමත් සමගයි.

Read More

කොවිඩ් ආසාදිත වු තවත් 131 දෙනෙක් අද (23) හදුනාගෙන තිබේ.

Read More

කොවිඩ් 19 හේතුකොට ගෙන තමිල්නාඩුවේ සිරවී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව මව්රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටී.

Read More

ජා-ඇල පොලිස් බල ප්‍රදේශයේ දින 46 ක් පුරා පැවති ඇදිරි නීතිය 23 දා අලුයම 05.00 ට ඉවත් කලද ජා-ඇල පොදු වෙළදපොළ තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇත.

Read More

ව්‍යාපාරික ස්ථාන රැසකින් සමන්විත කුරුණෑගල මහ වීදියෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන එම වීදියට සංචරණ සීමා පනවා අද (23) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත.

Read More

අද (23) දිනය තුළ කෝවිඩ් ආසාදිතයින් 204ක් වාර්තා වෙයි

Read More

කොවිඩ් 19 වෛරසය ශීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් හදිසියේ වසාදැමු පාසල් නැවත විවෘත කිරීම සිදු කෙරුණත් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක වල (උතුරු මැද පළාත) රජයේ පාසල් 14ක් අද (23) දින විවෘත කිරිමට නොහැකිවු බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය පැවසීය.

Read More

තුන්වැනි පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් 6-13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අද (23) සිට ආරම්භ කරන ලද අතර, එම පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

අලුත් මාලිංග කිලිනොච්චියෙන් සොයා ගනී

Read More

විශ්වවිද්‍යාල සඳහා 2019 සහ 2020 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් සිසුන් ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ වි තිබේ.

Read More

දිපාවලි උත්සවයෙන් පසු බස්නාහිර පළාතෙන් වතුකරයට පිරිස් පැමිණිම නිසා වතු ආශ්‍රිත ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආශ්‍රිතයක් විශාල වශයෙන් හමුවන බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

මහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් පපුවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කළේය .

Read More

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් අතරින් විදුහල්පති පුරප්පාඩු පවතින ජාතික පාසල් 170ක් සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.06 වැනිදායින් ආරම්භ කෙරුණු අතර අදාල අයදුම්පත් භාරගැනීම 2020.12.04 වැනිදායින් අවසන් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.