saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7627 hours ago

LATEST

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

calendar_today 2021 ජුනි 21 - 22:47 remove_red_eye - 166  

පයාගල ,බේරුවල .බෙන්තොට අලුත්ගම ,දර්ගා නගරය ,මග්ගොන ,කළුවාමෝදර සහ මොරගොල්ල ප්‍රදේශවලට හෙට (22) පෙ.ව 8.30 සිට පැය 24ක් තුළ ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.

රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වැලි ටිපර් රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් අද (21දා) රාජ්‍ය අමාත්‍යවරයාගේ මඩකලපුවේ පිහිටි නිවස ඉදිරිපිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනිණි.

Read More

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සදහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

Read More

පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා දේශීය සහල් ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

Read More

(UPDATE)රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩි තැබීම සිදුකළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආසන්න සතිය දෙක තුළ ඉන්දියාවෙන් මුලින්ම හමුවූ ඩෙල්ටා ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ යම් ඉස්මතු වීමක් හා ඒ හරහා ආසාදන වැඩිවීමක් දක්නට ලැබුණි. මේ තත්ත්වය තුළ එංගලන්තයේ කොවිඩ්-19 සීමා කඩිනමින් ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය පසුබට වූ අතර, එන්නත්කරණය වේගවත් කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 367ක් වාර්තා වීමත් සමගින් අද දිනයේදී වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2098ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

සන්නිවේදන පහසුකම් නොමැතිකමින් ගස් උඩ, ගල් උඩ නගින, වැව් තාවුල්ලට යන ගමේ දරුවන්ට එම දුෂ්කරතා මගහැරීම සඳහා සති දෙකක් ඇතුළත ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (21) දින පැවසීය.

Read More

බත්තරමුල්ල ප්‍ර දේශයේදී රුපියල් එක්කෝටි 15 ලක්ෂයක් වටිනා නිවසක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි පුද්ගලයින් 1898 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

කාන්තාවන් 22ක් හා පිරිමින් 30ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 30ට අඩු එක් මරණයක් හා අවුරුදු 30ට වැඩි මරණ 51ක් වාර්තා වී තිබේ.

Read More

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශිය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ අමින්ද හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළේය.

Read More

’’එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාවේ ගින්නෙන් අගතියට පත් පාර්ශවයන් සඳහා වන්දි ලබාගැනීමට අයදුම් කිරීමේ කාලය තවත් සති දෙකකින් දීර්ඝ කර ඇති බව​ට නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

Read More

පක්ෂවලට යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය ජුලි මස 15දා දක්වා දීර්ඝ කිරීමට ඒ පිළිබඳ පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (21) තීරණය කළේය.

Read More

රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදි ගැනිමට සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරිම සඳහා රාජ්‍ය බැංකු සමඟ සාකච්ජා කිරිමට බලාපෙරොත්තු වන්නේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යෝගා ව්‍යායාමයේ යෙදෙන ඡායාරූපයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබුණා.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තුන් දෙනෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු/සේවකයෙකු (මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළුව) එක් සතියක් තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්‍ෂාන් 2023 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට නැතුවම බැරි ක්‍රීඩකයෙකු වන බවත්, ඔහු මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සිටින හොඳම ආයෝජනයක් බවත් සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

Read More

මැණික් හා ස්වාර්ණාභරණ අපනයනකරුවන් අපනයනයේ දී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ අද (21) දින ප්‍රකාශ කළේය.

Read More

‘සැමට ඩිජිටල් (D4E)’ යන තේමාව යටතේ නව ජාතික වැඩසටහනක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ආරම්භ කර තිබේ.

Read More

ටෝකියෝ ඔලිම්පික් උළලෙ සදහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව යුපුන් අබේකෝන් ලොව වේගවත්ම ධාවකයින් අතර 46 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත.

Read More

අනුරාධපුරයේ සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සිය අප්‍රසාධය පල කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් අද (21දා) සංවේගයෙන් යුතුව පැවසූහ.

Read More

කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදිකෙරෙමින් පවතින රථගාල් දොළහේ ව්‍යාපෘතියේ හතරවන රථගාල කොළඹ - 11 අබ්දුල් කාදර් මාවතේ (ගෝල්ඩ් සෙන්ටර් ආසන්නයේ) ඉදිකිරීමේ කටයුතු පසුගිය 20 වැනි දින ආරම්භ කෙරිණ.

Read More

බදුල්ල සතොස ආයතනයේ කළමණාකාරවරිය හා ආරක්ෂක නිලධාරියෙකු කොවිඩ් අසාදිතයන් බව තහවුරු වීම නිසා (21) දහවල් සිට මෙම ආයතනය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පද්ම මහතා පැවසීය .

Read More

කර්මාන්ත ආමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් කලින් විශ්‍රාම ගත් අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිධුරට පත්කර තිබේ.

Read More

පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් සමාජය තුළින් ප්‍රථම වරට ඉන්දීය ප්‍ර භේදය ආසාදනය වූ රෝගීන් දෙමටගොඩ ප්‍ර දේශයෙන් හමුවිය.

Read More

වසංගතය හමුවේ එන්නත්කරණයෙන් ලෝකය තුළ දැඩි අසමානතාවක් පිළිබිඹු වනවිට චීනයේ එන්නත් නිෂ්පාදන සමාගම්වලට ස්තූතිවන්ත වන්නට, 2021 මුල් භාගයේදී ආසියාව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය කොවිඩ්-19 එන්නත් නිපදවීමටත්, ඒවා කඩිනමින් ඒ රටවලට බෙදාහැරීමටත් හැකි විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.