saravita-anim2

2025 ජුලි මස 20 වන ඉරිදා

2025 ජුලි මස 20 වන ඉරිදා

Latest News - timelapse 3184 hours ago

LATEST

බැංකු පනත සම්මතයි

calendar_today 2023 ජුලි 21 - 18:25 remove_red_eye - 368  

බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පෙ.ව. 10.30 සිට ප.ව. 4.45 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එකතු කර පනත් කෙටුම්පත සම්මත කරන ලදී.

සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය.

Read More

සෞදියේ සිට මෙරට සංචාරයකට පැමිණි යුවළකට බෙන්තොට ප්‍ර දේශයේදී සිදුකළා යැයි කියන පහරදීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුව ඇති බවත් අදාළ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ අංශවෙතට උපදෙස් දුන් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය කාර්යාලය පවසයි.

Read More

මේ දිනවල සිදුවන සෑම මරණයක්ම එන්නතකට හෝ නිර්වින්දන ඖෂධයකට සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, නිදහස් සෞඛ්‍ය සේවාවක් භුක්තිවිදින පිරිසක් ලෙස සත්‍ය තහවුරු කර ගැනීමකින් තොරව එය නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉල්ලා සිටී.

Read More

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Read More

බඩල්කුඹුර-මොණරාගල අතර ප්‍රදේශයකදි 21 දින උදේ 9.06ට සිදුවු බවට සැක කරන සුළු භු චලනයකින් ගම්මාන රැසක ජනතාවට තත්පර හතරක පමණ කාලයක් භුමියේ සෙලවීමක් දැනී තිබෙන බව මොණරාගල ආපදාකළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය,

Read More

තලවතුගොඩ වැලි පාර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකු ඊයේ (20 දා) රාත්‍රී වෙඩිතබා ඝාතනය කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ’’ අතුරුගිරියේ ලඩියා’’ නමැත්තාගේ ගෝලයෙකුගේ වැඩිමහල් සහෝදරයකු ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය පවසයි.

Read More

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි

Read More

ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි ලෝක නායකත්ව සමුළුවට හා කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කාම්බෝජය බලා පිටත්ව ගිය බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසයි.

Read More

රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වය ලබාගැනීමට, රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.

Read More

රන් මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු රුපියල් ලක්ෂ 40, කට ආසන්න රන් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

Read More

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

ආරම්භයේදී අපේක්ෂිත අරමුණෙන් 25% වත් ඉටුකර ගැනීමට නොහැකිවු බව සභාපතිවරයා පිළිගනී !! ICTA ආයතනයේ ආයතනයේ අවිධිමත් පරිපාලනය ඇතුළු දුර්වලතා රැසක් පිළිබඳ කෝප් කමිටුවේ අවධානය විසි වසරක් තුළ අත්හැර දැමූ ව්‍යාපෘති පිළිබඳ විමර්ෂණයක් වෙනත් ආයතනයකට වගකීම පවරන තෙක් කරගෙන ආ වැඩ කරගෙන යාමට කටයුතු කරන්න නිසි ප්‍රතිපත්තියකින් තොරව විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කොට අතරමග නතර කිරීම නිසා පසුගිය කාලයේ අහිමි වූ මුදල රු. බිලියන 20 -30 ක් විය හැකි බව අමාත්‍යාංශ ලේකම්

Read More

භාණ්ඩ 328ක ආනයන සීමා අද රාත්‍රියේ සිට මුදා හරින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.

Read More

සිය අමාත්‍යාංශය මගින් යෝජනා කළ ජල ගාස්තු වැඩිකිරීම සදහා කැබිනට් අනුමතිය හිමිවූ බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මුහුණ දෙන මූල්‍ය පීඩනය හමුවේ සියලු ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම සහතික කිරීමට මේ මොහොතේ මෙම දුෂ්කර තීරණය ගැනීමට‍ සිදු වූ බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ (19) පැවසීය.

Read More

මෙහිදී පැවති ඡන්ද විමසීමේදී මීට පක්ෂව ඡන්ද 66 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 24 ක් හිමි විය. මේ අනුව දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 42 කින් සම්මත විය.

Read More

පුද්ගලයකු මරණයට පත්වූ විටහදිසි මරණ පරීක්ෂකවරයා මෙතෙක් ලබා දුන් මරණ සහතිකය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක්ලබන සතියේ සිට ලබාදීමටඅධිකරණ අමාත්‍යංශය තීරණය කොට ඇති බව සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයපවසයි.

Read More

ජනපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ හෙලිකොප්ටර් යානා දෙකකින් පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර තිබේ.

Read More

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 වැනි දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එසේම උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

Read More

ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 31 කින් අඩු කළ බවත් ඒ අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක නව මිල රුපියල් 999 ක් බවත් එම ආයතනය පවසයි. මෙම නව මිල හෙට (21) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

Read More

ඇගැයීමකින් අනතුරුව ලබන මාසයේදී ඉන්ධන කෝටාව තවත් වැඩි කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අනාවරණය කරයි.

Read More

නීතිපතිවරයා ප්‍රමුඛ නව දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුගේ රක්ෂණකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අතර සාර්ථක සාකච්ඡා වටයක් පසුගිය ජූලි 18 සහ 19 යන දෙදින සිංගප්පූරුවේ දී පැවැත්විණි.

Read More

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර තිබේ.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (20) පැවසීය.

Read More

මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පාසල් පැමිණීමේ ප්‍රතිශතය 2023 වර්ෂයට පමණක් අදාළ ව 40% සේ සලකා කටයුතු කරන ලෙසත් පාසල් පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධ ගැටලු මත සිසුන්ට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටීමට ඇති අවස්ථාව අහිමි නොකරන ලෙසත් දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇත.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර වන එම කාලසීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

Read More

වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කර ගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අද (20) සමගි ජන බලවේගය කටයුතුකර තිබේ.

Read More

ඉතාම විද්‍යාත්මක සැලසුම් සහගත සමෘද්ධි ව්‍යාපාරය දුර්වල කිරීමට හා අඩපණ කිරීමට රජය කටයුතු නොකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.