saravita-anim2

2025 ජුලි මස 20 වන ඉරිදා

2025 ජුලි මස 20 වන ඉරිදා

Latest News - timelapse 3222 hours ago

LATEST

කටුබැද්ද ඩිෆෝවේ ඉන්ධන වංචාවක්

calendar_today 2023 ජුලි 13 - 09:10 remove_red_eye - 325  

කටුබැද්ද ලංගම ඩිපෝවෙන් බස් රථ වලට ඩීසල් ඉන්ධන කිරීමේදී සිදු වී ඇතැයි කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට විශේෂ කණ්ඩායමක් මඟින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙරට තුළ මේ වනවිට සරම්ප රෝගීන් 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත්, මිත්‍යා විශ්වාස පළ කරන ඇතැමි ආගමික කණ්ඩායම් විසින් දරුවන්ට සරම්ප එන්නත ලබා දීම වළක්වාලීම ඊට හේතුවී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

Read More

ගලෙන්බිඳුණුවැව පුද්ගලික මූල්‍ය ආයතනයක් මගින් ප්‍රදේශයේ ජනතාවගේ මුදල් වංචා කළ බවට පවසමින්එහි ගනුදෙනුකරුවෝ ඊයේ (11දා) ආයතනය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. ගනුදෙනුකරුවන්ගේ රුපියල් කෝටි 229කට ආසන්න මුදලක් වංචා කරමින් ආයතනය වසා හිමිකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව විරෝධතාකරුවෝ එහිදී පැවසූහ.

Read More

මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 05ක් තිබුණද, එයින් බදු ගෙවනු ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මෙරට සීමිත සමාගම් 105,000ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම්වල බදු ආදායමෙන් 82%ක් ‍ලැබෙනුයේ සමාගම් 382කින් බවද, ඒ මහතා පෙන්වා දුන්නේය.

Read More

ඉදිරියේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 53.3. ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ.චං මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අද (12) භාර දෙනු ලැබීය.මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යංශයේදී අද නිල වශයෙන් භාරදෙනු ලැබිණි.

Read More

ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

“අස්වැසුම” අභියාචනා 968,000 ක් සහ විරෝධතා 17,500 ක් සළකා බැලීමේ කටයුතු ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

Read More

ගාස්තු ගෙවීමකින් යුතුව හා තොරව ත්‍රි රෝද රථ අලංකරනය කර ගැනීමට අවශ්‍ය අමතර උපාංග සවි කර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසර දී තිබේ. මහජනතාවගෙන් ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ‌ගත් බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ’’ පඩු කරද ’’ (CRUDIA ZEYLANICA) ශාඛයක් , ගම්පහ උද්භිද උද්‍යානයේ ඉතා විශාල අයුරින් වැඩී ඇති ආකාරයක් දක්නට ඇති අතර මෙවන් ශාඛ පහක් පමණ ගම්පහ අවට පවතින බව උද්භිද උද්‍යාන නිලධාරිණියක් සදහන් කළාය.

Read More

මාර්තු 26 සිට අද දක්වා දින 108ක් රට තුල පොලිස්පතිවරයෙකු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට යළි පත් කිරීම නීති විරෝදී වීම මීට හේතුව බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටී.

Read More

අනුරාධපුර නගරය ආසන්නයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවයේ නිරත සංවර්ධන නිලධාරිනියකගේ සැමියාට පහර දී ත්‍රීරෝද රථයකින් ඔහුව පැහැර ගෙන ගිය පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (11දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙණියේ සීලරතන හිමි එම පන්සලට යන මාර්ගයක වැටී අපවත්ව සිටියදී අද (12දා) අළුයම සොයාගත් බව හතරලියද්ද පොලිසිය කියයි .

Read More

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් හොරොව්පොතාන ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය අලවිය හා එම ප්‍රදේශයට වෙනත් ප්‍රදේශ වලින් මත් ද්‍රව්‍ය රැගෙන ආ මහා මොලකරුගේ බිරිද සහ තවත් සැකකරුවෙකු අයිස් වර්ගයේ මත් කුඩු ග්‍රෑම් 16 ක් සහ ගංජා සමග අත් අඩංගුවට ගත් බව හොරෝවිපොතාන පොලිසිය කියයි.

Read More

2023/24 එළැඹෙන මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට වවුචර් පත් නිකුත් කිරීමට කටයුතු නොකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

අද උදෑසන 8.15 ට පමණ දෙහිවල ඕබන් පෙදෙස වෙරළට අඩි 8 කට වැඩිය දිග විශාල කිඹුලකු ගොඩ ගසා ඇතැයි ධීවර සංගම් ලේකම් කුමාර ගෝමස් මහතා කියා සිටී .

Read More

බටපොල බටදූව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළදී බීමත් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගොස් සිටියදී එම ගැටුමේ එක් පාර්ශවයක තිදෙනෙකු විසින් එල්ල කළ කඩු පහාරයකින් තරුණයකු ඝාතනය කොට දින දාහතක් සැගවී සිටි සැකකරුවන් තිදෙනා ඊයේ (11දා) රෑ බටපොළ මගවෙල ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.

Read More

ලෝක බැංකුව 2019 වසරේදී සිදුකරන ලද සමීක්ෂණයක් තුළින් ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇති බවත් ඒ හේතුවෙන් සුබසාධන ප්‍රතිලාභ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .

Read More

ඉන්දියාවේදී පැවැත්විමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ හී දී පැවති තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (11දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

රුපියල් ලක්ෂ තුනකට අධික සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව ගොනුකර තිබූ නඩුවකට අදාළව කරුණු විමසීම සදහා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබන 13 වැනිදා අධීකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර ඇත.

Read More

මහත් ආන්දෝලනයට තුඩු දුන් කෘඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස ඉවත් කිරීම සිදුවූයේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

Read More

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.

Read More

ඒ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතට රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.

Read More

රටේ ආර්ථික බංකොලොත්භාවට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඉවත්වීමට තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා සිටින මන්ත්‍රීවරු අටදෙනෙක් මධ්‍යම කාරක සභාව හමුවට ලබන 14 වැනිදා කැඳවීමට තීරණය කර තිබේ.

Read More

විල්පත්තුව මොරන්දන්වේලි ප්‍රදේශයෙදී හිස කලු දෑකැති මානා පක්ෂීන් මරා මස් පිණිස රැගෙන යමින් සිටි පුත්තලම නගරයේ ව්‍යාපාරිකයින් තිදෙනෙකු ඔවුන් සන්තකයේ තිබු බලපත්‍ර නොමැති ගිනි අවියක් සමග අත් අඩංගුවට ගත් බව එළුවන්කුලම වනජීවි කාර්යාල නිළධාරින් පවසයි.

Read More

සමූපකාර තොල වෙළඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මුලතිව් පොලිස්වසමේ අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළි වළක සඟවා තිබූ මෝටාර් උණ්ඩ සහ අත්බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඊයේ (10) සවස සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

Read More

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනකු , අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.