saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7036 hours ago

LATEST

පාඨලිට එරෙහි නඩුවට මහාධිකරණය දුන් නියෝගය

calendar_today 2021 අප්‍රේ 27 - 15:00 remove_red_eye - 5626  

රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවරගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (27) ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළේය.

සමස්ත මුහුණම ආවරණය වන පරිදි පළදින බුර්කාව ඇතුළු ඒ හා සමාන දෑ භාවිත කිරිම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

මරදාන ඩී. ආර්. විජයවර්ධන මාවතේ සැපයුම් කොට්ඨාසය ගබඩා පාලක ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා එම ගබඩාවේ නිදන ඇඳක් මත ඊයේ (26) හිටිහැටියේ මියගොස් ඇතැයි මරදාන පොලිසිය කියයි.

Read More

පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමි නමකට කොවිඞ් 19 වයිරසය ආසාදනයවී ඇතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. කේ. ඩබ්ලිව්. එස්. කුමාරවංශ මහතා කියයි.

Read More

කොවිඩ් දෙවන රැල්ලේ අද (27) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 19,532 ක් බවට පත් වෙද්දී ගතවූ පැය 24 ක කාලයක් තුල ආසාදිතයින් 189 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සතියක කාලයක් එනම් අප්‍රේල් 30 දා තෙක් වසා දැමීමට අදරැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොරෝනා රෝගය පාලනය කිරීමේ අරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්,අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර කලාපයට අයත් සියලු පාසල් ලබන සිකුරාදා (30) දක්වා වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට නියෝග කළාය.

Read More

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය යටතේ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළැඹෙන 30 දා තෙක් වසා දැමීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල ‌හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය වී තිබේ.

Read More

දියවන්නා ජලාශය ආශ්‍රිතව වාර්තා වී ඇති ඇල්ගී තීව්‍ර ලෙස වර්ධනය වීමට හේතුව‍ෙඅධික ලෙස පෝශ්‍යකාරක ද්‍රව්‍යයන් ජලාශයට එක්වීම නිසා බව තහවුරු වී ඇතැයි විශේෂඥයින් විසින් අද දින (27) තහවුරු කරනු ලැබුහ.

Read More

අඹගමුව හා කොටගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 21 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 1650 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.

Read More

කොළඹ මහ නගර සභාව සතු කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබේ.

Read More

පොළොන්නරුවේන් අද දින වනවිට හමුවු කොවිඩ් රෝගින් සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගොස් ඇති බවත් දැනට හුදකලා කර ඇති හිගුරක්ගොඩ සිරිකෙත සහ කුමාරගම යන ගම්මාන වලින් පමණක් ආසාදිත රෝගින් 26 දෙනෙකු හදුනාගෙන ඇති බව පොළොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More

නව ඔක්සිජන් සිලින්ඩර් 400 අද ලැබීමට නීයමිත බවත් ඉන්දියාවේ මෙන් ඔක්සිජන් හිඟයක් ලංකාවේ ඇති නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා (27දා) පැවසීය.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් එළැඹෙන 30 දා තෙක් වසා තැබීමට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කළේය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ කටුදම්පේ හා ඉඹුලගොඩ ග්‍රාම සේවා දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මුහුණු ආවරණ නොපැළඳිම සහ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන කරුණු මත පදනම් ව නිරෝධායනය නීති කැඩූ 108 දෙනෙක් ඊයේ දිනයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

Read More

චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් චෙයි ෆෙන්ග්හේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27දා) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

රත්ගම දේවපතිරාජ විද්‍යාලය දින නියමයක් නොමැතිව අද (27දා) සිට වසා දැමීමට පියවර ගත් බව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාප කාර්‍යාලය කියයි.

Read More

කොවිඩ් ආසාදිත වුවන් වැඩි වශයෙන් වාර්තා විම් ඊයේ දිනයේ සිදුවු අතර එම රෝගින් ගණන 997කි.

Read More

අවුරුදු සමය තුළ රිය අනතුරු 400කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබූ අතර, ඒ හේතුවෙන් 52කු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය සඳහන් කර තිබුණි. වාර්තා වී ඇති ප්‍රමාණය එසේ වුවද, වාර්තා නොවූ ප්‍රමාණය සැලකීමේදී මෙම සංඛ්‍යාව ඊටත් වඩා වැඩිය. අවුරුදු සමය තුළ පමණක් නොව, මේ වනවිට රට තුළ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතී. මාර්ග අනතුරු හේතුවෙන් දිනපතා මිනිස් ජීවිත ගණනාවක් අහිමි වෙමින් පවතින බැවින්, මාර්ග අනතුරු අවම කර ගැනීම කෙරෙහි සියලුදෙනාගේම අවධානය යො

Read More

කොවිඩ් 19 පැතිර යාම හේතුවෙන් මාතලේ, උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම අද (27දා) පෙරවරුවේ සිට වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව උකුවෙල ප්‍රාදේශිය‍ ලේකම් එන්.කේ. සේරසිංහ මහත්මිය පැවසුවාය.

Read More

ඉන්දියාවේ දුක්ඛිත තත්ත්වය හද කම්පා කරවනසුලු තත්ත්වයක් යැයි ටෙඩ්‍රෝස් පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්සිජන් සාන්ද්‍රක දහස් ගණනක්, පෙර සැකසූ ජංගම ක්ෂේත්‍ර රෝහල් සහ රසායනාගාර සැපයුම් ඇතුළු තීරණාත්මක උපකරණ සහ සැපයුම් ඉන්දියාව වෙත සපයන බවද සඳහන් කළේය.

Read More

’’මෙම සතිය අවසන් වීමට පෙර සීනොෆාම් ගැන තීරණයක් ගනු ඇතැයි අප අපේක්ෂා කරනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිකාර, එන්නත් සහ ඖෂධ ප්‍රවේශය සඳහා සහකාර අධ්‍යක්ෂ ජනරාල් මාරියන්ජෙලා සිමාවෝ පැවසීය. මැයි 3දා සිට සමාලෝචනයට භාජනය වන සීනොවැක් (කොරෝනාවැක්) පිළිබඳ තීරණය ලබන සතිය අවසන් වනවිට ලැබෙනු ඇති බවද ඇය පැවසුවාය.

Read More

’’ආසාදන පාලනයකින් තොරව ක්‍රියාත්මක වනවිට සහ වෙනත් රටවල ඉහළ අගයන් යටතේ ආසාදිතයන් වර්ධනය වනවිට එයින් අදහස් වන්නේ ප්‍රභේදයන් වර්ධනය වීමට වැඩි අවස්ථාවක් පවතින බවයි. ලෝකයේ වෙනත් රටවල පාලනයකින් තොරව වෛරසය පැතිරීම සිදුවුවහොත් කිසිදු රටක් අවසානයේදී ආරක්ෂිත නොවනු ඇති.’’ එක්සත් ජනපද ශල්‍ය වෛද්‍ය ජෙනරාල් වෛද්‍ය විවේක් මූර්ති කියයි.

Read More

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිවු, වවුනියා, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින්තැන අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Read More

ලෝක මැලේරියා දිනය සමරනු ලබන්නේ සෑම වසරකම අප්‍රේල් 25වෙනිදායි. ලංකාව මේ වනවිට මැලේරියාව තුරන් කර ඇති රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කර ඇත. නමුත් අසල්වැසි ඉන්දියාව මෙන්ම ලොව බොහෝ රටවල මැලේරියාව තවමත් සක්‍රීය රෝගී තත්ත්වයක් වන බැවින්, සංචාරහරහා මෙරටට මැලේරියාව යළි ඇතුළු වීමේ අවදානමක් පවතී. වසර සියයක ඉතිහාසය තුළ ලංකාව තෙවරක් බිලිගත් වසංගතයක් බවට පත්වූ මැලේරියාව යළි හිස ඔසවන්නට පෙර මේ ඒ පිළිබඳව සිදුකරන තොරතුරු දැක්වීමකි.

Read More

කොවිඩ්-19 වසංගතය ගෝලීය අභියෝගයක් බවත්, සියලු රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, කොවිඩ්-19 එන්නත් බෙදා හැරීම සඳහා ඵලදායී සන්නිවේදනයක් ඇති කරගත යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පවසයි.

Read More

’’ඉන්දියාවේ ජාතික සාමාන්‍ය ධනාත්මකතා අනුපාතය 15%ක් පමණ වෙනවා. දිල්ලිය වැනි සමහර නගරවල එය 30%ක් හෝ ඊටත් වැඩියි. ඉන් කියැවෙන්නේ පරීක්ෂා කිරීමේ හැකියාව ප්‍රමාණවත් නොවන නිසා ආසාදිත හා හඳුනා නොගත් බොහෝ දෙනෙක් සිටින බවයි. සැබෑ ලෙසම ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණ දැයි දැනගන්න තව කාලයක් යාවි.’’ WHO ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් කියයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව පසුගිය 24 දා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂඩ් බද්යුදීන් මහතා හා ඔහුගේ සොයොයුරු රියාජ් බද්යුදීන් මහතා දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.