නියමිත ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් රජයේ රෝහල්වල භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය තීරණය කර තිබේ.
මිගමුව, ඒත්තුකාල මුහුදු වෙරළේ දියනාමින් සිටි තරුණයන් තිදෙනකු මුහුදේ ගිලී අතුරුදහන් වී ඇති බව මීගමුව පොලීසිය පවසයි.
Read Moreකළුතර උතුර වස්කඩුව මුහුදේ අද (23) දහවල් දියනාමින් සිටියදී මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් බේරාගැනීමට මුහුදට පැන්න හෝටල් ජීවිත ආරක්ෂක නිළධාරියෙකු මුහුදේ ගිලී මියගොස් ඇති බවත් මුහුදේ ගහගෙන ගිය රුසියන් යුවලක් ඇතුළු සිව්දෙනෙකු බේරාගැනීමට ප්‍රදේශයේ තරුණ පිරිසක් සමත්ව ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි .
Read Moreමාර්ග බාධක පරික්ෂාවකදී කුඩු සනාගේ ගෝලයෙකු දමා දිව ගිය හෙරෝයින් පැකට් හැට දෙකක් ගෙදර ගෙනගොස් සිය නිවසේ මිදුලේ වල දමා තිබු බව කියන අඟුලාන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් කුඩු පැකට් හැටදෙකම සමග(22) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreඇල්ල දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ව්‍යාපත්වන ගින්නක් පාලනය කිරීමසදහා යුධහමුදාව පොලිසිය හා ආපදා කලමණකාරන ඒකකය කටයුතු කරමින් සිටියි.
Read Moreමහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරනවා අභිමානවත් ශිෂ්ටාචාරයකට හා ඉතිහාසයකට උරුමකම් කියන අප එය රටේ ඉදිරි ගමනට දායක කර ගත යුතුයි. අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන සහ ඊට ආවේණික නව නීති පද්ධතියක්. පැරණි පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අනුවම මහා විහාර විශ්වවිද්‍යාලයේ කටයුතු ආරම්භ කරනවා – ජනපති
Read More2030 වනවිට එළවළු බීජ ආනයනය සියයට 100කින්ම නැවැත්වීම ඉලක්ක කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දේශීය එළවළු බීජ නිෂ්පාදනය අරඹා තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනට එළවළු බීජ අවශ්‍යතාවයෙන් පතෝල සියයට 100ක්, මෑකරල් සියයට 93ක්, කරවිල සියයට 89ක්, වම්බටු සියයට 79ක්, බෝංචි සියයට 64ක්, බණ්ඩක්කා සියයට 61ක්, මාළු මිරිස් සියයට 44ක්, තක්කාලි සියයට 27ක්, රාබු සියයට 39ක් වශයෙන් බීජ නිෂ්පාදනය ආරම්භ කර තිබෙන බව කීය.
Read Moreඅමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ අද පෙරවරු 8.30 වන විට, ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක් සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402ක් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173ක් රජය සතුව පවතින බවයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වෙත්තලකේනි වත්තිරායන් මුහුදු ප්‍රදේශයේදී අද දින අළුයම (2023 ජුලි 23) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 165 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවේ ගෑස් අලවි කරන ලිට්‍රෝ හා ලාෆ් යන සමාගම් දෙකම ගෑස් සදහා පවතින මිල සූත්‍රයට අනුව එකම මිලකට සිය ගෑස් වෙළද පොළට නිකුත් කල යුතු බවත් එසේ නොකරන්නේ නම් ඉදිරියේදී එලෙස නොකරන ආයතන වලට එරෙහිව නිතිමය කටයුතු කිරීමට සිදු වන බවත් වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියහ.
Read Moreමහයියාව දුම්රිය ස්ථානය අසළ මහමග තැඹිලි අලෙවි කරමින් ප්‍රදර්ශනාත්මකව මත්පැන් පානය කරමින් සිටී අයෙකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් 10,000 ක දඩයක් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් නියම කළේය .
Read Moreකාන්තාවක විසින් බියගම යබරලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නේවාසිකාගාරයක කාමරයක් තුළ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි තරුණියන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.
Read Moreලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගෙන පැමිණෙමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 5 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. සිදුවූ අනතුරින් රියදුරු සහ සහායකයකු සුළු තුවාල ලබා ඇත.
Read Moreප්‍රසිද්ධ දුරකථන සමාගම් වල සම්ප්‍රේෂණ කුළුණු වල ඇති, විදුලි ජනක යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු දේපළ සොරකම් කර විකිණීමේ ජාවාරමක නිරත වූ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 4 දෙනෙකු සොරකම් කරන ලද රුපියල් කෝටියකට වැඩි විදුලි ජනක යන්ත්‍ර 4ක්, සහ ඒවා ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් සමග පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
Read More’’පෙදුජන පෙරමුණ කියන්නේ මේ රටේ අණ්ඩුහදන බලවේගයක්. අනිවාර්යයෙන්ම ඊළග ආණ්ඩුව හදන බලවේගය බවටත් පොදුජන පෙරමුණේ අපි පත්වෙනවා.’’
Read Moreඋපන්දින සාදයක් අතරතුළදී වව්නියාවේ නිවසකට සිදුකළ ගිනි තැබීමකින් කාන්තාවක් මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
Read Moreදිනක් තුළ ඇබිලිපිටිය හා අවට පෙදෙස් වල සහල් මිල රැපියල් 10/=වැඩි වි ඇති බව පාරිභෝගිකයන් පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000 ක මුදලක් ලබාදීමට නියමිත බවත්, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවැසීය.
Read Moreඉදිරියේදි පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදි කිසිදු පක්ෂයකට 50% ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.
Read Moreදිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreනැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.
Read Moreඅඟුරුවාතොට ප්‍රදේශයේ දී දින තුනකට පෙර අතුරුදහන් කර ඉතා අමානුෂිකව මරාදමා තිබූ සිඟිති දියණිය සහ මවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පලාගොස් තිබූ සැකකරු අද උදෑසන ඔහුගේ නිවස පිටුපස කැලෑවක සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.
Read Moreඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සිය සංචාරය නිමා කර අද ඊයේ (21දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreවිදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම වෙනුවෙන් සිය බිරිඳ විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාගෙන තිබූ බලපත්‍රය අවභාවිතා කරමින් මුදල් වංචාකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.07.19 දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රි ලාංකිකයින්ගේ තාක්ෂණික හැකියාව හා වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහලින් අගය කරන බවද ප්‍රකාශ කළහ.
Read Moreපුද්ගලික ව්‍යාපාර වලට අභියෝගයක් වන්නට මිල නියාමනය කිරීමේ ජනතාවාදී අවිය වන ලෙස සමුපකාරය වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ආරාධනාවක් සිදු කළේය.
Read Moreබැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පෙ.ව. 10.30 සිට ප.ව. 4.45 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එකතු කර පනත් කෙටුම්පත සම්මත කරන ලදී.
Read Moreසමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය.
Read Moreසෞදියේ සිට මෙරට සංචාරයකට පැමිණි යුවළකට බෙන්තොට ප්‍ර දේශයේදී සිදුකළා යැයි කියන පහරදීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුව ඇති බවත් අදාළ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ අංශවෙතට උපදෙස් දුන් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය කාර්යාලය පවසයි.
Read Moreමේ දිනවල සිදුවන සෑම මරණයක්ම එන්නතකට හෝ නිර්වින්දන ඖෂධයකට සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, නිදහස් සෞඛ්‍ය සේවාවක් භුක්තිවිදින පිරිසක් ලෙස සත්‍ය තහවුරු කර ගැනීමකින් තොරව එය නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉල්ලා සිටී.
Read More