ADA
www.ada.lk
2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා
අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් බට්ටා ලොරි රථයක යට පැත්තේ රහසිගත කුටියක. සඟවා ප්‍රවාහනය කරමින් තිබියදී , බිංගිරිය විලත්තව පොලිස් මාර්ග බාධකයේදී සැකකරුවන් දෙදෙනෙකු සමග අද (24දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .
පිපිපිරවීම් සඳහා භාවිතා කෙරෙන ඩෙටනේටර් 100 බැගින් වූ පෙට්ටි 09 ක්ද, පුපුරන ද්‍රව්‍ය පුරවන ලද ප්ලාස්ටික් පයිප්ප බට 89 ක්ද , වෙඩි බේත් නූල් 21 ක් ද ,රහසිගත කුටියේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි .
සැකකරුවන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් ,මෙම පුපුරන ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගෙන් මිලදී ගෙන ඇති බවටත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි .
සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.
නිකවැරටිය ප්‍රියාණි මංගලිකා
popular news
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd