saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 3208 hours ago

LATEST

තවත් ගැබ්බර ඇතින්නක් වෙඩි ප්‍රහාරයකින් මරුට

calendar_today 2023 ඔක් 03 - 16:49 remove_red_eye - 283  

කැකිරාව වෙරුන්කුලම වැව ආසන්නයේ වෙඩි වැදීම්කින් මිය ගිය බවට සැක කෙරෙන ඇතින්නියකගේ මළ සිරුරක් අද (03දා) දින අලුයම සොයාගත් බව කැකිරාව පොලීසිය කියයි.

රුපියල් එක් ලක් අසුදහසක වටිනාකමකින් යුත් ඌරු පැටවුන් දොළොස් දෙනකු සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු ඊයේ (2 දා) අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලීසිය පවසයි

Read More

මොනරාගල පොලිස් වසමට අයත් නක්කල 18 කණුව දෙහිකිඳගම ප්‍රදේශයේ කුඹුක්කන්ඔයේ ජලපිම්ම පැනීමේ පුහුණුවේ යෙදී සිටියදී තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යුදහමුදාවේ උප ලුතිනන්වරයෙකු අද (03දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

Read More

ශ්‍රීලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් (02) වෙනිදා කතරගම පුදබිමට පැමිණියේය.

Read More

මාස හයයි දින 11ක් වයසැති සිය දියණියට පහර දී ඝාතනය කළේ යැයි කියන ඌරුබෝක්කේ පදිංචිව සිටි එම දැරියගේ 21 හැවිරිදි මව සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.

Read More

Marylebone ක්‍රිකට් සමාජයේ (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත් කර තිබේ.

Read More

විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරේ ජුලි මසට සාපේක්ෂව අගෝස්තුවේදී සැලකිය යුතු ලෙස අඩුවීමක් පෙන්නුම් කරන බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Read More

මෙහිදී මාධ්‍ය වේදියා විකාර කථා කරන බවට මෙන්ම ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල් දෙවැනි පංතියට දමමින් කටයුතු කරන බව ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

මතභේදයට තුඩු දුන් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට ලබා ගත් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු බවට සඳහන් වූ විදුලි බිල තම පෞද්ගලික මුදලින් ගෙවා දැමූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවැසීය.

Read More

සමාජ මාධ්‍ය නීති දමා කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (2) පස්වරුවේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

මොවුන් පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබේ . මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර තිබේ .

Read More

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව අද (2) පස්වරුවේ දිනාගත් රිදී පදක්කම නීති විරෝධී ධාවනය හේතුවෛන් අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්‍ෂණික කමිටුව තීරණය කළේය.

Read More

ඉන්ධන මිල වැඩිවුවද පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමය අද (2දා) උදේ පැවති මාධය හමුවකදී කීවේය.

Read More

සපුගස්කන්ද පදිංචිව සිටි ප්‍රදීපා සිල්වා නම් (අවුරුදු 52) කාන්තාව අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය (01) දින නුවරඑළිය සඳතැන්න සද්ධර්ම විහාරභූමියේ නවතා තිබියදී සොයාගත් බව නුවරඑළියෙ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තීරණය කර තිබේ.

Read More

ඉදිරියෙදි සිදුකිරිමට නියමිත විදුලි ගාස්තු ඉහල දැමීම රජයේ ප්‍රතිපත්තිය රජය විසින් ම උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සදහන් කරයි.

Read More

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (2) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මේ අවස්ථාවට ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මැතිව් හින්සන් මහතා ද එක් විය.

Read More

සියඹලාපේ - දකුණ ප්‍රෙදේශයේ වගුරු බිමක තිබි හමුවු හිස හා අත්පා නැති නිරුවත් කන්තාවගේ ඝාතනයට සොයමින් සිටි ප්‍රධාන සැකකරු හා ඔහුගේ සගයා අද (02දා) පස්වරුවේ සපුගස්කන්ද පොලිස් ස්ථානයට පැමිණ භාර විය.

Read More

දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගියෙකු අද (02) දින හැටන් දුම්රිය ස්ථානය තුලදි මියගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.

Read More

අවුරුදු දහතුනක් වයසැති ලාබාල දැරියක් මවගේද කැමැත්ත ඇතිව බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ගැබිනියක බවට පත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට (3) දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඊයේ (01) නියම කළේය.

Read More

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන විද්‍යාතනය පිහිටුවීමට කුරුණෑගල ඉදිකර තිබෙන ටෙක්නො පාර්ක් (Techno Park) භුමිය හා ගොඩනැගිල්ල සුදුසුදැයි සොයා බලන ලෙසත්, ඒ පිළිබඳව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කාසල්රී හා මාවුස්සාකැලේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.

Read More

බස්නාහිර පළාත තුළ ධාවනය කරන සෑම බස් රථයක් මගින් ජනතාව ගෙවන මුදලට සරිලන ලෙස ටිකට්පතක් ඊයේ (01දා) සිට අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත් එසේ නොමැති වුවහොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් බස්නාහිරපළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

Read More

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්පෙති අලෙවි කරන පුද්ගලයකුව අද (01) පස්වරුවේ කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මාර්ග අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී ‘ඔන් ද ස්පොට්’රක්ෂණ ක්‍රමය මේ වනවිට බාධාවක්වී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දෙයි.

Read More

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

Read More

මෙරට කිරි අවශ්‍යතාවෙන් 60%ක් ආනයනය කරන අතර දේශීයව නිපදවනු ලබන්නේ සියයට 40%ක් පමණක් වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More

’’මේ රට ගොඩ නගන්න බාර දෙනවා කියලා ජනතාව කියනවා. නමුත් පෞද්ගලිකව මට පමණක් මේ රට ගොඩ නගන්න බෑ. ඒ සඳහා ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි මා හිතූ හිතූ දේ මවන්න. මම ආසියාවේ හොදම මොළයත් නෙමෙයි. මොළ හතකුත් මට නෑ. ඒ නිසා තනි පුද්ගලයකුට මේ රට ගොඩ නගන්න බෑ. ඒ නිසා සාමූහිකව විතරයි අපිටමේ රට ගොඩ නගන්න පුලුවන් වෙන්නේ’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.