saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6904 hours ago

LATEST

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් තවත් සතියක් ලොක්ඩවුන්

calendar_today 2021 ජුනි 02 - 09:23 remove_red_eye - 374  

කඩිනම් අගුලු දැමීම්, කලාපීය දේශසීමා පාලනයන් සහ චලනය සඳහා දැඩි සීමාකිරීම් බොහෝදුරට සංවර්ධිත රටවල් අතර දක්නට ලැබුණු ඉහළ කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් සංඛ්‍යාවෙන් වෙන්ව, වඩාත් ප්‍රශස්ත ලෙස ආසාදන පාලනය කිරීමට ඔස්ට්‍රේලියාවට උදව් වී තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා පනවා තිබූ අත්හිටුවීම අවසන් කිරීමෙන් පසුව , අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මගී ගුවන් යානා 29 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,068 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

Read More

ගැබිනි මවකගේ කුස තුළදි මියගිය සති 37ක් වයසැති බිළිදියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණ බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත.

Read More

සැඟ වූ පොහොර තොග වෙළඳපොළට නිකුත් කරන්නැයි, රජය වෙළෙඳුන්ට දැනුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලේ සාමාන්‍ය සායනික ප්‍රතිකාර කොවිඩ් අවදානම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

Read More

ව්‍යාජ අංක තහඩුවක් සහිතව නිත්‍යානුකුල නොවන ලෙස ඒකලැස් කළ ප්‍රාඩෝ වර්ඝයේ මෝටර් රථයක් ළඟ තබා ගත් කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගෝලීය කටයුතුවලදී විශාල කාර්යභාරයක් ඉටුකිරීමේ හැකියාව මෙන්ම, අනෙකුත් රටවල් සමග මානව වර්ගයාගේ ගැටලු ඒකාබද්ධව විසඳීම සඳහා විශාල දායකත්වයක් සැපයීමේ හැකියාව සහ වගකීමද රටට ඇති බැවින් චීනයේ ස්ථාවරය, හැකියාව සහ ප්‍රවේශය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළේය.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කල පුද්ගලයින් 1,038 දෙනෙකු ඊයේ දිනය තුග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ඉතාලියේ රෝම නගරයේදි පවුල් ආරවුලක් දුරදිගගොස් තියුණු ආයුධයකින් පහර දි තම බිරිඳව ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කර සිටි ශ්‍රී ලාංකිකයා අද (01දා) බන්ධනාගාරය තුළදී සියදිවි හානිකරගෙන මියගොස් සිටියදි සොයාගෙන තිබෙන බව රෝම පොලිසිය පැවසීය.

Read More

මෙම මරණ අතරින් එක් මරණයක් අද (01දා) සිදුව ඇති අතර ඉතිරි මරණ 42 මැයි 20 දා සිට 31 දා තෙක් සිදුව තිබේ.

Read More

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා යන තිදෙනාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය.

Read More

ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන්හ. එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව විය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 856ක් වාර්තා වි ඇත.

Read More

කොවිඩ් 19 වෙනුවෙන් චීනය නිපදවූ සිනෝවැක් එන්නත හදිසි භාවිතය සඳහා අවසර දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.

Read More

ක්‍රස්නායා පොලියානා (රතු තණබිම්) යනු කළු මුහුද අසල කඳුකරයකින් වටවී ඇති වීදි පහකින් යුතු සුන්දර ගම්මානයකි. මෙම ගම්මානයේ හරිත වර්ණ කඳු වළල්ල මෙන්ම, ඉතාම පිරිසුදු තත්ත්වයේ නළ ජලය, නැවුම් වාතය සහ විසල් නිල් අහස නිසා වසංගතයට ස්තූති වන්නට මොස්කව්හි නොපැහැදිලි බව දැන් බොහෝ දෙනෙකුට ඔප්පු වී ඇත.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක තිබී තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් සොයාගෙන තිබේ.

Read More

(Fact Check) 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 2,515,546 ක්. එසේම, එම වාහන ආනයනය කරන්නට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239 ක්. අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය වාහන ආනයනයන් සඳහා වූ වියදම ගැන හරි පාරේ

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 66 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

2021 මැයි 15 වැනි දින වනවිට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්ගේ මූල්‍ය දුෂ්කරතා (රැකියා අහිමිවීම, ආදායම්/වැටුප් හෝ විකුණුම් අඩුවීම, ව්‍යාපාර වසා දැමීම යනාදිය) සලකා බලමින්, එක් එක් අවස්ථාව අනුව, නය පහසුකෙමේ මුල් මුදල හෝ ණය පොලිය හෝ එම කොටස් දෙකම හෝ අයකර ගැනීම 2021 අගෝස්තු 31 දක්වා කල් දැමීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දන්වා තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය හේතුවෙන් ධීවරයන්ට එම මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතු නොකරන ලෙස රජය දැනුම් දී ඇති බැවින්, මීගමු ධීවරයන් කබලෙන් ලිපට වැටී ඇති බව ‘මීගමුව පුරවැසි එකමුතුව’ සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කර ඇති රුපියල් මිලියන පහකුත් පන්ලක්ෂ විසි දහසක් වටිනා ආනයනය තහනම් කර ඇති වියලි කහ කිලෝග්‍රෑම් 15,251 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව අද (01ද) කටයුතු කර තිබේ.

Read More

අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,989ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ව්‍යාජ වීසා බලපත්‍ර සහ නාවික හැදුනුම්පත් භාවිතා කරමින් සියරාලියොන් හි සංචාරයක නිරත වීමට යන මුවාවෙන් , යුරෝපයේ රැමේනියාව වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයන් සිව් දෙනෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් නායකත්වයෙන් අස්ගර් ඇෆ්ගන් ඉවත්කිරීමට තීරණය කළ බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

Read More

කොවිඩ් මර්දන එන්නත ලබාදිය යුත්තේ එක් මාත්‍රාවක්ද දෙකක්ද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අංශ මිස ආණ්ඩුව නොවන බවත්, එක් මාත්‍රාවක් පමණක් ලබාදීමෙන් අවශ්‍ය ප්‍රතිශක්තීකරණය ගොඩනැගෙන බවට සෞඛ්‍ය අංශ තීරණය කරනු ලබන බවත්, එක් මාත්‍රාවක් ලබා ගැනීමට අකමැති නම් එය ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව ජනතාවට තිබෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 7දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Read More

සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි වු තවත් 7 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම ආසාදන පැතිරීමත් සමග සොයාගත් ප්‍රාථමික සම්බන්ධතා 4,800කින් 75% ක් පමණ දැන් සෘණාත්මක පරීක්ෂණයක් ලබාදී ඇති අතර, ඉතිරි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියි. නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව ධනාත්මක පරීක්ෂාවක් සිදුකළ විදෙස් සංචාරකයෙකු දැනට හඳුනාගෙන ඇති ආසාදිත පොකුරු තුනටම බලපා ඇති බව කියයි.

Read More

අත්‍යාවශ්‍ය සේවා සදහා අවම කාර්ය මණ්ඩලයක් කැදවන ලෙසට රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More

ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබා නොදීමට ශ්‍රී ලංකාව විසින් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය , මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.