saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7944 hours ago

LATEST

පදිකයින් රිය අනතුරුවලට ලක්විමේ ප්‍රවණතාව ඉහළට

calendar_today 2021 අප්‍රේ 09 - 15:39 remove_red_eye - 190  

පදිකයින් රිය අනතුරුවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින බව පොලීසිය පවසයි.

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසි දුම්රිය වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය ගම්බිම් බලා යෑම සඳහා සූදානම් වූ බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව තිබේ.

Read More

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය .

Read More

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි රටපුරා ආන්දෝලනයට තුඩු දුන් විසකාරක පොල්තෙල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පළමු වරට රැස්විය.

Read More

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 343ක් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ, අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

අද(09) දිනයේ සිට සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ කෙරේ.

Read More

කෙටි දුර ධාවන ශූරී දිල්ෂි කුමාරසිංහ කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීමට සමත්වූවාය. ඒ ‍කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (09දා) පැවති ජාතික තේරීම් තරග වලදීය

Read More

යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් පස් දෙනෙකුගෙන් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා අද (09) අලුයම් අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 40 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,288 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 370,000 ක් බරැති ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ද ප්‍රවාහනය කිරීමට ද දායක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ බස්රථ සේවාව අද (09) සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

Read More

ෂියාන්-6 ශ්‍රේණියේ තුන්වැනි චන්ද්‍රිකාව අද (09දා) පෙරවරු 7.01 ට දියත් කරන ලදී. අභ්‍යවකාශ පරිසර සමීක්ෂණ සහ අදාළ තාක්ෂණයන් පිළිබඳ අත්හදා බැලීම් සිදු කිරීමට මෙය යොදා ගන්නා බව කියයි.

Read More

කැන්සිනෝ තනි මාත්‍රාවේ එන්නත චීනය, මෙක්සිකෝව, පාකිස්තානය සහ හංගේරියාව යන රටවල මේ වනවිටත් අනුමැතිය ලබා තිබේ.

Read More

පසුගිය සතියේ අප්‍රිකානු එන්නත ලබාගැනීමේ සන්ධානය අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 55 වෙනුවෙන් එන්නත් මාත්‍රා මිලියන 220ක් සඳහා ජොන්සන් සහ ජොන්සන් සමග ගිවිසුමක් අත්සන් කර තිබේ. ඒ අනුව මෙම වසරේ තෙවැනි කාර්තුව ආරම්භයේදී මෙම එන්නත් ලබා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ.

Read More

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය

Read More

එල්.ටී.ටී.ඊ. පොලීසිය භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් පුද්ගලයන් පස් දෙනෙකු යාපනයේ රාජකාරී යෙදවීමේ සිදුවීමට සම්බන්ධව යාපනය නගරාධිපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබේ.

Read More

එදා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ අය අතර ශක්තිමත් සුහදතාවයක් හා මිත්‍රත්වයක් ඇති බව ඊට සම්බන්ධ වූ වෛද්‍යවරු පවසති. එම අවස්ථාවේ දී, ඔවුන් පූර්ණ ආරක්ෂිත ආම්පන්නවලින් සැරසී සිටියද, එක් බැල්මකින් හෝ වචනයකින් එකිනෙදා හඳුනා ගන්නා මට්ටමක සිටි බව කියයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි පෝල් කෙලී පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි අවදානම අතිශයින් අඩු වුවත් රටේ විශේෂයන් විසින් විශාල අවදානමක් ඇති අය සඳහා ඔවුන්ගේ උපදෙස් වෙනස් කර ඇති බවයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත සහ රුධිර කැටි ගැසීම අතර යම් සම්බන්ධතාවක් පැවතිය හැකි බවට වූ විශ්වාසයන් සමග ලොව පුරා ඇතැම් රටවල් එම එන්නත් ලබාදීමේ වයස් සීමාවන් හා ක්‍රමවේද වෙනස් කර තිබේ.

Read More

47 හැවිරිදි තෙන්ඩුල්කාර් පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබුවේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවය. ඔහු රෝහල්ගත වීමට පෙරද මෘදු රෝග ලක්ෂණ අත්විඳිමින් නිවසේ නිරෝධායනය වෙමින් සිටියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 133,760,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය ළඟදීම එළිදකී - මිය ගිය හා ආබාධිත රණවිරු වැටුප්, යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ..

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර නිසා බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, යූ. කර්නයින් හා තිලකා නිල්මිණී එහි සෙසු සාමාජික සාමාජිකාවන් වෙයි.

Read More

පොලිස් ජිප් රථයකට පහරදි අලාභ හානි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහලේ අපි ජාතික සංවිධානයේ මහලේකම් පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පොලිස් ඇප මත මුදාහැර තිබේ.

Read More

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදේශ පාර්සල් අංශයට විදේශ රටවල් 03 කින් , ශ්‍රී ලංකාවේ ව්‍යාජ ලිපිනයන් 05 ක් වෙත එවා තිබූ පාර්සල් 05 ක් තුළ තිබී රුපියල් ලක්ෂ 70 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අද දින සවස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය

Read More

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (08) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

දංකොටුව ප්‍රදේශයේදි තෙල් මෝලක සඟවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රේගුවට භාර දෙන ලද බවුසර් දෙකෙන් ලබාගත් පොල්තෙල් සාම්පලවල ඇෆ්ලටෝක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බව තහවුරු වී තිබෙනවා.

Read More

මත්පෙති 140 ක් සමග කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත කොළඹ කොටුව ප්‍රදේශයේ ඖෂධ හලකින් මත්පෙති 3000කට අධික ප්‍රමාණයක් සමග වෙළෙඳහලේ හිමිකරු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.