saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 7031 hours ago

LATEST

කටුනායකින් කොරෝනා ආසාදිතයන් 67ක්

calendar_today 2021 ජුනි 17 - 19:56 remove_red_eye - 126  

කටුනායක ප්‍රදේශයේ 06/17 දින කොරෝනා ආසාදිතයන් 67 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

තම නිවසට අද දහවල් 1.30ට පමණ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

චීන ගගනගාමීන් තිදෙනා අද (17දා) රටේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියැන්හේ වෙත සාර්ථකව ඇතුළු වූ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.

Read More

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මනින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත්‍යවරයාට සහතික විය.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දක්වා උසස් කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,835 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මාතලේ පලාපත්වල පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 60කට ආසන්න පිරිසකට අද (17)දා ඇතිවු ආසාත්මිකතාවයක් හේතුවෙන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

Read More

මම ද දන්නේ නෑ බසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට එන්නේ කවද්ද කියලා. ඒ වගේ මම දන්නේ නැහැ තෙල් මිලයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පැමිණීමයි අතර සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ කොහොමද කියලා.

Read More

උතුරු නැගෙනහිර පළාත් හි ජනතාවගේ බලය බෙදීමේ සහ සංවර්ධන අභිලාෂයන්හි විවිධ පැතිකඩ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රමයේ සහ ව්‍යවස්ථාවේ ඉතා වැදගත් කොටසක් වන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව TNA නියෝජිත පිරිස විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තීරණය කොට තිබේ.

Read More
1,289කට සුවයි
17 06 2021 16:37:00
0 173

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 1,289 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු අද (17) දිනයේ පිටව ගොස් තිබේ.

Read More

පෙර පාසල තරගකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දී ඉල්ලා සිටියේය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනේ දෙවන අදියර හෙට (18) සිට 21දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුනක වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇත.

Read More

ඉන්දියාවේ වේගයෙන් පැතිරයන කොරෝනා විශේෂය වන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සමාජය තුළින් හමුවී තිබේ.

Read More

කොරියානු රැකියා කෝටාව අනතුරට පත්ව ඇති බවත් ආණ්ඩුව ඒ සඳහා වහා මැදිහත්විය යුතු බවත් සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 529 ක් අද මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් අතර පැවති පුහුණු එක්දින තරගයේදී කණ්ඩායම් දෙකම සම ලකුණු රැස්කිරීම හේතුවෙන් එම තරගය ජයග්‍රහණයකින් තොරව ඊයේ (16දා) අවසන් විය. කුසල් පෙරේරාගේ කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්විණි.

Read More

මත්පැන් මාර්ගගත ක්‍රමයට අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව කර ඇති ඉල්ලීමට අවසර නොදීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකායෙන්ද අවසර නොදෙන බව එහි ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (16) දිනයේ 500 යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ගතවු පැය 24ක කාලයකදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 162ක් හදුනා ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 6122ක් දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ට්‍රම්ප් යනු දේශපාලන අත්දැකීමක් නොමැතිව ඇමෙරිකාව පාලනය කිරීමට පැමිණ, ඇමෙරිකාවේ සායම දියාරු කර හැරි ජනාධිපතිවරයෙකි. ඔහුගේ පාලන සමය පවුල් පාලනය රට තුළ ඉහවහා ගිය පාලන සමයක් විය. අද ඔහුගේ ධුරය ගැන පොතක් ලියන ජෙරාඩ් කුෂ්නර් යනු ට්‍රම්ප්ගේ බෑණාය. ඔහුගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයාය.

Read More

අද (17) සහ හෙට (18) යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කරන රියදුරකු සහ සුළු සේවකයකු පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.

Read More

වර්ෂ 2024න් පසුව අරමුදල් සැපයීම සම්බන්ධ ගැටලුවක් නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගතය දැන් අවිනිශ්චිත තත්ත්වයක පවතී. යම් ලෙසකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බිඳ වැටුණොත්, ලොව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක එකම ක්‍රියාකරු චීනය බවට පත්වනු ඇත.

Read More

අවුරුදු 16ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික අපයෝජන කටයුතු වෙනුවෙන් අලෙවි කිරීමේ සිදුවීමට සම්බන්ධ අවුරුදු 26ක කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම ආරම්භ කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය,මිලදී ගැනුම් කරුවන් මෙන්ම එළවළු මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

Read More

කොවිඩ් වෛරසයේ සමාජ පැතිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන ලෙස ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී ති​බේ.

Read More

රුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරාගැනීම සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඊයේ (16) හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.