saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7572 hours ago

LATEST

රෝහල් පොකුරක් ඇතිවීමට පෙර සෞඛ්‍ය සේවකයෝ බේරාගන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩල බලධාරීන්ගෙන් ඉල්ලයි

calendar_today 2020 දෙසැ 29 - 08:30 remove_red_eye - 595  

කෝවිඩ් ව්‍යාප්තිය රටපුරා සිදුවෙමින් තිබෙන අතර, රටපුරා සිටින රෝහල් කාර්ය මණ්ඩල තුළින්ද කෝවිඩ් ආසාදිතයන් හමුවන බවට වාර්තා වෙමින් තිබේ. ජාතික රෝහල, කළුතර, කළුබෝවිල, රාගම, කෑගල්ල, නුවර රෝහල් ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන දහතුනකින් පමණ එහි කාර්යමණ්ඩල තුළ කෝඩිව් ආසාදිතයන් හමුවී තිබෙන අතර, මෙම තත්ත්වය දීර්ඝව පැව

උදුවප් පොහොය ශ්‍රී ලාංකික බෞද්ධ සැදහැතියන්ට වැදගත්වන හේතු ගණනාවකි. එකක් සංඝමිත්තා තෙරණිය විසින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩිම කරවීමය. අනෙක ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමය. තවත් වැදගත් කරුණක් වන්නේ එනිසාම කාන්තාවට සමාජය තුළ නිසි තැන, ගෞරවය සහ පිළිගැනීම වෙනුවෙන් සැබෑ කාන්තා සම්මුතියකට ප්‍රවේශයක් සැලසීමය. ඒ අයුරින්ම කාන්තාව සමාජයේ සෑම ස්ත්‍රී පුරුෂභාවයකින් තොරව සමාජ නායකත්වයට පත්කරවීමේ ආරම්භයට මුල පිරීමය.

Read More

සහභාගිවන්නන්ගෙන් තුනෙන් දෙකකට අහඹු ලෙස එන්නත් දෙකක් දින 21ක කාල පරාසයකින් ලබාදෙනු ඇත. එමෙන්ම මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ආශ්‍රිතවද මෙම එන්නත පරීක්ෂාවට ලක්කෙරෙන බව කියයි.

Read More

’’එන්නත් ලබාගැනීම ප්‍රමුඛතාවයක්. නමුත්, එන්නතක් ලබා ගන්නේ කාටද යන්න පිළිබඳ කිසිදු දේශපාලනයක් තිබිය යුතු නැහැ. එන්නත් කිරීමේ ක්‍රියාවලියේ කිසිදු වංචාවක් අපි ඉවසන්නේ නැහැ.’’ නිව්යෝක් ආණ්ඩුකාරවරයා පවසයි.

Read More

’’රටවල් ඵලදායී ලෙස සොයා බලා පරීක්ෂා කරන්නේ නම් පමණක්, එම රටවලට නව ප්‍රභේද තෝරාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීමට උපාය මාර්ග සකස් කළ හැකියි’’ WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අවධාරණය කරයි.

Read More

කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තවීම සමග වසංගතය ආරම්භ වූ දා සිට එරටින් වාර්තා වූ ඉහළම දෛනික ආසාදන සංඛ්‍යාව මෙසේ වාර්තා වන අතර, දෛනික මරණ සංඛ්‍යාවද 357ක් ලෙස සටහන් වෙයි.

Read More

කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය සිය වෙබ් අඩවියේ සඳහන් කළේ මෑතකදී ජාත්‍යන්තර සංචාරකයන් සඳහා රට විවෘත කිරීමෙන් පසුව නව කොරෝනා වෛරස රෝගීන්ගේ ඉහළ යෑමක් දක්නට ලැබෙන බවය. කෙවිඩ්-19 ආසාදන අවම කිරීමේ උත්සාහයක් ලෙස කියුබාව සිය ජාත්‍යන්තර ගුවන්තොටුපල මාර්තු මාසයේදී අර්ධ වශයෙන් වසා දැමීමෙන් පසු නොවැම්බර් මාසයේදී නැවත විවෘත කළේය.

Read More

කොවිඩ්-19 පැතිරයෑමට මුහුණ දෙන ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිතය ආරක්ෂා කිරීම සඳහා චීනයේ ප්‍රමුඛතාවය යළිත් අවධාරණය කළ චීන අග්‍රාමාත්‍යවරයා, වසංගතය මානව වර්ගයාට පොදු අභියෝගයක් බවත්, වෛරසයට එරෙහි සටනේදී සියලු රටවල් එකට වැඩකළ හැකි යැයි තමා විශ්වාස කරන බවත් කීවේය.

Read More

බ්‍රිතාන්‍යයේ සංසරණය වන කොවිඩ්-19 නව ප්‍රභේදයේ ආසාදිතයන් දෙදෙනෙකු මෙන්ම, දකුණු අප්‍රිකාවේ පැතිරී ඇති වෙනම ප්‍රභේදයක තවත් ආසාදිතයෙකුද මෙසේ හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය නිලධාරීහු පවසති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,772,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

තවත් කොවිඩ් මරණ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 194ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 530ක් වෙයි.

Read More

ලබන ජනවාරි 11 වනදා ආරම්භ කෙරෙන පාසල්වල ප‍්‍රාථමික අංශයේ සිසුන් කොටස් දෙකකට පාසලට ගෙන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනරාල් ධුරයට උසස් කර තිබේ.

Read More

සංචාරකයින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකයින්ගේ පැමිණිම සම්බන්ධයෙන් බියවිය යුතු නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.

Read More

සතොස ගබඩා සංකිර්ණයේ එක් නාට්ටාමිවරයෙකු ඉකුත් දින කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ සමිපතම ආශ්‍රිතයින් 13 දෙනෙකු අහඹු පී.සී.ආර්. පරික්ෂණයකට යොමුකර සිටි බව වරුණ අමරසේකර මහතා පවසා සිටියේය.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 366ක් වාර්තා වී තිබේ. ඒ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 37360ක් මේ දක්වා වාර්තා වී තිබේ.

Read More

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (CWE) නව සභාපතිවරයා වශයෙන් නීතීඥ වෙනුර ගුණවර්ධන මහතා ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ද පත් කර ඇත.

Read More

2020-2021 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකූලව හෙට (29දා) උඳුවහ් පොහෝ දිනයෙන් ආරම්භ කිරිම සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ

Read More

කොවිඩ් -19 ආසාදිතයින් 366 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කරයි.

Read More

කොව්ඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 520 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

බන්ධනාගාර ආශී‍්‍රතව තවත් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.

Read More

කොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ මාස 09 කට පසුව නැවත විවෘත කරමින් පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද දින පස්වරු 2.07 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කළේය .

Read More

කටුගස්තොට පොලිස් වසමේ උගුරැස්සපිටිය මුස්ලිම් දේවස්ථානයේ සිකුරාදා දේව මෙහෙයට සහභාගි වූ ආයෙ කොට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම දේව මෙහෙයට සහභාගි වූ සියලුම පුද්ගලයන්ගේ නිවාසවල සාමාජිකයන් සහ කොවිඩ් ආසාදිතයාගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට කටුගස්තොට පොලිස් නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වටවල මවුන්ජින් වත්ත (28) දින සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කල බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.

Read More

බස්නාහිර පළාතෙන් පිටතට යන සියලු දෙනා අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීම අඛණ්ඩව සිදු කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලින් නව කොවිඩ් 19 ආසාදිතයින් 12 දෙනෙකු අලුතින් වාර්තා වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1003 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශය අද (28) සිට තාවකාලිකව වසා දමා තිබේ.

Read More

බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (28) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී අනාවරණය වූ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් ජේ සිංහබාහු මහතා පැවසීය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.