කිරිපිටි , යෝගට් ඇතුළු කිරි ආහාර , පලතුරු, චොකලට්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇඳුම්, වායුසමීකරණ, ශීතකරණ, ගෘහ විදුලි උපකරණ, දුරකථන ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. ඊයේ (23දා) රාත්‍රී අම්බලන්තොට දෙස සිට හුංගම දෙසට ධාවනය කළ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව නෝනාගම වැවට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
Read Moreකොරියන් භාෂා ගුරුවරියක් ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථයක් ඊයේ (23දා) රාත්‍රී කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreරාජ්‍ය අංශයේ සේවකයින් හෙට (24දා) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්විණි. ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගිය දා තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම කාරක සභාවේ සභාපතිත්වයට පත් කරනු ලැබී ය.
Read More• සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය • 2 වන යූරල් බොරතෙල් රැගත් නෞකාව අද දීන පසුව පැමිණීමට නියමිතය • ඔටෝ ඩීසල් රැගත් නෞකාව එළැඹෙන 25-26 දක්වා පැමිණීමට නියමිිතය • පෙට්‍රල් 92 ගත් නෞකාව එළැඹෙන 27-29 දින පැමිණීමට නියමතය • භූමිතෙල් සහ ජෙට් ඉන්ධන බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කරන ලදී
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දීමත් සමග ගතවූ සති තුනක කාලය තුළ ඉන්ධන භාවිත කිරීමේ කැපි පෙනන අඩුවීමක් පෙනෙන්නට තීබේ.
Read Moreමේ වන විිට තායිිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව රොයිටරස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreඅරගලකරුවන්ගෙන් පළිගැනීමට යෑමෙන් හා රෙජීමයට පළිගැනීමට ඉඩ දීමෙන් අලුත් ජනපති තව දුරටත් ජනතාව ඔහුගෙන් ඈත් කර ගනිමින් සිටින බව ගාලුමුවදොර අරගලයට සම්බන්ධව සිටිි අරගලකරුවෙක් වන විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් පවසයි. සිිය ට්විටර් ගිණුමෙන් ඔහු තවදුරටත් පවසන්නේ ඒ හරහා ජනපතිවරයාට අර්බුදය විසඳිය හැකියාවක් නොමැති බවයි.
Read Moreසමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය සඳහන් කළේ මෙරට මුහුදු සීමාවේදී ගිණිගෙන මුහුදුබත්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් ( M.V Express Pearl ) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මේ වනවිට රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක (903,857,293.01) මුදලක් වැයවී ඇති බවයි.
Read Moreවී මිල අඩුවීම පිළිබඳව ගොවියා දැඩි අර්බුදයකින් පසුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. එසේම තමන් ජනාධිපතිවරයා සිටි කාලේ පොලොන්නරුවේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නටබුන් වීමත් තමන් පාර්ලිමේන්තුව සමඟත් රජය සමඟත් මාධ්‍යයටත් දැඩිව කතා කරන බවත් එය තමන්ගේ වරදක් නොවන බවත් ඔහු පැවැසීය.
Read Moreදුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නොමැතිකමින් දුම්රිය ධාවනය පවත්වාගෙන යාමට නොහැකි තත්වයට පත්වෙමින් තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
Read Moreත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිසිය දින 90 ක රැඳවුම් නියෝග ලබා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ගුණතිලක යන ක්‍රියාකාරීන් තිදෙනා ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාසය බාරේ තංගල්ල රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව වාර්තාවෙයි.
Read Moreආර්මේනියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සදහා තවදුරත් ශක්තිමත් කර ගැනීමට කැපවන බව ආර්මේනියා ජනාධිපති වහග්න් ඛචතුරියන් මහතා (VahagnKhachaturyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත.
Read Moreඅත්‍යවශ්‍ය සේවා ලෙස හඳුනාගත් ක්ෂේත්‍රයන් විශේෂ කාණ්ඩයක් ලෙස සලකා, ඒ සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreවන අලින් ගම්වැදීමට පිළියමක් ලෙස වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබෙන විදුලි වැටක සවිකර තිබූ ලක්ෂ හතරක් පමණ වටිනා එනජයිසරයක් (විදුලි ධාරාව අඩු කර, කඩින් කඩ ලැබීම සලස්වන යන්ත්‍රයක්) සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව විලච්චිය පොලිසිය පවසයි.
Read Moreජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන්නන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreරටකජු වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වී ඇති බවත් ’’ජම්බෝ පීනට්ස්’’සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයත් මින්පසු ආනයනය කරන්නට අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreදිවයින පුරා සහල් නිෂ්පාදකයින්ගේ සහල් එක්රැස් කර රුපියල් කෝටි ගණනාවක අගරු චෙක්පත් ලබාදී ජනතාව භීතියට පත් කරගෙන සිටි මීගමුව හාල් සමීර නොහොත් ක්‍රිස්ටේබුගේ සමීර සම්පත් නමැත්තා විදේශ රටවල නිෂ්පාදිත ගිනි අවි හා තියුණු ආයුධයක් සහ ජීව උණ්ඩ රැසක් සමග මිනුවන්ගොඩ කෙසෙල් කොටුව පට්ටඩුවන නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreරාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ඉතාම අසීරුතාවයක් තුළයි. ඇත්තම තත්ත්වය ගත්තොත් මීට පෙර එම ආයතනවල සේවක වැටුප් ගෙවීමට මහජනතතාවගේ බදු මුදල් මහා භාණ්ඩාගාරය විසින් දීලා තියෙනවා. අද පත්වෙලා තියෙන මූල්‍ය දුෂ්කරතාව තුළ එලෙසින් මුදල් ලබා දෙන්න බෑ. ඒ් නිසා මම සෑම රජයේ මාධ්‍ය ආයතනයකටම උපදෙස් දීලා තියෙනවා කෙසේ හෝ තමන්ගේ ආදායම් උත්පාදන ක්‍රමයක් සකස් කර ගන්න කියලා.
Read More“ළමා අපයෝජනයට එරෙහි වෙමු” යනුවෙන් අද (23දා) ගාල්ල උසාවි සංකීර්ණය ඉදිරිපිට සිවිල් සංවිධාන සහ මහජන ක්‍රියාකාරිකයන් පිරිසක් නිහඬ උද්ඝෝෂණයක නිරත වූහ.
Read Moreඅරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වෛද්‍ය පැතුම් කර්නර් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා අද (23දා) නියෝග කළේය.
Read More2023 වසර සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් ප්‍රදානය කිරීමට චීන රජය එකඟ වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreජනාධිපති මන්දිරයට කඩා පැන පිහිනුම් තටාකයේ බැස සබන් ගා දිය නෑ පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිසියෙන් වාර්තා වේ.
Read More“ගිය වසරේ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 1268යි. එයින් රාජ්‍ය සේවක වැටුප හා විශ්‍රාම වැටුප පමණක් බිලියන 1115ක් ගෙවිය යුතු වුණා. අනෙක් සියලු දේ වෙනුවෙන් ඉතිරිවුණේ බිලියන 153යි. ගත්ත ණයවලට පොලී විතරක් ගෙවන්නතිබෙනවා බිලියන 1000කට වැඩියි. ”
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද යළිි ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජය වෙත නිර්දේශ කර තිබේ. ඒ අනුව ඔහුට ඇති තර්ජන පිළිබඳව ඇගයීමක් කර ප්‍රමාණවත් ආරක්ෂාවක සපයන ලෙස මානව හිමිකම් කොමිසම රජයට නිර්දේශ කර තිබේ.
Read Moreදැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9ක්ව පවතින රජයේ ආදායම 2023-2025 කාලයේදී සියයට 11.5ක් දක්වා වැඩිකරගත යුතුව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයෙකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑමේ සිද්ධියට මාලබේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
Read Moreසතොස අලෙවිසැල්වල අලෙවි කෙරෙන ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල පිළිවෙළින් රු. 21 සහ 25 අඩුකර තිබේ. ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝවක නව මිල රු. 194 ක් වන අතර රතු පරිප්පු කිලෝවක මිල රු. 460කිි.
Read Moreණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය මත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාර්ථක සාකච්ඡාවලට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම ලබා දීම වසර අවසානය වන විට අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read More