saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 3529 hours ago

LATEST

ගාස්තු රහිතව හා සහිතව ත්‍රිරෝද රථ ලස්සන කර ගන්න අවසර

calendar_today 2023 ජුලි 12 - 16:28 remove_red_eye - 931  

ගාස්තු ගෙවීමකින් යුතුව හා තොරව ත්‍රි රෝද රථ අලංකරනය කර ගැනීමට අවශ්‍ය අමතර උපාංග සවි කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසර දී තිබේ. මහජනතාවගෙන් ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ‌ගත් බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ’’ පඩු කරද ’’ (CRUDIA ZEYLANICA) ශාඛයක් , ගම්පහ උද්භිද උද්‍යානයේ ඉතා විශාල අයුරින් වැඩී ඇති ආකාරයක් දක්නට ඇති අතර මෙවන් ශාඛ පහක් පමණ ගම්පහ අවට පවතින බව උද්භිද උද්‍යාන නිලධාරිණියක් සදහන් කළාය.

Read More

මාර්තු 26 සිට අද දක්වා දින 108ක් රට තුල පොලිස්පතිවරයෙකු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට යළි පත් කිරීම නීති විරෝදී වීම මීට හේතුව බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටී.

Read More

අනුරාධපුර නගරය ආසන්නයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවයේ නිරත සංවර්ධන නිලධාරිනියකගේ සැමියාට පහර දී ත්‍රීරෝද රථයකින් ඔහුව පැහැර ගෙන ගිය පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (11දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙණියේ සීලරතන හිමි එම පන්සලට යන මාර්ගයක වැටී අපවත්ව සිටියදී අද (12දා) අළුයම සොයාගත් බව හතරලියද්ද පොලිසිය කියයි .

Read More

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් හොරොව්පොතාන ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය අලවිය හා එම ප්‍රදේශයට වෙනත් ප්‍රදේශ වලින් මත් ද්‍රව්‍ය රැගෙන ආ මහා මොලකරුගේ බිරිද සහ තවත් සැකකරුවෙකු අයිස් වර්ගයේ මත් කුඩු ග්‍රෑම් 16 ක් සහ ගංජා සමග අත් අඩංගුවට ගත් බව හොරෝවිපොතාන පොලිසිය කියයි.

Read More

2023/24 එළැඹෙන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමට කටයුතු නොකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

අද උදෑසන 8.15 ට පමණ දෙහිවල ඕබන් පෙදෙස වෙරළට අඩි 8 කට වැඩිය දිග විශාල කිඹුලකු ගොඩ ගසා ඇතැයි ධීවර සංගම් ලේකම් කුමාර ගෝමස් මහතා කියා සිටී .

Read More

බටපොල බටදූව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළදී බීමත් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගොස් සිටියදී එම ගැටුමේ එක් පාර්ශවයක තිදෙනෙකු විසින් එල්ල කළ කඩු පහාරයකින් තරුණයකු ඝාතනය කොට දින දාහතක් සැගවී සිටි සැකකරුවන් තිදෙනා ඊයේ (11දා) රෑ බටපොළ මගවෙල ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.

Read More

ලෝක බැංකුව 2019 වසරේදී සිදුකරන ලද සමීක්ෂණයක් තුළින් ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇති බවත් ඒ හේතුවෙන් සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .

Read More

ඉන්දියාවේදී පැවැත්විමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ හී දී පැවති තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (11දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

රුපියල් ලක්ෂ තුනකට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව ගොනුකර තිබූ නඩුවකට අදාළව කරුණු විමසීම සදහා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබන 13 වැනිදා අධීකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

Read More

මහත් ආන්දෝලනයට තුඩු දුන් කෘඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස ඉවත් කිරීම සිදුවූයේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

Read More

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.

Read More

ඒ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.

Read More

රටේ ආර්ථික බංකොලොත්භාවට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඉවත්වීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක් මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනිදා කැඳවීමට තීරණය කර තිබේ.

Read More

විල්පත්තුව මොරන්දන්වේලි ප්‍රදේශයෙදී හිස කලු දෑකැති මානා පක්ෂීන් මරා මස් පිණිස රැගෙන යමින් සිටි පුත්තලම නගරයේ ව්‍යාපාරිකයින් තිදෙනෙකු ඔවුන් සන්තකයේ තිබු බලපත්‍ර නොමැති ගිනි අවියක් සමග අත් අඩංගුවට ගත් බව එළුවන්කුලම වනජීවි කාර්යාල නිළධාරින් පවසයි.

Read More

සමූපකාර තොල වෙළඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මුලතිව් පොලිස්වසමේ අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළි වළක සඟවා තිබූ මෝටාර් උණ්ඩ සහ අත්බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඊයේ (10) සවස සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

Read More

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනකු , අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

Read More

විනය විරෝධි ක්‍රියාවල යෙදෙන භික්ෂුන්ට එරෙහිව පියවර ගැනීම සඳහා සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතුබව අමරපුර මූලවංශික නිකායේ ලේඛකාධිකාරී අකුරල මංජුලතිස්ස හිමි සඳහන් කරයි.

Read More

පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ බව කියන කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසක් අත්අඩංගුවට ගත්බව පොලීසිය සඳහන් කරයි.

Read More

තත්ත්වයෙන් බාල ඖෂධ භාවිතය හේතුවෙන් දෑස් අන්දවූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පිරිසක් විසින් වෘත්තිය සමිති හා බහුජන සංවිධාන සමගින් එක්ව සෞඛ්‍ය ලේඛම්වරයා වෙත තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස් රථ කාලසටහන් පලමු වරට අන්තර්ජාලයට ඇතුලත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදුකෙරිණි.

Read More

ශ්‍රිලාංකික පවුලක සතුටු දායක දවසක් විනෝදයෙන් පිරුණු දවසක් කදුලක් වේදනාවක් බවට පත්වු පුවතක් ඊයේ 09 ඉතාලියේ පියචෙන්සා ප්‍රදේශයෙන් වාර්තා විය’

Read More

උතුරු පළාතේ දිස්ත්‍රික්කවලින් දෛනිකව එකතුවන දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පළාත්වලට ප්‍රවාහනය කෙරෙන හෙයින් එම දියර කිරි උතුරේම කිරි ආශ්‍රිත නිශ්පාදන සඳහා යොදගැනීමේ වැඩසටහනක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ආරම්භ කර ඇත.

Read More

මෙරට තුළ බුදු දහම ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය වූ ඓතිහාසික මිහින්තලය පුදබිම ආසන්නයේ මත්පැන් හලක් විවෘත කිරීමට, රජය පියවර ගැනීමට විරෝධය පළ කරමින් පළ කරමින් මිහින්තලේ අවට ජනතාව ඊයේ 10 දා උදෑසන ම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.

Read More

ලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය හේතු වූ බව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.