ඉතාලියේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක් වංචාකිරීම සම්බන්දයෙන් ප්‍රසිද්ධ සහය නළුවෙකු අද (06) අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පසුගිය දා ඩුබායි හි පැවති ’’ ඇරේබියා කාගෝ එවෝඩ් ’’ (Arabia Cargo Awards ) අරාබි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්මාන උළෙලේ දී ’’ නැගී එන ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවය ’’ ට හිමි සම්මාන දිනා ගැනීමට සමත් වී ඇති බව 11/06 දින ශ්‍රී ලන්කන් ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටී .
Read Moreමධ්‍යම සහ ඌව පළාත් යා කරමින් දිවයිනේ දිර්ඝතම සංචාරක ඇවිදින මංපෙත ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත්දා හැටන් දික්ඔය වතු පාලකයන්ගේ සමාජ ශාලාවේදී පැවැත්විණ.
Read Moreපාලන මිලට සිනි අලෙවි කිරිමේදි කිලෝවකට රු 20 පාඩුවක් තමන්ට සිදු වන බවත්, ඒ අනුව තමන් සතුව තිබෙන සිනි තොග අවසන් විමෙන් අනතුරුව සිනි වෙලදාමෙන් ඉවත් වන බව හැටන් ප්‍රදේශයේ සිනි තොග සහ සිල්ලර මිලට අලෙවි කරන වෙලදුන් පවසති.
Read Moreජනතාවට ආඩම්බර විය හැකි රටක් ගොඩ නගන බවත් සතුටු දැයක් උදෙසා ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩ නැගීමට අලුතින් හිතිය යුතු බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවැසිය.
Read Moreදෙල්ගොඩ නාරංවල ප්‍රදේශයේ පාසැල් ශිෂ්‍යාවක් ඊයේ (05දා) සවස සිය නිවස තුළ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව මීගහවත්ත පොලිසිය පවසයි.
Read Moreපස්කන්දක් කඩාවැටී අද 6 අලුයම් කාලයේ වැලිමඩ බොරලන්ද හපුතලේ මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreආණ්ඩුව විසින් දුම්රිය සේවයට අවශ්‍ය උපකරණ හා උපාංග, පුහුණු සේවකයන් ලබා නොදෙමින් දුම්රිය ප්‍රමාද කිරිමට හා ගමන් වාර අවලංගු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරමින් තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreරුසියන් ජාතික යුවලක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක් ඇතුළු දේපල සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පවසයි .
Read Moreකොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල බත්ගොඩ දී අද පස්වරු 6. 00 ට පමණ පස්කන්දක් ගල් පර්වත හා ගස් සමග කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිරයි වී ඇති බවත් නිවාස පහක පදිංචිකරුවන් ඉවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ කේ ජේ ප්‍රියංගනී මහත්මිය පැවැසුවාය.
Read Moreව්‍යාජ තොරතුරු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80 ක් ලබා ගෙන තැරැව්කරුවෙකු විසින් කූඨ ලෙස සකස් කර දුන් ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කාන්තාවක සහ තරුණයෙකු 11/05 දින උදෑසන ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඅලුත්ගම කාලවිල පැණිබැඳීමුල්ල, දන්වත්තගොඩ ප්‍රදේශයේ නිවෙසක දී (4) පස්වරුවේ අඹුසැමියන් ලෙස ජීවත්ව සිටි සැමියා සිය බිරිඳ ඝාතනයකර ඇති අතර ඔහුගේ සිරුර ද නිවසේ වහලයේ එල්ලෙමින් තිබියදි සොයාගත් බව අලූත්ගම පොලිසිය කිය.
Read Moreකුලී ගමනක් යන මුවාවෙන් ත්‍රීරෝද රථයකට නැගි පුද්ගලයෙකු එහි රියදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට භිය ගන්වා ත්‍රිරෝද රථය කොල්ල කා පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.
Read Moreසීනි සඳහා අය කරන බද්ද වෙනස් කිරීම තුළ විශාල වංචාවක් සිදුවූ බවත් ශත 25ට තිබූ බද්ද රුපියල් 50ක් කළ බවත් එසේ බද්ද වැඩි කිරීමට පෙර මෙට්‍රික් ටොන් 22000ක් ශත 25 බද්දට වෙළෙඳපොළට නිකුත් කිරිම නිසා රජයට කෝටි 100ක බදු ආදායම පාඩු වී ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු 11/05 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreමොනරාගල පොලිස් වසමට අයත් ඉත්තෑකටුව ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් සිරුරට ගිනිඇවිලීමෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාරලබමින් සිටියදී අද (05දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල මාරාව ඉත්තෑකටුව පදිංචි බී.ආර් පුංචිමැණිකා (83) නැමති තිදරු මවකි.
Read Moreකුරුණෑගල ඓතිහාසික රාජධානියට අයත් බව කියන රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උසස් නිලධාරියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙකු ලෙසට උසස්වීමක් ලබාදී ඇති බව වාර්තාවේ.
Read Moreවිහාරමහා දේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
Read Moreමාතලේ දිස්ත්‍රික්කේ සරණක් නොමැති පාසල් ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඇතිකිරීම සඳහා මාතලේ වාරියපොල උගුරැස්ස වත්ත ප්‍රදේශයේ පවතින රුපියල් කෝටියක් පමණ වටිනා අංග සම්පූර්ණ නිවසක් සහිත පර්චස් 40 ක ඉඩමක් මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය වෙත පරිත්‍යාග කිරීමට ඩබ්ලිව් ජී පද්මලතා මහත්මිය ඇතුළු දූ දරුවන් කටයුතු කළේය.
Read Moreපාසල් දැරියක ලැගුම්හලකට කැටුව ගොස් අතවර කිරීම සම්බන්ධයෙන් බාලවස්කාර අයවලුන්ට කාමර කුලියට දුන් කළමනාකරු සහ ස්ත්‍රී දූෂණය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreඑළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreසිය පෙම්වතිය ලැගුම්හලකට කැටුව ගොස් එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් කාමරයක රදවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරිම සම්බන්ධයෙන් කළමනාකරු අත්අඩංගුවට ගත්බවත්, ප්‍රදේශයෙන් පලාගොස් සිටින පෙම්වතා සොයා පරීක්ෂණ සිදුකරන බවත් අගලවත්ත පොලිසිය පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වල නිරතව සිටි දුම්රිය නිලධාරීන් පිරිසක් මතට දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටි ගල්කුට්ටි කීපයක් හදිසියේ කඩා වැටීමෙන් ඊට යටවු බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ දුම්රිය නිලධාරීන් පස්දෙනෙකු ඊයේ (4) පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
Read Moreරටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැනුවත් කිරීමට ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ අතර, ඒ සදහා පත් කළ කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහතිකය අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කර තිබුණි. ICC හි එම ප්‍රතිචාරයට අමාත්‍යවරයා පවසා සිටියේ ‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීම’ ලෙස යි.
Read Moreක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ මේ වන විට පුද්ගලිකත්වය මතු වී ඇති බවත් මේ තත්ත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට පුද්ගලික වාදභේදවලින් තොරව නැවතත් නැගි සිටිය යුතු බවත් ඒ සඳහා හොද අවබෝධයක් ඇති ශූරයන්ට වීරයන්ට එම වගකීම බාර දී දේශපාලන ඇගිලිගැසීම්වලින් තොර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
Read Moreගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද කියා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ.
Read More