දැනට නිර්දේශ කර ඇති සියලු කොවිඩ් මර්දන එන්නත් මගින් ලොව පුරා මේ වන විට වැඩි අවධානයක් යොමුකර ඇති ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා යන කොවිඩ් ප්‍රභේද වලින් ඇතිවෙන මියයාම සහ දරුණු රෝගී තත්ත්වයන්ට පත්වීම අවම කෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
Read Moreඑළවලු මිල ගණන් ඉතා ඉහළ නැගිම හේතුවෙන් එය පාලනය කිරිම සඳහා සතොස මගින් එළවලු මලු බෙදාහැරිමේ වැඩපිළිවෙලක් සකස් කිරිමට රජය තිරණය කර තිබේ.
Read Moreප්‍රභේදය හමුවන ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්, ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු අයවළුන් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්, දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත්, තීරණය කරන ලදී.
Read Moreකොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දේශීය ආයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තෝරා පත්කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි තිබූ සාන්ද්‍ර අම්ල තවමත් මුහුදු ජලයට එක් වී නැති තත්ත්වයක් යටතේ ඉදිරියේදී ඒවායින් මත්ස්‍ය සම්පතට වන හානිය පිළිබඳව ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් -19 වෛරසය ශරීරගතව ඇති බවට තහවුරු වීම සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව එම සිංහයාට ආසාදනය වී ඇත්තේ මනුෂ්‍යයින්ට ආසාදනය වූ කොවිඩ් වෛරස ප්‍රභේදයක් ද යන්න පිළිබඳ තහවුරු කරගත යුතු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
Read Moreනියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීම සඳහා පත්කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය සත්වෝද්‍යානවල සතුන් බලාගන්නා පුද්ගලයන්ගෙන් සතුන්ට ආසාදනය වීම හැර නැවත එය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමේ තත්වයක් ලොව මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති ජනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කර තිබේ.
Read Moreව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රයක් , ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් සහ ව්‍යාජ පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවක් භාවිතා කරමින් , කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ප්‍රංශයට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණියක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඑන්නත් සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වී පැමිණි මොරටුව පුරපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී “ දැන් සැපදැයි ” විමසු පුද්ගලයෙකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය කියයි.
Read Moreකොළඹ වරායේ සිට පිටත්ව ගිය පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් වන එම්වී ඩෙවොන් හි ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් තහවුරු කර තිබේ. මෙම ඉන්ධන කාන්දුව සිදුව ඇත්තේ නැගෙනහිර මුහුදු කලාපයේදීයි. නෞකාව චෙන්නායි සිට නාවික සැතපුම් 250ක දුරකින් ගමන් කරමින් පවතී.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් නිසි ගෞරවයෙන් යුතුව සංවිධානය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය. සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
Read MoreMV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතුවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී.
Read Moreමේ වන ක්‍රියාත්මක සංචරණ සීමා එළැඹෙන 21දා පෙරවරු 4.00ට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. එසේ ඉවත් කරන සංචරණ සීමා නැවතත් එළැඹෙන 23දා රාත්‍රී 11ට පැනවීමට නියමිතය. ඉන් අනතුරුව නැවතත් එළැඹෙන 25දා පෙරවරු 4.00ට සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතය.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 541 ක් (අද 18) මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා / කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාගත් කැනේඩියානුවන්ට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් හෝ මොඩෙර්නා එන්නත ලබාදෙන ලෙස කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව (NACI) නිර්දේශ කරයි.
Read Moreඑන්නත්කරණ වැඩපිළිවෙල යටතේ පුද්ගලයින් 57,371 දෙනෙකුට එන්නත්කරණය සිදු කර තිබෙනවා.
Read Moreඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
Read Moreකොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ මීළඟ අදියරේ පරීක්ෂණවලදී ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දිය යුතු බවත්, මෑතකදී සිදුකළ අධ්‍යයනයකදී 2019 දෙසැම්බර් මාසයේ සිටම ඇමෙරිකාව තුළ වෛරසය සංසරණය වී ඇති බව හෙළි වී ඇති බවත් චීනයේ ජ්‍යෙෂ්ඨතම වසංගත රෝග විද්‍යාඥයා අවධාරණය කරයි.
Read Moreනිවසේ ඇති ස්ථාවර දුරකථන වෙත ඇමතුම් ලබාදී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.
Read Moreඅත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreකුළුඳුල් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය ඉන්දියාව හා නවසීලන්තය අතර එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී අද (18දා) මෙරට වේලාවෙන් ප.ව. 3.00 ආරම්භ වේ. එළඹෙන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගය ජයපැරදුමින් නිමා වුවහොත් හෝ ලකුණු සමවුව හොත් ශූරතාව කණ්ඩායම් දෙකටම ලබාදීමට නියමිතය.
Read Moreයාපනයේ, සන්දිලිපායී ගම්මානයේ නිවසක තිබූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 78 දෙනෙකුගෙන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට හඳුනා ගැනීමත් සමග සෙසු පුද්ගලයින් 54 දෙනා ඊයේ සිට තවත් දින දාහතරක කාලයක් නිරෝධානයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.
Read Moreපවතින කොවිඩ් උවදුර හමුවේ ජනතාව අපහසුතාවට පත්ව ඇති අවස්ථාවක ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර නොදෙන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
Read Moreපසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,390 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
Read Moreආයෝජන කලාපවල සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කොවිඩ් එන්නත්කරණය කඩිනම් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read More