දැනට කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබුණත්, ඉදිරි දින කිහිපය තුළ රෝගීන් වාර්තා වීම යළි ඉහළ යාමට ඉඩ ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනිමට ලක්ව මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreදශක දෙකකට වඩා පැරණි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලොව බොහෝ රටවලින් ගගනගාමීන් පැමිණ තිබුණද, චීන ගගනගාමීන්ට ඇමෙරිකාව එය තහනම් කලාපයක් කළේය. කෙසේ වෙතත් එම මධ්‍යස්ථානයට 2024 දී අරමුදල් නොලැබුණහොත්, චීනය පෘථිවි කක්ෂයේ ඇති එකම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාකරු බවට පත්විය හැකිය.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කරන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreඅන්තර්ජාලය හරහා ලැබෙන ඇණවුම් මගින් පාරිභෝගිකයන් වෙත මත්පැන් අලෙවි කිරීම සදහා ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා තෝරාගත් තැබෑරුම් වෙත අවසරය දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනය වැඩි කිරීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 100ක ණයක් ලබාදී තිබේ. මේ සඳහා වන ගිවිසුමට අද (16දා) අත්සන් තබා තිබේ.
Read Moreගෙවුණු දිනයේ (15) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එහි නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
Read Moreඑක්දින හා පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු තරගය අද (16දා) පැවැත්වේ. ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන මෙම පුහුණු තරගය පන්දුවාර 50 තරගයක් ලෙසින් පැවැත්වේ.
Read Moreයාපනය කයිට්ස් උර්කාවත්තුරෙයි මුහුදු තීරයට මිය ගිය විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති බවට ධීවරයින් පවසයි.
Read Moreබස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read Moreදත්තවලට අනුව කොවිඩ්-19 වෛරසය එක්සත් ජනපදයේ ප්‍රාන්තවල ආරම්භක උණුසුම් ස්ථාන මෙන්ම, රට තුළට පිටස්තරව වෛරසය ඇතුළු වූ ස්ථාන ලෙස සලකනු ලැබූ ප්‍රදේශවලට වඩා බෙහෙවින් දුරස්ව හමුවීමද සැලකිය යුතු තත්ත්වයක් බව මෙම නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (16දා) දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අභියාචනාධිකරණය කටයුතු කළේය.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් අද දින උදැසන වන විට ලැබි ඇති වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 123 දෙනකු හදුනා ගැනිමත් සමග මෙම දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 5960 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreකුවේට් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව වෙත සෞඛ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති අතර , ඒවා අද දින අලුයම ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
Read Moreඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. ජූලි කොරියානු සම්භවයක් ඇති කාන්තාවක් වන අතර ඇය ඇමෙරිකාවේ විවිධ තනතුරු දරා තිබේ.
Read Moreවි අලෙවි මණ්ඩලයට අයත මිතොටමුල්ල ගබඩාවේ තිබු යන්ත්‍රයක් සොරා ගැනිමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඩිලිවරි සේවා පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ලබන 21 වනදා දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
Read Moreනීරෝධායන නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුළදි පුද්ගලයින් 1411 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.
Read Moreඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් තනි අයෙකුට ඉල්ලා අස්වන ලෙස නිවේදන නිකුත් කිරීම අනුමත කළ නොහැකි දෙයක් බවත් ඉන්ධන මිල ඉහල යාම ආණ්ඩුවේ සාමූහික වගකීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හා ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් මහතා පැවසීය.
Read Moreඑම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අධිකරණ නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව යටතේ පියවර ගැනීමේ හැකියාව විමර්ශන නිලධාරින් සතුව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (15) පෙන්වා දුන්නා ය.
Read Moreවීරකැටිය විතාරන්දෙණිය මල්බෙරිගම ප්‍රදේශයේදී අද (15) දහවල් එක් දරු පියෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලීසිය කියයි.
Read Moreප්‍රංශයේ ජීවත් වන මුස්ලිම්වරු එරට සාමාන්‍ය සමාජ ආර්ථික තත්ත්වයට වඩා අඩු මට්ටමක සිටිති. ඔවුන් බොහෝවිට බස් රියදුරන් හෝ මුදල් අයකැමි වැනි රැකියාවන් කිරීමට වැඩි ඉඩක් පවතින අතර, ඔවුන් මහජනයා සමග සමීප සම්බන්ධතා ඇති රැකියාවන් මෙන්ම, පවුල් කිහිපයක් එකට ජීවත් වන කුටුම්භවල ජීවත් වීමත් මෙසේ වැඩි වශයෙන් ආසාදනයට ලක්වීමට හේතුව බව විශ්වාස කෙරේ.
Read Moreඅද දින තවත් කොවිඩ් මරණ 55ක් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 2,315කි.
Read Moreඉන්ධන මිල වැඩි වීම හේතුවෙන් බස් ගාස්තු ද වැඩි විය නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreඅද දින තවත් කොරෝනා ආසාදිතයින් 432 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයින් සඳහා පිලිපීනය පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.
Read Moreකොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයන් 605 දෙනෙකුගේ සිරුරු මේ වන විට භූමදානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,843 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More2019 වසරේදී රුපියල් බිලියන 97ක්ව පැවැති විදුලි බල මණ්ඩලයේ ශුද්ධ අලාභයි රුපියල් බිලියන 56ක් දක්වා පහළ දැමීමට 2020 වසර තුළදී හැකිවූ බවත් අමාත්‍යාංශය පවසයි.
Read More