www.ada.lk
2026 ජුලි මස 04 වන සෙනසුරාදා
අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් බට්ටා ලොරි රථයක යට පැත්තේ රහසිගත කුටියක. සඟවා ප්‍රවාහනය කරමින් තිබියදී , බිංගිරිය විලත්තව පොලිස් මාර්ග බාධකයේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අද (24දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .
පිපිපිරවීම් සඳහා භාවිතා කෙරෙන ඩෙටනේටර් 100 බැගින් වූ පෙට්ටි 09 ක්ද, පුපුරන ද්‍රව්‍ය පුරවන ලද ප්ලාස්ටික් පයිප්ප බට 89 ක්ද , වෙඩි බේත් නූල් 21 ක් ද ,රහසිගත කුටියේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි .
සැකකරුවන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් ,මෙම පුපුරන ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගෙන් මිලදී ගෙන ඇති බවටත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි .
සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
ගිංගඟේ පාවූ මළ සිරුර හඳුනාගනියි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd