පූටින්ට ලබාදුන් රුසියානු එන්නත ප්රසිද්ධ නොකරයි
- 24 03 2021
- 06:52
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඊයේ (23දා) කොවිඩ්-19 වෛරසයට එරෙහි දේශීය එන්නත් තුනෙන් එකක් ලබාගත් බව ක්රෙම්ලිනය නිවේදනය කළේය.
එන්නත ලබාගැනීමෙන් පසු පූටින්ට අපහසුවක් නොමැති බවත්, ඔහු බදාදා සම්පූර්ණ රාජකාරී දිනයක් ලෙස ගතකරනු ඇති බවත් ක්රෙම්ලිනයේ ප්රකාශක දිමිත්රි පෙස්කොව් වාර්තාකරුවන්ට පැවසීය.
පූටින්ට ලැබී තිබුණේ ස්පුට්නික් වී, එපිවැක් කොරෝනා සහ කොවිවැක් යන එන්නත් තුනෙන් කුමක්ද යන්න ක්රෙම්ලිනය විසින් අනාවරණය නොකරන බවද ඔහු පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
